හැඳින්වීම
1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත මඟින් සමථ මණ්ඩල කොමිෂන් සභාව පිහිටුවන ලදී. ඒ යටතේ ශ්‍රිලංකාවේ සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයක් සඳහාම සමථ මණ්ඩල පිහිටුවීම ආරම්භ කරන ලදි. මෙය අධිකරණ ක්‍රියාවලිය පහසු කරලීමේ අරමුණින් ආරවුල් විසඳීමේ විකල්ප ක්‍රමවේදයක් ලෙස අධිකරණ වෙත ඉදිරිපත් වන ආරවුල් වලින් සුළු ආරවුල් විසඳාලීම උදෙසා සකස් කරන ලද ඉතා වටිනා වැඩපිළිවෙලක් ලෙස හඳුන්වා දිය හැකිය. මේ වන විට ශ්‍රි ලංකාව පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 329ක පිහිටුවා ඇති සමථ මූල මණ්ඩලවලසමථකරුවන් 8,266 ක පමණ පිරිසක් ස්වේච්ඡාවෙන් සේවය කරනු ලබයි.
සමථ මණ්ඩල කොමිෂන් සභාව සාමාජිකයින් 05 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඔවුන් පත්කිරීමේ බලය අතිගරු ජනාධිපතිතුමා සතුවෙයි. පනතේ සඳහන් පරිදි සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සාමාජිකයින් පස්දෙනාගෙන් තිදෙනෙකු උපරිමාධිකරණවල විශ්‍රාමික විනිශ්චයකාරවරුන් විය යුතුය. සමථ මණ්ඩල කොමිෂන් සභාව විසින් සමථකාරවරුන් පත් කිරීම, මාරු කිරීම හා ඔවුන්ගේ විනය පාලනය වැනි සමථ මුල මණ්ඩලවලට අදාල පරිපාලනමය කටයුතු සිදුකරනු ලබයි.
සමථකරණ ක්‍රියාවලිය මඟින් පාර්ශවකරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් අතර ඇතිවන ආරවුල් විසඳා ගැනීම සඳහා තුන්වන පාර්ශවයක් ලෙස සමථකරුවන් කටයුතු කරනු ලබයි. සමථ මුලමණ්ඩල වලට ලැබෙන අරවුල් ප්‍රමාණය මත සමථ මූල මණ්ඩල වල කාර්යක්ෂමතාවය මනිනු ලබයි.
තමන්ගේ ගැටළු විසඳීමට පහසු හා අඩු වියදම් යාන්ත්‍රණයක් ලෙස ප්‍රජාව විසින් සමථකරණය පිළිගැනීමෙන් පසු ප්‍රජාව සමථකරණය දෙසට යොමු විම ඉහළ ගොස් ඇත. එමනිසා සෑම වසරකදීම ලක්ෂයකට අධික ආරවුල් ප්‍රමාණයක් සමථ මණ්ඩල වෙතට යොමු වේ.
more detail click website: http://mediation.gov.lk/
2016 ජනවාරි 01 සිට සැප්තැම්බර් දක්වා ප්‍රගතිය
| විස්තරය | ආරවුල් සංඛ්‍යාව |
| සමථකරණය සඳහා යොමුකල ආරවුල් | 115,780 |
| සමථයකට පත් කරන ලද ආරවුල් | 46,443 |
| සමථයකට පත් කළ ආරවුල් ප්‍රතිශතය | 40% |
2016.01.01 සිට 2016.09.30 දක්වා පළාත් මට්ටමින් ලද ආරවුල්

විශේෂ ඉඩම් සමථකරණය මණ්ඩල
- යාපනය
- කිලිනොච්චිය
- මඩකලපුව
- ත්‍රිකුණාමලය
- අනුරාධපුරය
ප්‍රධාන පරමාර්ථය
සමථකරණ ක්‍රියාවලිය මගින් ආරවුල් මැදිව සිටින පාර්ශ්ව හෝ ඇතැම් අවස්ථාවල දී අධිකරණය විසින් යොමු කරනු ලබන ආරවුල් නිරාකරණය කිරීම සඳහා බලය පැවරී ඇති සමථ මණ්ඩලය සංස්ථාගත කිරීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සඳහා පනත මගින් විධිවිධාන සළසනු ලැබේ.
