බන්ධනාගාරගත කාන්තා රැඳවියන්ගේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය වෙනුවෙන් ජාතික සමඟිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ (4) තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී සිදු විය.
ජාතික සමඟිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මුල් ළමා විය සංවර්ධනය පිළිබද ජාතික ලේකම් කාර්යාලය, ශ්‍රී ජයවර්ධනපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන මඟින් පෙර පාසැල් ගුරුවරුන් 15 දෙනෙකු පුහුණු කිරීමට නියමිත අතර, මුලික පියවර ලෙස වැලිකඩ බන්ධනාගාරයේ සිටින කාන්තා රැඳවියන්ගේ වයස අවුරුදු 5 ට අඩු දරුවන් වෙනුවෙන් එම බන්ධනාගාර පරිශ්‍රය තුළ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සිදු කරනු ලබයි.
ජාතික සමගිය හා ප්රතිසන්ධානය සදහා වු කාර්යාලයේ සභාපති විජිත් රොහාන් ප්‍රනාන්දු, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර, බන්ධනාගාර කොමසාරිස් එස්.කේ.පල්ලෙතැන්න, කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන, තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් සුගත් සිසිර කුමාර යන මහත්වරුන් මුල් ළමා විය සංවර්ධන නිලධාරීන් සහ පෙර පාසැල් ගුරුවරුන් සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

පානදුර අධිකරණයේ පවතින ගැටළු සම්බන්ධයෙන් සොයා බලා විසඳුම් ලබාදීම සදහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා එම අධිකරණ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක අද (03) පෙරවරුවේ නිරත විය.
පානදුර අධිකරණ සංකීර්ණය පවතින්නේ 1929 වසරේ ඉදි කරන ලද ගොඩනැගිල්ලක වන අතර, එහි පෞරාණික වටිනාකම් ආරක්ෂා වන පරිදි ප්‍රතිසංස්කරණය කිරීම, අධිකරණය වටා ඇති තාප්පය සුදුසු පරිදි සකස් කිරීම, නීතිඥ මහත්ම මහත්මීන්ට සහ අධිකරණයේ සේවාවන් ලබා ගැනීමට පැමිණෙන ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවේදී සාකච්ඡා විණි.
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ, නිලන්ති කොට්ටහච්චි, පානදුර නීතිඥ සංගමයේ සභාපති, නිතීඥ ශෙවොන් ගුණරත්න, එහි ලේකම් නීතිඥ නිල්රුවන් කුලසුරිය, නීතිඥ සුගත් හදුන්ගේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් (ඉංජිනේරු) එස්. ඒ .කේ. සුභසිංහ යන මහත්ම මහත්මීන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ඉංජිනේරු අංශයේ උසස් නිලධාරීන් සහ නීතිඥවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙරට සංචාරයක නිතර එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ විධායක මණ්ඩලයේ සභාපති Rein Tammsaar (Estonia) මහතා ඇතුළු එම අරමුදලේ විධායක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ළමුන් සම්බන්ධයෙන් පවතින නීති, වීඩියෝ තාක්ෂණ ඔස්සේ ළමුන්ට සාක්ෂි ලබාදීමේ පහසුකම්, ළමා සහ යෞවන ආඥා පනත, ළමුන් සම්බන්ධයෙන් පවතින නඩු කඩින්ම කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය.
අධිකරණයේ විභාගවන නඩු කටයුතු වලදී දරුවන්ගෙන් සාක්ෂි ළබා ගැනීමේදී විඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දීමේ හැකියාව අපරාධ නීති විධිවිධාන සංග්‍රහයේ සංශෝධනය අනුව සකස් කර ඇති අතර එම ක්‍රියාවලිය පිළිබඳ ද විනිසුරුවරුන් දැනුවත් කිරීම් සිදු කර ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව මෙහිදි අමාත්‍යවරයා කියා සිටියේය.
ළමුන් සම්බන්ධයෙන් පවතින නීති පිළිබඳව විනිසුරු පුහුණු ආයතනය දැනුවත් කිරීම සහ ශ්‍රි ලංකා නීති විද්‍යාලයේ විෂය මාලාව සඳහා ළමුන් සම්බන්ධ නීති ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු බව අමාත්‍යතුමා මෙහිදී සදහන් කළේය.
