මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවු සිද්ධියෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් විමසීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඊයේ ( 06) පස්වරුවේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණයක නිරත වුණා. රෝහල වෙත පැමිණි අමාත්‍යතුමා තුවාල ලබා සිටින නිලධාරීන්ට සිදු කරන ප්‍රතිකාර සහ අවශ්‍ය පහසුකම් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සහ රෝහලේ කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කරන ලදී.

ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ට, විශේෂයෙන්ම අවදානමට ලක්වූ සහ ආන්තීකරණයට ලක්වූ කණ්ඩායම්වලට යුක්තියට ප්‍රවේශ වීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් සෑම වසරකම ජූලි මස 06 වැනි දින ‘ ශ්‍රී ලංකාවේ ජාතික නීති ආධාර දිනය’ ලෙස සැමරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව පළමු වරට සංවිධානය කරන ලද ජාතික නීති ආධාර දින සැමරුම් උළෙල "කිසිවෙකු අත් නොහරින යුක්තියට ප්‍රවේශයක් " යන්න තේමා කර ගනිමින් අග්‍රවිනිශ්චයකාර ප්රිති පද්මන් සුරසේන මහතාගේ සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.07.06 (ඊයේ) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
ප්‍රධාන දේශනය හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ, සරත් ජයමාන්න මහතා විසින් පවත්වන ලදී.
ජාතික නීති ආධාර දිනය ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් සමරු මුද්දරය හා මුල් දින කවරය එළි දැක්වීමද මෙහිදී සිදු විය.
එක්සත් ජාතීන්ගේසංවර්ධන අරමුදලේ මෙරට නියෝජිත අෂුෂා කුබෝටා, ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ සභාපති, ජනාධිපති නීතිඥ විවේකානන්දන් පුවිතරන්, එහි අධ්යක්ෂ ජනරාල් රුක්මන් ගමගේ යන මහත්ම මහත්මීන් අදහස් පළ කළ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනාධිකරණ සහ මහාධිකරණ විනිසුරුවරුන්, නීතිපති ජනාධිපති නීතිඥ, පාරින්ද රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත දොඩාවත්ත, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසුරිය, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව නියෝජනය කරමින් උසස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳව වු කාර්යාලය සහ පැවති රජයන් සම්බන්ධයෙන් ජනතාවට වේදනා පැවතියේ එවකට පැවති දේශපාලනය ඒ ආයතන මෙහෙය වු ආකාරය නිසයි.
අතුරුදහන් වු අයට යුක්තිය ඉටු කිරීමට මෙන්ම විමර්ශනවල අවසානයක් දැකිය යුතුයි.
අධිකරණ ඇමති පවසයි.
අධිකරණ සහ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පෙරවරුවේ (19) පැවති සිවිල් සංවිධාන නියෝජිතයින් සහ මහජන නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදීය.