සමථකරුවන් පත් කිරීම සඳහා පටිපාටිය
- ප්‍රදේශයේ සංවිධාන විසින් නම් කරනු ලැබීමෙන් පසුව කොමිෂන් සභාව විසින් සමථ මූල මණ්ඩල සඳහා සමථකරුවන් පත් කිරීම සඳහා පහුණු පාථමාලා සැළසුම් කරනු ලැබේ.
- සමථකරුවන් අපක්ෂපාතී සහ දේශපාලන පක්ෂග්‍රාහිත්වයෙන් තොර බව තහවුරු කර ගැනීමේ අරමුණින් සමථ මූල මණ්ඩල සඳහා තැනැත්තන් නම් කරීම දේශපාලන නොවන සංවිධාන විසින් පමණක් සිදු කල යතු බව පනතේ නිශ්චිතව දක්වා ඇත.
- නම් කරනු ලබන තැනැත්තන්ගේ යෝග්‍යතාව මැන බැලීම සඳහා එම තැනැත්තන් සමථකරණ කුසලතා සහ (සමථ පුහුණුකරුවන් විසින් පවත්වනු ලබන) උපක්‍රම පිළිබඳ පාඨමාලාවකට සහභාගි වීම අවශ්‍ය කටයුත්තක් වීම බඳවා ගැනීමේ පටිපාටියේ වැදගත් පැතිකඩක් වේ. කොමිෂන් සභාව විසින් අවශ්‍ය යෝග්‍යතාව, කුසලතා සහ උපක්‍රම සපුරා ඇති තැනැත්තන් සමථකරුවන් වශයෙන් පත් කරනු ලැබේ.
- සමථ මණ්ඩල පනත ක්‍රියාත්මක කිරීමේ දී සමථ කරුවන් සහ සමථ පුහුණුකරුවන් වෙත ලබා දෙන පුහුණුව සම්බන්ධයෙන් අවධාරණය කරනු ලැබේ.
සමථකරණය සඳහා යොමු කළ හැකි ආරවුල්
සමථකරණය වෙත අනිවාර්යයෙන් යොමු කල යුතු ආරවුල් සම්බන්ධයෙන් අධිකරණයක නඩුවක් ගොනු කිරීමට පෙර සහ පාර්ශවයන්ගේ තේරීම මත සමථකරණය සඳහා යොමු කල හැකි වශෙයන් අාරවුල් වෙන් කර දැක්වීම පනත මගින් අපෙක්ෂා කරනු ලැබේ. අධිකරණය විසින් සමථකරණය වෙත යොමු කෙරෙන ආරවුල් සඳහා ද විධිවිධාන පවතියි.
සමථකරණ කෘත්‍ය
ප්‍රදේශය තුළ පැන නැගුන ආරවුලක් සමථයකට පත් කිරීම සඳහා සමථ මූල මණ්ඩලය වෙත ඉල්ලීමක් කිරීමෙන් පසුව, එම ආරවුල ආරවුල්කරුවන්ගේ කැමැත්ත මත සාමාජිකයන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් මණ්ඩලයක් වෙත ඉදිරිපත් කරනු ලැබේ. එකී මණ්ඩලය මූල මණ්ඩල සාමාජිකයින් අතුරින් කළින් තෝරාපත් කර ගත් එක් සාමාජිකයකු ආරවුල්කරුවන් විසින් තෝරාගනු ලබන හෝ පාර්ශ්වයන්ගේ තේරීම අනුව තෝරාගනු ලබන සාමාජිකයන්ගෙන් සමන්විත විය හැකිය. ආරවුලක් මණ්ඩලය වෙත යොමු කිරීමෙන් පසුව මණ්ඩලය පත් කළ යුතුය.
