Accessibility Tools

moj logo

Open menu

ශ්‍රි ලංකා අධිකරණ පද්ධතියේ ඉහළම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයයි. අග්‍රවිනිශ්චයකාරතුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් 11 දෙනා අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරනු ලබන අතර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලැබෙන සියළුම ඉල්ලුම්පත්‍ර එම අධිකරණය විසින් විභාග කරනු ලබයි.

ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පහත කරුණු සම්බන්ධයෙන් බලය ලබාදෙයි.

  • මූලික අයිතිවාසිකම් සම්බන්ධ අධිකරණ බලය
  • අවසාන අභියාචනා අධිකරණ බලය
  • උපදේශක අධිකරණ බලය
  • මැතිවරණ පෙත්සම් (ජනාධිපතිවරණ) සම්බන්ධ අධිකරණ බලය
  • කවරම ආකාරයක හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීම පිළිබඳ අධිකරණ බලය
  • පාර්ලිමේන්තුව විසින් නිතියෙන් නියම කරනු ලැබිය හැකි වෙනත් කාරණවක් පිළිබඳ අධිකරණ බලය

ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ටාර් කාර්යාලය ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු සඳහා සහාය දක්වන අතර ඒ සඳහා අධිකරණ අමාත්‍යාංශයේ 234 ශීර්ෂය යටතේ ප්‍රතිපාදන සපයයි. ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලයේ කාර්යයන් පහත පරිදි වේ.

  • ශ්‍රේෂ්ඨාධිකරණයේ වාර්තා තබා ගැනීම.
  • ශ්‍රේෂ්ඨාධිකරණයේ රැස්වීම් පිළියෙල කිරීම සහ ඉල්ලීම් දින ගත කිරීම.
  • අධිකරණ නියෝගයන්ට සහ නඩු තීන්දුවලට අනුකූලව ප්‍රකාශ වාර්තා ගත කිරීම.
  • ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරුන් බඳවා ගැනීම.
  • අභියාචනා අධිකරණයෙන් ලැබෙන අභියාචනා නඩුවල පිටපත් සකස් කිරීම නඩු ගාස්තු තක්සේරු කිරීම.

නිතිඥ එම්.එම්. ජයසේකර මිය
 +94 112 435 446

ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙබ් අඩවියට පිවිසෙන්න

FaLang translation system by Faboba

කතුහිමිකම © 2026 අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

China 35.7% China
Sri Lanka 34.7% Sri Lanka
Singapore 14.1% Singapore
United States of America 6.9% United States of America
Viet Nam 2.5% Viet Nam

Total:

109

Countries
045068
Today: 28
This Week: 2,819
This Month: 43,332
This Year: 45,013

Last Modified:
08 January 2026