Accessibility Tools

moj logo

Open menu

දැක්ම

නිශ්චල දේපල සම්බන්ධයෙන්වු ණය ගනුදෙනු වලින් පීඩාවට පත්වු මහජනයාට ණය බරින් නිදහස් වීමට සහනදායී වැඩ පිළිවෙළක් සලසාදීම.

මෙහෙවර

උකස්කරයක්, පොරොන්දු සින්නක්කරයක් හෝ හුදෙක් ණය ගනුදෙනුවක් සඳහාම සින්නක්කර ඔප්පු සම්බන්ධව ගත් ණය මුදලක් සඳහා ඇපයට බැඳී ඇති කෘෂිකාර්මික හෝ ගේදොර ඉඩකඩම්ආදි වු නිශ්චල දේපලක් ණය සහනදායි අන්දමට වාරික මඟින් හා අඩු පොලී අනුපාතයට ගෙවා නිදහස් කරගැනීමට ණයකරුවන්ට අවශ්‍ය නීතිමය රැකවරණය හා සහන සලස්වාදීම.

 


අරමුණ

 

නිශ්චල දේපල සම්බන්ධයෙන් උකස්කර, පොරොන්දු සින්නක්කර හා හුදෙක් ණය ගනුදෙනුවක් සඳහාම ලියන ලද සින්නක්කර හා අනෙකුත් බැඳීම් කෙරෙහි ව අයවිය යුතු ණය පිළිබඳව සම්මුතිවලට පාර්ශවයන් පැමිණවීම.

1941 අංක 39 දරණ ණය සහනදායක  අඥාපනත යටතේ මෙම දෙපාර්තමේන්තුව පිහිටුවා ඇත. මෙම මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය මඟින් මුදල් හිමියන් විසින් අත්තනෝමතික ලෙස ණය ගැතියන් ගසාකනු ලැබීමට ඇති ඉඩකඩ අසුරනු ලබයි, මණ්ඩලයේ මුලික පරමාර්ථය මෙය වුවද එමඟින් ණය හිමියන්ටද අසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබයි. උකස් ඔප්පු පිට හා පොරොන්දු සින්නක්කර ඔප්පු පිට බැඳී ඇති නිශ්චල දේපල පිළිබඳව ණය කරුට පහසු වන්නා වුත් ණය හිමි පිළිගනු ලබන්නා වුත් කොන්දේසි මත එම දේපල බේරා ගැනිමට උපකාර කිරීම මෙම මණ්ඩලයේ පරමාර්ථයයි. මෙම මණ්ඩලයට ඉදිරිපත් කරනු ලබන අයදුම්පත්‍ර සඳහා කිසිම ගාස්තුවක් අය නොකෙරෙන අතර මණ්ඩලයේ කටයුතු මුද්දර ගාස්තුවලින් තොරව ඉටුකරනු ලැබේ. ගැසට් හා නෙතිසි ගාස්තු වශයෙන් අයකරනු ලබන්නේ ඉතා සුළු මුදලක් වන බැවින් ණය බරින් මිරිකී සිටින ජනතාවට මෙමඟින් ලැබී ඇති සේවය අති විශාලය. එසේම තමා වෙනුවෙන් මණ්ඩලය ඉදිරියේ නීතිඥයින් ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවන බැවින් එයින් මහජනතාවට සිදුවන සේවය ඉමහත්ය.

මෙම මණ්ඩලය අමාත්‍යවරයා පත් කරනු ලබන සමාජිකයන් 05 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඉන් එක් සමාජිකයෙකු මණ්ඩලයේ සභාපති ලෙස අමාත්‍යවරයා විසින් පත්කරනු ලබයි. මෙම මණ්ඩලයේ රාජකාරී කටයුතු සාමාන්‍ය අධිකරණයක පවත්නා ස්වරූපයට වඩා වෙනස් ස්වරූපයක් ගනී. මණ්ඩලය ඉදිරියේදි එළඹෙන ගිවිසුම් පාර්ශවකරුවන් ඔවුනොවුන් කැමැත්තෙන් එළ‍ඹෙන ගිවිසුම් මිස ණය සහන දායක මණ්ඩලයේ විධාන ක්‍රියාත්මක කිරීමක් නොවෙයි. එසේ වුවද අසාධාරණ පොලී ප්‍රමාණයන් අඩු කිරිමටද මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලබන සාධාරණ යෝජනා ණය හිමියන් විසින් පිළිනොගන්නේ නම් ඒ සම්බන්ධයෙන් ආඥාපනත යටතේ ණය කරුවන්ට සහතිකයක් නිකුත් කිරීමටද මණ්ඩලයට බලතල ඇත. එසේම ණයහිමි පාර්ශවය අවසාන විභාගය සඳහා නිකුත් කල නොතීසිය පරිදි විභාගයට නොපැමිණිය හොත් ඒක පාක්ෂික නඩු විභාගයකින් අනතුරුව ණයකරු වෙත සහතිකයක් නිකුත් කරනු ලබයි.

එසේ වුවද, එම ක්‍රියාමාර්ග ගනු ලබන්නේ, ලියාපදිංචි තැපෑලෙන් සහ ග්‍රාම නිලධාරි මඟින් අවස්ථාවෝචිත පරිදි ණය හිමි වෙත දැනුම්දී ණය හිමි පාර්ශවය හිතාමතාම විභාගයට පැමිණීම පැහැර හරින්නේ යයි මණ්ඩලයට නිශ්චිත ලෙස එත්තු ගියහොත් පමණි. මෙබඳු අවස්ථාවකදී එවැනි සහතිකයක් නිකුත් කිරීමෙන් ඇතිවන වාසිය ණයකරු සතුවේ. වෙනත් අධිකරණයක මේ පිළිබඳ විභාගයක් පැවැත්වෙන අවස්ථාවකදී මෙම සහතිකය එම අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුව හොත් ණය මුදල් බේරුම් කිරීම සඳහා අවුරුදු 10ක උපරිමයකට යටත්ව කාල සීමාවක් ලබාදීමටත් පොළිය අවම අනුපාතය දක්වා අඩු කිරීමෙන් නඩු ගාස්තු කිසිවක් ණයකරුගෙන් අයකර නොගැනීමටත් ණය සහනදායක අඥාපනත යටතේ අධිකරණයට බලතල ලබා දී ඇත.

ලේකම්,
ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුව
අංක 35ඒ,
ආචාර්ය එන්. එම්. පෙරේරා මාවත,
කොළඹ 08.
 ලේකම් : +94 112 697 910
 කාර්යාලය : +94 112 697 911
 +94 112 334 816
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

   View & Download
 ණය සහනදායක ආඥාපනත යටතේ සහන ලබා ගැනීමේ ඉල්ලුම්පත  PDF
 ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කිරීමට උපදෙස්  PDF
 ණය සහනදායක මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය  PDF
FaLang translation system by Faboba

කතුහිමිකම © 2026 අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

China 35.7% China
Sri Lanka 34.8% Sri Lanka
Singapore 14.0% Singapore
United States of America 6.9% United States of America
Viet Nam 2.5% Viet Nam

Total:

109

Countries
045093
Today: 53
This Week: 2,844
This Month: 43,357
This Year: 45,038

Last Modified:
08 January 2026