වාණිජ සමථකරණ
සමථකරණ සංකල්පය 2000 අංක 44 දරන ශ්‍රී ලංකා වාණිජ සමථකරණ මධ්‍යස්ථාන පනත මගින් සංස්ථාගත කර ඇත. ශ්‍රී ලංකා වාණිජ සමථකරණ මධ්‍යස්ථාන (CMCSL) පිහිටුවා 2000 සැප්තැම්බර් මස 12 වන දින ක්‍රියාත්මක කරනු ලැබ ඇති අතර, වාණිජ ආරවුල් විසඳීම සහ සමථයට පත් කිරීම සඳහා සමථකරණයට සුළු පිළිගැනීමක් ඇති කිරීම නංවාලීමට සහ වාණිජ ආරවුල් සමථකරණය සහ සමාදාන වීම මගින් විසඳා ගැනීමට පාර්ශ්වයන් දිරි ගැන්වීමට සහ සමථකරණය සහ සමාදාන වීම මගින් වාණිජ ආරවුල් සමථයකට පත් කිරීමට ව්‍යවස්ථාපිතව බලය පවරනු ලැබේ. අවශ්‍ය සමථකරණ සැසි පවැත්විමට සහ ඊට අදාළ ගෙවීම් සිදු කිරීම සම්බන්ධයෙන් මධ්‍යස්ථානය වෙනම ම රීති මාලාවක් සම්පාදනය කර තිබේ. එමෙන් ම සමථකරුවන්ට ආචාරධර්ම පද්ධතියක් ද තිබේ. වාණිජ කාරණා සම්බන්ධයෙන් වඩා වේගවත් සහ කාර්යක්ෂම ආරවුල් නිරාකරණ යාන්ත්‍රණයක් සඳහා පවතින දැඩි අවශ්‍යතාව මත පෞද්ගලික අංශය විසින් සිදු කරන ලද ඉල්ලීම පියවර ගනු ලැබ තිබේ. ඵලදායිතාව, ආචාරධර්ම සහ වේගවත් ක්රියාකාරිත්වයක අවශ්‍යතාව ගෙනහැර පාන එම ඉල්ලීමට ප්‍රතිචාරයක් වශයෙන් මෙම මධ්‍යස්ථානය පිහිටවනු ලැබීය.
සමථකරුවන්
යම් නිශ්චිත භූමි ප්‍රදේශයක් සඳහා සමථකරුවන් පත් කරනු ලැබේ. එහි සාමාජිකයින් ප්‍රජාව නියෝජනය කරන තැනැත්තන් වන අතර, නිශ්චිත පරිපාලන ප්‍රදේශය තුළ අධිකරණ බලය එයට හිමි වේ. සමථ මණ්ඩල ප්‍රදේශයකට ම පත් කරන සෑම සමථකරුවන් කණ්ඩායමක් ම අවම වශයෙන් සාමාජිකයන් දොළොස් දෙනෙකුගෙන් සමන්විත විය යුතු අතර, ඉන් පසු දෙනෙකු ප්‍රදේශයේ දිස්ත්‍රික් ලේකම් විසින් නම් කරනු ලබන රාජ්‍ය සේවකයින් විය යුතුය.
- කොමිෂන් සභාව විසින් පත් කරනු ලබන සභාපතිවරයා සෑම සමථකරුවන් කණ්ඩායමකම ප්‍රධානියා වේ.
- සමථකරුවන් පූර්ණ ස්වේච්ඡාවෙන් සේවය කළ යුතු අතර, ප්‍රවාහන වියදම් ආවරණය කරන නාමික දීමනාව හැර කිසිඳු ගෙවීමක් සිදු කරනු නොලැබේ.
ප්‍රජා සමථකරණය
පාර්ලිමේන්තුව විසින් 1988 වර්ෂයේ දී 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත සම්මත කරන ලදී. මෙම පනත මගින් ආරවුල්වලට සම්බන්ධ පාර්ශවයන් මෙන්ම යම්තාක් දුරට උපාධි මගින් ද මණ්ඩලය වෙත යොමු කරනු ලබන සියළු ආරවුල් සමථකරණ ක්‍රියාවලිය මගින් විසඳා ගැනීම සඳහා සමථ මණඩලය බලගන්වනු ලබයි. මණ්ඩලය විසින් විසඳීමට ලක්කරනු ලබන ආරවුල් බොහොමයක් ප්‍රජා ආරවුල් වේ. කෙසේ වුව ද බැංකු විසින් විශාල වශයෙන් ණය සම්බන්ධ ආරවුල් මණ්ඩලය වෙත යොමු කරමින් සිටියි. (1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත)
විශේෂයන්ගේ ආරවුල සම්බන්ධ සමථකරණ අවස්ථා
පාර්ලිමේන්තුව විසින් 2003 වර්ෂයේ දී සමථකරණ (විශේෂ ආරවුල්) පනත සම්මත කරන ලදී. 2004 දෙසැම්බර් 26 වන දින ඇති වූ සුනාමි ව්‍යසනයේ ප්‍රතිඵලයක් වශයෙන් ඇති වූ ණය, හානි හෝ ඉල්ලුම ආදි කරුණුවලට අදාළ ආරවුල් සමථකරණය තුළින් විසඳීමට විධිවිධාන සැලැස්වීමේ ගැසට් නිවේදනයක් මෙම පනත යටතේ පලකරන ලදී.