වීඩියෝ තාක්ෂණ ඔස්සේ ළමුන්ට සාක්ෂි ලබාදීමේ කාමර පහසුකම් මේ වන විට මහනුවර අධිකරණයේ ස්ථාපිත කර ඇති අතර අනෙකුත් අධිකරණ සඳහා එම පහසුකම් ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡාවේදී අවධානය යොමු විණි.
නඩු ප්‍රමාදය සම්බන්ධයෙන් සාකච්ඡාවේදී අවධානය යොමු වු අතර නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අධිකරණ පද්ධතියට අදාළ ආයතනවල පවතින පුරප්පාඩු ඒ සඳහා ප්‍රධාන හේතුවක් බවත් ඊට විසඳුම් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ විධායක මණ්ඩලයේ උප සභාපතිවරුන් වන , Sophia Tesfamariam (Eritrea), Anna Jóhannsdóttir (Iceland), Alejandra Hernandez Gonzalez (Dominican Republic), Claudio Silvio Nardi (Liechtenstein), විධායක ලේකම් කාර්යාලයේ ලේකම්, Andres Franco, විධායක මණ්ඩල ලේකම් කාර්යාලයේ කර්තෘ සහ උපාය මාර්ගික විශේෂඥ Natalie Leston යන මහත්ම මහත්මීන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (29) දින බත්තරමුල්ලේ පිහිටි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේදී පැවැත්විණ.
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය සහ මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය.
දිගින් දිගටම සිදුවන රස පරීක්ෂක වාර්ථා ලබා දීමේදී සිදුවන ප්‍රමාදය අවම කර ගැනීම සඳහා අවශ්‍ය වන නව කාර්ය මණ්ඩල පුරප්පාඩු පිළිබඳව මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කල අතර මේ වන විටත් අවශ්‍ය බදවා ගැනීම් සඳහා සිදු කල යුතු මූලික වැඩ කටයුතු අවසන් වී ඇති අතර නව බඳවා ගැනීම් සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු කඩිනමින් සිදු කරන ලෙස නිලධාරීන් වෙත උපදෙස් ලබා දීම මෙහිදී සිදුවූ අතර සාකච්ඡාවෙන් පසුව රස පරීක්ෂක දෙපාර්තමේන්තු පරිශ්‍රයේ කන්ටේනර් පෙට්ටි ආධාරයෙන් අළුතින් සකස් කරමින් පවතින කාර්යාල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා අමාත්‍යතුමන් සහභාගී විය.
රජයේ රස පරීක්ෂක (රාජකාරී ආවරණ) ඒම්.ඒ.කේ.කේ.පී. පෙරේරා මහත්මිය, අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

- විධිමත් ප්‍රවාහන පද්ධතියක් ඉදිරියේදී මොරටුවේ ඇති කරනවා.
- මොරටුවේ ප්‍රවාහන හා මහා මාර්ග ගැටළු වලට විසදුම් ලබා දෙනවා.
ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
මොරටුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පවතින ප්‍රවාහන හා මහා මාර්ග ගැටළු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ සහභාගිත්වයෙන් මොරටුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී ඊයේ (26) පස්වරුවේ පැවැත්විණි.
ප්‍රවාහන හා මහා මාර්ග සම්බන්ධයෙන් පවතින ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍ය නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් එම අවස්ථාවේදීම විසඳුම් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලදී.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කරන ලද ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මොරටුවේ විසදීමට නොහැකි ප්‍රවාහන ගැටළු පැවතුණා. ඒ ගැටළු සම්බන්ධයෙන් සංවර්ධන කමිටුවේ විවිධ අවස්ථාවට සාකච්ඡා වුණා. ප්‍රවාහන හා මහා මාර්ග සම්බන්ධ නොවිසදුනු ගැටළු පිළිබඳ විධිමත් සාකච්ඡාවක් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යතුමාගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලැබුවා. එහිදී පැවති ගැටළු 18 ක් සම්බන්ධයෙන් සාකච්ඡා වු අතර, ඒ හැම ගැටළුවකටම සාධණීය විසදුම් ලබා ගැනීමට හැකි වුණා. 2028 වසරේදී මොරටුවේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් මෙට්‍රෝ බස් විදුලි දුම්රිය, දුම්රිය මාර්ග ඇතුළු ඉදි කිරීම් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා වුණා. ඉතා දියුණු ප්‍රවාහන පද්ධතියක් මොරටුවේ ඇති කිරීම සම්බන්ධයෙන් විධිමත් සාකච්ඡාවක් සිදු කළ බවද අමාත්‍යතුමා සදහන් කළේය.