එහිදි වැඩිදුරටත් අදහස් පළකළ අමාත්‍යතුමා “අපේ රජය බලයට ඇවිත් දැනට වසර එක හමාරක් වෙනවා. මම මීට වසරකට පෙර මෙම ස්ථානයට පැමිණි අවස්ථාවේත් අතුරුදහන් වු පුද්ගලයින් සම්බන්ධයෙන් කථා කරන්න සිදු වුණා. ඒ වන විට මේ අතුරුදහන් වු තැනැත්තන් සම්බන්ධයෙන් වු විමර්ශනය කිරීමේ යාන්ත්‍රණය බිඳ වැටිලා තිබුණේ. වසරක් තුළ අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳව වු කාර්යාලයට අවශ්‍ය බඳවා ගැනීම් සිදු කර ප්‍රතිපාදන වෙන් කළා. අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳව වු කාර්යාලය සහ පැවති රජයන් සම්බන්ධයෙන් ඔබට වේදනා තිබුණා. එවකට පැවති දේශපාලනය ඒ ආයතන මෙහෙය වු ආකාරය එයට හේතු වුණා. පැවති රජයන්ට දේශපාලනිකව අවශ්‍යතාවයක් පැවතියා නම් මේවා කරන්න තිබුණා. 2009 වසරේ යුද්ධය අවසන් වුණා . නමුත් අතුරුදහන් වු තැනැත්තන් සම්බන්ධයෙන් ගැටළු පවතිනවා කියන්නේ පෙර පැවති රජයන්ට මේ විමර්ශන අවසන් කිරීමේ අවශ්‍යතාවයක් තිබිලා නැහැ. තිස් වසරක යුද්ධය නිසාවෙන් උතුරත් දකුණත් ඇති වෙන්න ලේ කදුළු හෙලුවා. නැවතත් එවැනි තත්වයන් සිදු වෙන්න බැහැ. යළි යුද්ධයක් ඇති නොවන්න නම් සහජීවනය මිත්‍රත්වය ගොඩ නැගිය යුතුයි. අතුරුදහන් වු අයට යුක්තිය ඉටු කිරීමට මෙන්ම විමර්ශනවල අවසානයක් දැකිය යුතුයි. ඒ සම්බන්ධයෙන් වත්මන් රජයට දැඩි අවශ්‍යතාවයක් තිබෙනවා. මේ වන විට උතුරේ ඉඩම් නිදහස් කිරීමේ කටයුතු විධිමත්ව සිදු වෙනවා. මාර්ග විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා. තවදුරටත් දමිළ ජනතාවට දෙවන පුර වැසියෙක් කියලා හිතන්න දෙන්න බැහැ. උතුරේ ජනතාව තුළ විශ්වාසය ඇති කළ යුතුයි. ඒ වෙනුවෙන් අපි කැප වෙනවා. ජාතිවාදයෙන් ආගම්වාදයෙන් වර්ගවාදයෙන් විෂ වෙලා තියෙන පොළොවක් නිදහස් කරන එක පහසු නැහැ. ඒ වෙනුවෙන් රජය කැපවී කටයුතු කරන බවද අමාත්‍යතුමා සදහන් කළේය.
මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දුන් අමාත්‍යතුමා මෙසේ පැවසීය.
ත්‍රස්තවාදය වැළැත්වීමේ පනත අහෝසි කර ජනතාවාදී පනතක් ගේනවා. ඒක ගේන්නේ ඇත්තටම ත්‍රස්තවාදය වෙනුවෙන් මිස පුද්ගලයින් හෝ වෙනත් පාර්ශ්ව මර්දනයට නොවෙයි. තවත් මාස දෙකක් පමණ යන විට එය ඉදිරිපත් කරනවා.
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කේ. ඉලංකුමාරන්, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.තිලකනාදන්, කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් එස්.මුරලිදරන් අතුරුදහන් වු තැනැත්තන් පිළිබද වු කාර්යාලයේ සභාපති මහේෂ් කටුලන්ද යන මහත්වරුන් ඇතුළු එහි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන්, සහ අතුරුදහන් වු තැනැත්තන් පිළිබද වු කාර්යාලයේ ප්‍රාදේශිය සම්බන්ධිකාරක නිලධාරීන් සිවිල් සහ මහජන නියොජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සාකච්ඡාවට පැමිණ සිටි සිවිල් සහ මහජන නියෝජිතයින් අතුරුදහන් වු තැනැත්තන් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන සහ පැමිණිලි සම්බන්ධයෙන් පවතින ගැටළු ඉදිරිපත් කළ අතර ඒ සඳහා අමාත්‍යතුමා පිළිතුරු ලබා දෙන ලදී.

අතුරුදහන් වුවන් වෙනුවෙන් වඩා හොඳ වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා - අධිකරණ ඇමති පවසයි.
අධිකරණ සහ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ යාපනය සිවිල් සංවිධාන නියෝජිතයින් අතර සාකච්ඡාවක් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද පෙරවරුවේ (20) පැවැත්විණි.