සමථ පුහුණුකරුවන්
අධිකරණ අමාත්‍යාංශය සතුව සථීර සමථ පුහුණුකරුවන් සේවක සංඛ්‍යාවක් සිටියි. මෙම පුහුණුකරුවන් වෙත වරින් වර ප්‍රබෝධන පාඨමාලා ලබාදෙන අතර, විධිමත් පදනමක් මත දිවයින පුරා සිටින සමථකරුවන් සඳහා පුහුණු පාඨමාලා පැවැත්වීමට උපදෙස් දෙනු ලබයි. ප්‍රතිඵල ලඟාකර දීමට දරනු ලබන සමථකරන උත්සාහයන් හි හරය සමථකරණ කුසලතා සහ තත්ත්වයන් පිළිබඳ පුහුණුව දැඩිව විශ්වාස කරනු ලැබේ. සමථ පහුණුකරුවන්, පුහුණු කිරීමේ කාර්යයන්හි පමණක් නිරත වන අතර, සමථ මූල මණ්ඩල වෙත ඉදිරිපත් වන කිසිදු ආරවුලක් සමථකරණය සඳහා මැදිහත් නොවේ.
- පුහුණුවන්නන්ගේ අත්පොත - ප්‍රජා සමථකරණ වැඩ සටහන
[PDF - 688 KB] - ශ්‍රී ලංකා සමථ මණ්ඩල ඇමතුම් විස්තර
[PDF - 143 KB]
කාර්යාලය
අධිකරණ අමාත්‍යාංශය නව ගොඩනැගිල්ල,
80, උසාවි පාර,
කොළඹ 12.
+94 112 334 323
+94 112 334 323
කාර්යාලය
+94 112 334 815
පරිපාලන නිලධාරි
+94 112 334 261
පුහුණු ඒකකය
+94 112 334 258
සමථකාරවරුන් ලෙස පත්කිරීම සඳහා නාමයෝජනා කැඳවීමේ නිවේදනය
| Gazette Date | Document |
| Gazette Date 19.04.2019 | Gazette [ PDF - 214.2 KB ] |
| Gazette Date 23.01.2017 | Gazette [ PDF - 338.62 KB ] |
| Gazette Date 07.06.2018 | Gazette [ PDF - 253.8 KB ] |
| Gazette Date 04.04.2018 | Gazette [ PDF - 49.5 KB ] |
| Gazette Date 04.07.2018 | Gazette [ PDF - 214 KB ] |
| Gazette Date 27.02.2019 | Gazette [ PDF - 137.38 KB ] |
| Gazette Date 19.03.2018 | Gazette [ PDF - 34.63 KB ] |
| Gazette Date 26.02.2018 | Gazette [ PDF - 538.5 KB ] |
| Gazette Date 29.09.2017 | Gazette [ PDF - 857.37 KB ] |
ලංකා උපරිමාධිකරණ සංකීර්ණ කළමණාකරණ මණ්ඩලය ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම කළමණාකරණයකින් යුතු මණ්ඩලය බවට පත් කිරීම.
උපරිමාධිකරණ සංකීර්ණ කළමණාකරණ මණ්ඩලයේ මෙහෙවර වනුයේ පවත්නා ගොඩනැගිලි නඩත්තු කිරීම සහ වැඩි දියුණු කිරිම මඟින් ඒවා භාවිතයට ගන්නා විනිශ්චයකාරවරුන්, නීතිඥවරුන්, නඩු කියන්නන්, අධිකරණ අමාත්‍යාංශයේ සේවකයින් සහ මාර්ෂල් කාර්යාලයේ සේවකයින්, සෙසු මහජනතාව ඇතුළුව සියළු දෙනාට තම කාර්ය කාර්යක්ෂමව සහ ඵලදායී අයුරින් ඉටු කිරීමට සහ ඉටු කරවා ගැනීමට අවශ්‍ය වඩාත් ජන හිතකාමී පරිසරයක් සැකසීම තුළින් ආයතනයේ දර්ශනය සාක්ෂාත් කර ගැනීම වේ.