මොරටුව ඉදි කිරීමට යෝජිත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වර්තමාන තත්වය, මොරටුව නව ගාලු පාර හා මැද පාර අතුරු මාර්ග වැසි ජලයෙන් යටවීම, රාවතාවත්ත වට රවුමේ සිට කොස්පැලෑන පාලම දක්වා මාර්ගය පුළුල් කිරීම, පුවක් අරඹ හංදියේ සිට පහළ ඉදිබැද්ද දක්වා කිලෝමීටර් දෙකක් පමණ මාර්ගය සංවර්ධනය කිරීම, බෙලෙක් කඩේ හංදියේ සිට අඟුලාන හරහා මොරටුව දක්වා බස් රථයක් ධාවනය කිරීමේදී පවතින අවහිරතා ඉවත් කිරීම, ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත්ව තිබු කටුබැද්ද අක්කර 13 ක ඉඩම නිරවුල්කර මොරටුව නගර සංවර්ධනයට යොදා ගැනීම, පිළියන්දල කටුබැද්ද 255 බස් මාර්ගයේ බෝධිරාජ විද්‍යාලය අසළ මාර්ග බාධක යෙදවීම, ඉදිබැද්ද බස් නැවතුම්පොල ඉදි කිරීම සඳහා ඉඩමක් ලබා ගැනීම, ගාලු පාරේ මැද දුපතේ ආරක්ෂිත වැට විධිමත්ව සකස් කිරීම, අඟුලාන, එගොඩ උයන, මොරටුව, ලුනාව සහ කොරලවැල්ල දුම්රිය ස්ථාන අලංකාරවත්ව හා පිරිසිදුව තබා ගැනීම, කල්දෙමුල්ල සී.පී ද සිල්වා මාවතේ ජලනල එළිම වෙනුවෙන් මාර්ගය කැඩීම සිදු කර ඇති බැවින් එය කඩිනමින් යථා තත්වයට පත් කිරීම, මොරටුව ප්‍රධාන බස් නැවතුම් පෙළ විධිමත්ව සංවර්ධනය කිරීම, මාර්ග සංවර්ධන අධිකාරිය සතු මාර්ග පද්ධතියේ පවතින බෝක්කු නිසි පරිදි සකස් කිරීම හා මොරටුව බස් නැවතුම් පොළ පරිශ්‍රයේ හිමිකාරිත්වය යන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවේදී අවධානය යොමු විය.
මේ අතර මාර්ග කිහිපයක බස් රථ ධාවනය කිරීම කෙරෙහිද සාකච්ඡා වු අතර, ඒ අනුව බොරුපන එගොඩහේන ලක්සිරි පුර ගල්කිස්ස දක්වා බස් රථය ධාවනයේ යෙදවීම, කල්දෙමුල්ල සිට මොරටුව දක්වා පාසල් බස් රථයක් ලබාදීම සහ විල්ලෝරාවත්ත සිට මොරටුව දක්වා පෙර තිබු බස් රථය ලබාදීම පිළිබඳව අවධානය යොමු විණි.
මොරටුව නව අධිකරණ සංකීර්ණය ඉදි කිරීම සඳහා වෙන් කර ඇති ඉඩම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වු අතර, නව අධිකරණ සංකීර්ණය ඉදි කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
මොරටුව මහ නගර සභාවේ නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දු, මොරටුව ප්‍රාදේශිය ලේකම්, සමන් ප්‍රසන්න කිරිවත්තුඩුව යන මහත්වරුන් නාගරික මන්ත්‍රිවරුන්, නාගරික සංවර්ධන අධිකාරිය, පළාත් ප්‍රවාහන හා මාර්ග සංවර්ධන අධිකාරිය, මොරටුව මහ නගර සභාව, මොරටුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් උසස් නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

- රත්නපුර අධිකරණයේ ඇති ගැටළු පිළිබඳව අධිකරණ ඇමතිගේ අවධානය
- ගාල්ල බෙලිගහ හංදිය නව අධිකරණ සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (2026.04.23)පෙරවරුවේ එක්විය.
- අලුත් අවුරුද්දේ සියලුම ප්‍රශ්ණ, ගැටළු විසදා ගැනීමට අවස්ථාව ලැබෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. - අධිකරණ ඇමති පවසයි
- කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවීම සඳහා අධිකරණ අමාත්‍යාංශය කළමනාකරණ තොරතුරු පද්ධතියක් (MIS) හඳුන්වා දෙයි