එහිදී සාකච්ඡාවට පැමිණ සිටි සිවිල් සංවිධාන නියෝජිතයින් යුද සමයේ අතුරුදහන් වු පුද්ගලයින් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන සහ ඒ සම්බන්ධයෙන් පවතින ගැටළු ඉදිරිපත් කළ අතර ඒ සඳහා අමාත්‍යතුමා පිළිතුරු ලබා දෙන ලදී.
එහිදී අදහස් පළ කළ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
“අතුරුදහන් වු පුද්ගලයෙකු වෙනුවෙන් ලබා දෙන රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදල ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අතුරුදහන් වුවන්ගේ ඥාතීන් විශේෂ කොටසක් සේ සළකා මීට වඩා හොඳ වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටුව වන්දි පැකේජයක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් තිබෙනවා. අතුරුදන් පුද්ගලයින්ගේ ඥාතීන්ගේ ජීවිතය ගොඩනැගීම එහි අරමුණයි. පැමිණිලි විමර්ශනය කිරීමේ අරමුණ වන්දියක් ලබාදීම නොවෙයි. සිදු වුයේ කුමක්ද යන්න පිළිබදව සත්‍ය සොයා ගත යුතුයි. යුක්තිය ඉටු විය යුතුයි. එය කඩිනමින් විය යුතු බව වත්මන් රජයේ මතයයි. වත්මන් රජය බලයට පත් වන විට අතුරුදහන් වු තැනැත්තන්ගේ කාර්යාලයේ පැමිණිලි එකොළොස් දහසක් තිබුණා. ඒවා විසදීම වෙනුවෙන් විමර්ශන කමිටු පත් කිරීම වෙනුවෙන් විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් රුපියල් මිලියන 375 ක් වෙන් කළා. මේ වන විට පුද්ගලයින් 75 දෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටු 25 ක් ක්‍රියාත්මකයි. අද මෙම ස්ථානයට අතුරුදහන් වු තැනැත්තන්ගේ ඥාතීන් විශාල පිරිසක් පැමිණ තිබෙනවා. අතුරුදහන් වු තැනැත්තන් සම්බන්ධයෙන් වු වත්මන් රජයේ යාන්ත්‍රණය පිළිබදව පවතින විශ්වාසය ඉන් පැහැදිලි වෙනවා. 2009 වසරේ යුද්ධය අවසන් වෙලා තවමත් අතුරුදහන් වු තැනැත්තන්ගේ ප්‍රශ්න තිබෙනවා කියන්නේ පැවති රජයන් ඒවා විසදා නොමැති බවයි. අතුරුදහන් වු ඔබේ ඥාතියා සම්බන්ධයෙන් විවිධ කොමිෂන් සභාවට ආයතනවලට කිහිපවරක් පැමිණිලි කර තිබෙනවා.
ඔබගේ ඥාතීන් අතුරුදහන් වු අතීතය අමතක කරන්න කියන්නේ නැහැ. අලුතින් සිතමින් විශ්වාසය ගොඩ නගමින් ඉදිරියට යා යුතුයි. මේ රජය බලයට පැමිණියේ උතුරේත් දකුණේත් සියලු ජනතාවගේ සිත් දිනාගෙනයි. මේ ප්‍රශ්නවලට ස්ථිර අවසානයක් ලබා දිය යුතු බවද අමාත්‍යවරයා සදහන් කළේය.
ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන කේ. ඉලංකුමාරන්, ශ්‍රී භවනන්දරාජා, යාපනය අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ. ශිවකරන්, අතුරුදහන් වු තැනැත්තන් පිළිබද වු කාර්යාලයේ සභාපති මහේෂ් කටුලන්ද යන මහත්වරුන්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරින්, අතුරුදහන් වු තැනැත්තන් පිළිබදව වු කාර්යාලයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර, යාපනය නල්ලුර් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අද (20) පෙරවරුවේ පැවති අතුරුදහන් වු පුද්ගලයින් සම්බන්ධයෙන් පැමිණිලි විමර්ශනය කරනු ලබන ආකාරය නිීරීක්ෂණය කිරීමේ අවස්ථාවට ද අධිකරණ අමාත්‍යතුමා එක් විය.