උපරිමාධිකරණ සංකීර්ණය හා එහිගොඩනැගිලි පාලනය කිරීම,පරිපාලනය කිරීම හා ගොඩනැගිල්ලට අලුතින් කොටස් එකතු කිරීම, වෙනස් කිරීම හා පහසුකම් වැඩිදියුණූ කිරීම සඳහා 1987 අංක 50 දරණ පනත මගින් උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලය ස්ථාපිත කර ඇත. මෙම මණ්ඩලය පහත සඳහන් සාමාජිකයින්ගෙන් සමන්විත වෙයි:-
- ගරු අග්‍ර විනිශ්චයකාර තුමා.
- ගරු අග්‍ර විනිශ්චයකාර තුමා විසින් පත් කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙක්.
• අභියාචනාධිකරණයේ සභාපති තුමා.
• අභියාචනාධිකරණයේ සභාපති තුමා විසින් පත් කරනු ලබන අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයෙක්.
• අධිකරණ විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා.
• රාජ්‍ය නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම්වරයා.
• ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා.
• කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා.
• මුදල් විෂය භාර අමාත්‍යාංශයේ නියෝජිතයෙක් සහ ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදි
• ජනරජයේ ගරු ජනාධිපති තුමා විසින් පත් කරනු ලබන සාමාජිකයින් දෙදෙනෙක්
එයාර් වයිස් මාර්ෂල් ඉංජි. එල්.එම්.එස්.කේ. ලීලාරත්න (විශ්‍රාමික)
ප්‍රධාන විධායක නිලධාරී (මාෂල්)
+94 112 437 500
+94 112 437 530
Financial Division
Establishment of required Financial & Budgetary Controls, Preparation of Annual Budget & Final Accounts, Cash Flow Management. Liaise with Treasury/ Bank/ Auditors & Other Governmental Agencies.
Mrs. K.A.D. Udayangani Peiris
Actg. Manager Finance
+94 112 437 503
+94 112 437 522
Ms.Thamodi Wehella
Procurement Officer
+94 112 437 518
Security Division
To assure security of Judges, Lawyers, Officials and staff members of the Supreme and Appeal Courts and General public to perform their duties, providing security for Officials and Staff members and General public in Ministry of Justice and also property belongs to Supreme and Appeal Courts Civil Appeal Courts, Traffic Courts and Ministry of justice, Proper checking of Outsiders entering the premises, issuing passes and guiding them to relevant places, monitoring all vehicles entering to Superior Courts Complex premises, attending actively on fire hazards providing rescue service, maintaining proper co-ordination in emergencies, making the best effort to prevent and minimize the damages to human beings and property belongs to Superior Courts Complex in riots.
LCdr. D.M.M.B. Dissanayake RSP (Retd)
Manager Security
+94 112 437 504
Administration & Human Resource Division
Liaise with other institutions/ Officers and implement all administrative functions, Handling of the mail and implementation of other administrative functions & Board of Management decisions, Handling of HRM functions (Recruitments, Promotion, Leave, Performance Evaluation of Employees & Training etc.), Handling of Welfare & Disciplinary matters, Insurance, Tenders & Quotations, Handling the transport system, Liaise with court / labour cases relevant to the organization when required, Organizing the functions when required, performing the relevant duties in liaison with all the Divisions.
Mrs. M.C. Dilrukshi Silva
Manager Administratiion & HR
+94 112 437 501
+94 112 437 522
Vacancy - Sin/Ta/Eng
Housekeeping Division
Responsible for the cleanliness and orderliness of maintaining of all Judges Chambers, Court Rooms, Registrar Offices, Judges Quarters, Lobbies and all Public areas, attending to all arrangements for Ceremonial Sittings, Board Meetings and all other functions in the S.C.C. Building, Maintaining a record of all linen, Crockery and Toilet Requisites, Maintaining a record of all Job orders given to the Maintenance department, Maintaining an inventory of all furniture and fittings within the S.C.C. Building, Obtaining requirements for all Housekeeping purposes, supervising all pest control work.
