Accessibility Tools

moj logo

Open menu

නීති විද්‍යාලය

ශ්‍රී ලංකා නීතිඥ මඩුල්ලට තමන්ගේ නම ඇතුලත් කර ගැනීමට කැමති අයවලුන් හට පවත්වනු ලබන නීති අධ්‍යපනය පාලනය කිරීම සඳහා 1900 අංක 02 දරණ සංස්ථාගත නීති අධ්‍යපන සභා පනත ප්‍රකාරව ශ්‍රී ලංකා නීති විද්‍යාලය ක්‍රියා කරනු ලබයි. සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සභාපතිත්වය ගරු අගවිනිසුරු තුමා විසින් හොබවන අතර ගරු නීතිපතිතුමා, ගරු සොලිසිටර් ජනරාල්තුමා හා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමා හා අගවිනිසුරුතුමා විසින් නම් කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුගෙන්ද, ගරු අධිකරණ අමාත්‍යතුමා විසින් පත් කරනු ලබන සාමාජිකයන් හය දෙනෙකුගෙන් හා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් දෙදෙනෙකුගෙන් සභාව සමන්විත වෙයි.

නීති විද්‍යාලය වසර 3 ½ ක පාඨමාලාවක් පවත්වන අතර එක් එක් වසර අවසානයේ පරීක්ෂණ තුනක්, එනම් ප්‍රථම, මධ්‍යම හා අවසාන වසර සඳහා පරීක්ෂණ පවත්වනු ලබයි. එම විභාග සමත්වන අපේක්ෂකයින් නීතිඥයන් ලෙස දිවුරුම් දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලුම් කිරීමට පෙර අවුරුදු 08ක අවම පළපුරුද්ද සහිත ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු යටතේ මාස 06ක ආධුනික කාලයක් ගත කිරීම අවශ්‍ය වෙයි.

මෙම ආයතනය ස්වයං මූල්‍ය සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වේ. එසේම බාහිර කථිකාචාර්යවරුන් ලෙස නීතිඥ වෘත්තියේ යෙදෙන හා සමාගම්වල සේවයේ නියුතු අය බඳවා ගැනේ. ඔවුන් ජනාධිපති නීතිඥවරුන් හෝ පළපුරුදු නීතිඥවරුන් වේ.

 අංක. 244 අලුත්කඩේ වීදිය,
තැ.පෙ. 1501,
කොළඹ 12.
 +94 112 473 119/ 323759
 +94 112 385 847

ශ්‍රි ලංකා නීති විද්‍යාලයීය වෙබ් අඩවිය පිවිසෙන්න

FaLang translation system by Faboba

කතුහිමිකම © 2026 අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

China 35.7% China
Sri Lanka 34.7% Sri Lanka
Singapore 14.1% Singapore
United States of America 6.9% United States of America
Viet Nam 2.5% Viet Nam

Total:

109

Countries
045067
Today: 27
This Week: 2,818
This Month: 43,331
This Year: 45,012

Last Modified:
08 January 2026