චෙම්මිනි සමුහ සුසාන භුමියෙහි කැණිම් කටයුතු සාර්ථකව සිදු වෙනවා
මෙහි පරීක්ෂණ කටයුතු සිදු කර යුක්තිය සත්‍ය සොයා අවසානයක් ළගා කරන්න රජයට අවශ්‍යයි.
එහි කැණිම් කටයුතු නිරීක්ෂණය කරමින් අධිකරණ ඇමති පවසයි.
අරියාලෙයි සිත්තුපති චෙම්මිනි සමූහ සුසාන භූමියෙහි කැණිම් කටයුතු නිරීක්ෂණය කිරීම සදහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද ( 19) පස්වරුවේ එක්විය.
සමුහ සුසාන භූමියෙහි කැණිම් කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මෙසේ සදහන් කළේය.
චෙම්මිණි සමුහ සුසාන භූමියෙහි කැණිම් කටයුතු සාර්ථකව සිදු කෙරෙනවා. අතුරුදහන් වු පුද්ගලයින් සදහා වු කාර්යාලය සහාය ලබා නොදන බවට කරනු ලබන ප්‍රකාශ සම්පුර්ණයෙන්ම වෙනස්. ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය ලබාදී තිබෙනවා. එහි කැණිම් කටයුතු සිදු කරනු ලබන ආකාරය නිරීක්ෂණය කරනු ලැබුවා. මෙහි කැණිම් කටයුතු සම්බන්ධයෙන් අපි සෑහිමකට පත් වෙනවා.මෙහි කැණිම් කටයුතු වේගවත් කරනු ලබන ආකාරය පිළිබදව ගරු මහෙස්ත්‍රාත්තුමා සමඟත් විශේෂඥයින් සමඟත් සාකච්ඡා කළා. මෙහි පරීක්ෂණ කටයුතු සිදු කරලා යුක්තිය සත්‍ය හොයලා මෙහි අවසානයක් ළගා කරන්න රජයට අවශ්‍යයි.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් කුමාර සෝමදේව මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්ව විද්‍යාල පුරා විද්‍යා විද්‍යාර්ථින්, වෛද්‍යවරුන් ඇතුළු විශේෂඥයින් සමුහ සුසාන භූමියෙහි කැණිම් කටයුතු සිදු කරනු ලබයි.
සමුහ සුසාන භූමියෙහි කැණිම් කටයුතු අතුරුදහන් වු තැනැත්තන් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්න සඳහා ද අමාත්‍යතුමා පිළිතුරු ලබා දෙන ලදී.
යාපනය මහෙස්ත්‍රාත්තුමා, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන කේ. ඉලන්කුමාරන්, රජීවන් ජය චන්ද්‍රමුර්තී, කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් අතුරුදහන් වු තැනැත්තන් පිළිබද වු කාර්යාලයේ සභාපති මහේෂ් කටුලන්ද යන මහත්වරුන් අතුරුදහන් වු තැනැත්තන් පිළිබද වු කාර්යාලයේ නිලධාරීන්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් , නීතිඥවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

- ජුලි මස 01 දින සිට 05 වන දින දක්වා යෙදී ඇති රාජ්‍ය භාෂා සතියට සමගාමීව රජයේ කාර්යාලවල භාවිත වන පොදු ආකෘති පත්‍ර 23ක් භාෂාත්‍රයෙන්ම අන්තර්ජාලයට
- අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියොජිතයින් පිරිසක් අතර සාකච්ඡාවක් අද (22) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණ.
- හදිසි මරණ පරීක්ෂකවරුන් අල්ලස් ඉල්ලා සිටියහොත් වහාම දැනුම් දෙන්න.
- කෑගල්ල නව අධිකරණ සංකීර්ණයේ වැඩ කටයුතු කඩිනම් කරන්නැයි අධිකරණ ඇමතිගෙන් නිලධාරීන්ට උපදෙස්