Mrs. Nimali Fernando
Housekeeping Officer
+94 112 437 505
+94 112 437 522
“Creating a Citizen free of wrongdoing ………. ”
Development of social, economic, spiritual and Psychological spheres of minor offenders and their families by implementing a productive community corrections process with the necessary follow up
Objective
- Implementation of the Community Based Amendment Act No. 46 of 1999.
- Reducing the incarceration of minor offenders and reducing the cost of congestion and government spending.
- Development of community correctional persons psychologically, spiritually, socially and economically and their families socially and spiritually.
Visit official web site of the Department of Community Based Corrections
දැක්ම
නේවාසිකයින් පුනරුත්ථාපනය තුළින් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරිම.
මෙහෙවර
ආරක්ෂාව, රැකවරණය, පුනරුත්ථාපනය යන මූලික අරමුණු ඉටුකර ගැනීම උදෙසා නේවාසිකයින් හා බන්ධනාගාර නිලධාරීන්අතර මනා සම්බන්ධතාවයක් නිර්මාණය කරමින් ධනාත්මක චින්තනයක් ගොඩනගා නිලධාරීන්ගේ රැකියා තෘප්තිය වැඩි කිරීම තුළින් සහ සිරකරුවන්ගේ සුභසාධක කටයුතු විධිමත් කිරීම තුළින් ඔවුන්ගේ ශ්‍රම ඵලදායීතාවය රටට වැඩදායී ලෙස යොදාගැනීම.
අරමුණු
- බන්ධනාගාර නේවාසිකයන් විධිමත්ව පුනරුත්ථාපනය මඟින් නීති ගරුක මානව හිතවාදී පුද්ගලයන් බවට පත් කර ශිෂ්ට සම්පන්න සමාජයක් බිහි කිරීමට දායක වීම.
- බන්ධනාගාර නිලධාරීන් අභිප්‍රේරණය සහ දෙපාර්තමේන්තු කණ්ඩායම් හැඟීම ගොඩනැගීම.
ප්‍රධාන කාර්යයන්
- රට තුල කවර හෝ අධිකරණයක අධිකාරි බලය යටතේ බන්ධනාගාර ගත කරන ලද හෝ රිමාණ්ඩ් භාරයට පත් කරන ලද සෑම තරාතිරමකම සිරකරුවන් පිළිගැනීම සහ බන්ධනාගාර නීතිරීති වලට අනුකූලව ඔවුන්ගේ ආරක්ෂාව, රැකවරණය, හා නඩත්තුව සැලසීම සහ අධිකරණ වලට රිමාණ්ඩ් සිරකරුවන් ඉදිරිපත් කිරීම.
- සියළුම බන්ධනාගාර සිර කඳවුරු හා චරිත ශෝධනාගාර සම්බන්ධ පොදු විධානය හා මනා පරිපාලනය සැලැස්වීම.
- සියළුම බන්ධනාගාර සිර කඳවුරු හා චරිත ශෝධනාගාර වල රැඳවියන් සඳහා කාර්මික, කෘෂිකාර්මික, සත්ව පාලනය හා වෘත්තීය පුහුණුව ලබාදීම.
- සියළුම බන්ධනාගාර සිර කඳවුරු හා චරිත ශෝධනාගාර සඳහා සුභසාධක සේවා සැපයීම.
- විශෝධන ක්ෂේත්රය සවිමත් කිරීමට අවශ්‍ය පුහුණු කිරීම් සඳහා විධිවිධාන සැලසීම.
- කාලීන අවශ්‍යතාවට ගැලපෙන පරිදි රැඳවියන් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස පිටත් වීමට අවශ්‍ය සමාජ පසුබිම සැකසීම..
- බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාලව බන්ධනාගාර තදබදය අවම කිරීම, නවීන තාක්ෂණය හඳුන්වාදීම, භෞතික සම්පත් වැඩිදියුණු කිරීම හා යටිතල පහසුකම් සංවර්ධනය.
- සේවා අංශයන්ට අදාල පුහුණු හා වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම තුලින් මනා පරිචයකින් හා සේවා තෘප්තියකින් යුත් නිලධාරීන් බිහි කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මානව සම්පත් සංවර්ධනය.
- රැඳවි පරිපාලන කටයුතු වඩාත් විධිමත්ව හා කාර්යක්ෂමව ඉටු කිරීම උදෙසා රැඳවියන්ගේ තොරතුරු කළමනාකරණ පද්ධතිය ස්ථාපනය කර ක්‍රියාත්මක කිරීම.
විමසීම් විස්තර
බන්ධනාගාර මුලස්ථානය,
නො.150, බේස්ලයින් පාර,
කොළඹ 09,
ශ්‍රී ලංකා.
+94 114 677 177
+94 114 677 180
1969 අංක 3 දරණ නීති කොමිෂන් සභා පනත යටතේ ශ්‍රී ලංකාවේ නීති කොමිෂන් සභාව පිහිටුවන ලද අතර, ශ්‍රී ලංකාවේ නීති කොමිෂන් සභාව නීති ප්‍රතිසංස්කරණ නිර්දේශ කරනු ලබන රජයේ ප්‍රධානම ආයතනය වේ. පරිපාලනය සඳහාත්, පර්යේෂණ සඳහා සහයෝගය ලබාදීම සඳහාත්, නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව ස්ථාපනය කරන ලදී.
දැක්ම
යහපාලනය උදෙසා නීතියේ ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම.
මෙහෙවර
නීති ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම සඳහා 1969 අංක 3 දරන නීති කොමිෂන් සභා පනතේ දක්වා ඇති කාර්යයන් ක්රියාවේ යෙදවිම.
කාර්යයන්
නීති කොමිෂන් සභාවේ ප්‍රධාන අරමුණ වනුයේ, නීති ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම වේ. එවැනි ප්‍රවර්ධන අරමුණු කරගනිමින් නීති කොමිෂන් සභාව මගින් පහත දක්වා ඇති කාර්යයන් ක්‍රියාවට නංවනු ලබයි.
- නීතිය සංග්‍රහ ගත කිරීම.
- නීතියේ විෂමතා නැති කිරීම.
- හරයාත්මක නීතිය මෙන්ම කාර්ය පටිපාටික නීතියද ක්‍රමානුකූලව සංවර්ධනය කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ අදහසින් සමාලෝචනය කිරීම සහ පවත්වාගෙන යාම.
- කාලෝචිත නොවන සහ අනවශ්‍ය පනත් ඉවත් කිරීම.
- නීතිය සරල කිරීම සහ නවීකරණය කිරීම.
- නීති ප්‍රතිසංස්කරණය සඳහා වන යෝජනා භාරගෙන ඒවා සලකා බැලීම.
- ප්‍රතිසංස්කරණය කිරීමේ අදහසින් නීතියේ විවිධ අංශ පරීක්ෂා කිරීම සඳහා වන වැඩසටහන් කලින් කලට සකස්කොට අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම.
- වෙනත් රටවල නීති ක්‍රම පිළිබඳව තොරතුරු ලබා ගැනීම.
- අනු නීති මනාව පිළිගත් සිද්ධාන්තවලට හා නීතියේ මහිමයට අනුකූල වන බව සුරක්ෂිත කිරීමේ අදහසින්, පාර්ලිමේන්තුව නොවන වෙනත් මණ්ඩල විසින්, අනු නීති සෑදීමේ බලය ක්‍රියාත්මක කිරීම නිරන්තරයෙන් සමාලෝචනය කිරීම.
- නඩුකීම හා සම්බන්ධ පරිපාලනාත්මක ස්වභාවයේ කාර්ය පටිපාටිය ඇතුළුව නීති කාර්ය පටිපාටි තර්කාපණය කිරීම හා සරල කිරීම සඳහා වැඩසටහන් ක්‍රමානුකූලව සකස් කිරීම.
- සිංහල භාෂාවෙන්, දමිළ භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන් නීතිය සංග්‍රහ ගත කිරීම සඳහා වැඩසටහන් සකස් කිරීම.
ලේකම්
ශ්‍රී ලංකා නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව,
සිව්වැනි මහල,
අධිකරණ අමාත්‍යාංශය නව ගොඩනැගිල්ල,
අංක: 80, අධිකරණ මාවත,
කොළඹ 12.
+94 112 333 884
+94 112 333 884
නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියට පිවිසෙන්න







