“Creating a Citizen free of wrongdoing ………. ”
Development of social, economic, spiritual and Psychological spheres of minor offenders and their families by implementing a productive community corrections process with the necessary follow up
Objective
- Implementation of the Community Based Amendment Act No. 46 of 1999.
- Reducing the incarceration of minor offenders and reducing the cost of congestion and government spending.
- Development of community correctional persons psychologically, spiritually, socially and economically and their families socially and spiritually.
Visit official web site of the Department of Community Based Corrections
දැක්ම
නේවාසිකයින් පුනරුත්ථාපනය තුළින් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරිම.
මෙහෙවර
ආරක්ෂාව, රැකවරණය, පුනරුත්ථාපනය යන මූලික අරමුණු ඉටුකර ගැනීම උදෙසා නේවාසිකයින් හා බන්ධනාගාර නිලධාරීන්අතර මනා සම්බන්ධතාවයක් නිර්මාණය කරමින් ධනාත්මක චින්තනයක් ගොඩනගා නිලධාරීන්ගේ රැකියා තෘප්තිය වැඩි කිරීම තුළින් සහ සිරකරුවන්ගේ සුභසාධක කටයුතු විධිමත් කිරීම තුළින් ඔවුන්ගේ ශ්‍රම ඵලදායීතාවය රටට වැඩදායී ලෙස යොදාගැනීම.
අරමුණු
- බන්ධනාගාර නේවාසිකයන් විධිමත්ව පුනරුත්ථාපනය මඟින් නීති ගරුක මානව හිතවාදී පුද්ගලයන් බවට පත් කර ශිෂ්ට සම්පන්න සමාජයක් බිහි කිරීමට දායක වීම.
- බන්ධනාගාර නිලධාරීන් අභිප්‍රේරණය සහ දෙපාර්තමේන්තු කණ්ඩායම් හැඟීම ගොඩනැගීම.
ප්‍රධාන කාර්යයන්
- රට තුල කවර හෝ අධිකරණයක අධිකාරි බලය යටතේ බන්ධනාගාර ගත කරන ලද හෝ රිමාණ්ඩ් භාරයට පත් කරන ලද සෑම තරාතිරමකම සිරකරුවන් පිළිගැනීම සහ බන්ධනාගාර නීතිරීති වලට අනුකූලව ඔවුන්ගේ ආරක්ෂාව, රැකවරණය, හා නඩත්තුව සැලසීම සහ අධිකරණ වලට රිමාණ්ඩ් සිරකරුවන් ඉදිරිපත් කිරීම.
- සියළුම බන්ධනාගාර සිර කඳවුරු හා චරිත ශෝධනාගාර සම්බන්ධ පොදු විධානය හා මනා පරිපාලනය සැලැස්වීම.
- සියළුම බන්ධනාගාර සිර කඳවුරු හා චරිත ශෝධනාගාර වල රැඳවියන් සඳහා කාර්මික, කෘෂිකාර්මික, සත්ව පාලනය හා වෘත්තීය පුහුණුව ලබාදීම.
- සියළුම බන්ධනාගාර සිර කඳවුරු හා චරිත ශෝධනාගාර සඳහා සුභසාධක සේවා සැපයීම.
- විශෝධන ක්ෂේත්රය සවිමත් කිරීමට අවශ්‍ය පුහුණු කිරීම් සඳහා විධිවිධාන සැලසීම.
- කාලීන අවශ්‍යතාවට ගැලපෙන පරිදි රැඳවියන් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස පිටත් වීමට අවශ්‍ය සමාජ පසුබිම සැකසීම..
- බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාලව බන්ධනාගාර තදබදය අවම කිරීම, නවීන තාක්ෂණය හඳුන්වාදීම, භෞතික සම්පත් වැඩිදියුණු කිරීම හා යටිතල පහසුකම් සංවර්ධනය.
- සේවා අංශයන්ට අදාල පුහුණු හා වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම තුලින් මනා පරිචයකින් හා සේවා තෘප්තියකින් යුත් නිලධාරීන් බිහි කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මානව සම්පත් සංවර්ධනය.
- රැඳවි පරිපාලන කටයුතු වඩාත් විධිමත්ව හා කාර්යක්ෂමව ඉටු කිරීම උදෙසා රැඳවියන්ගේ තොරතුරු කළමනාකරණ පද්ධතිය ස්ථාපනය කර ක්‍රියාත්මක කිරීම.
විමසීම් විස්තර
බන්ධනාගාර මුලස්ථානය,
නො.150, බේස්ලයින් පාර,
කොළඹ 09,
ශ්‍රී ලංකා.
+94 114 677 177
+94 114 677 180
1969 අංක 3 දරණ නීති කොමිෂන් සභා පනත යටතේ ශ්‍රී ලංකාවේ නීති කොමිෂන් සභාව පිහිටුවන ලද අතර, ශ්‍රී ලංකාවේ නීති කොමිෂන් සභාව නීති ප්‍රතිසංස්කරණ නිර්දේශ කරනු ලබන රජයේ ප්‍රධානම ආයතනය වේ. පරිපාලනය සඳහාත්, පර්යේෂණ සඳහා සහයෝගය ලබාදීම සඳහාත්, නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව ස්ථාපනය කරන ලදී.
දැක්ම
යහපාලනය උදෙසා නීතියේ ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම.
මෙහෙවර
නීති ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම සඳහා 1969 අංක 3 දරන නීති කොමිෂන් සභා පනතේ දක්වා ඇති කාර්යයන් ක්රියාවේ යෙදවිම.
කාර්යයන්
නීති කොමිෂන් සභාවේ ප්‍රධාන අරමුණ වනුයේ, නීති ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම වේ. එවැනි ප්‍රවර්ධන අරමුණු කරගනිමින් නීති කොමිෂන් සභාව මගින් පහත දක්වා ඇති කාර්යයන් ක්‍රියාවට නංවනු ලබයි.
- නීතිය සංග්‍රහ ගත කිරීම.
- නීතියේ විෂමතා නැති කිරීම.
- හරයාත්මක නීතිය මෙන්ම කාර්ය පටිපාටික නීතියද ක්‍රමානුකූලව සංවර්ධනය කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ අදහසින් සමාලෝචනය කිරීම සහ පවත්වාගෙන යාම.
- කාලෝචිත නොවන සහ අනවශ්‍ය පනත් ඉවත් කිරීම.
- නීතිය සරල කිරීම සහ නවීකරණය කිරීම.
- නීති ප්‍රතිසංස්කරණය සඳහා වන යෝජනා භාරගෙන ඒවා සලකා බැලීම.
- ප්‍රතිසංස්කරණය කිරීමේ අදහසින් නීතියේ විවිධ අංශ පරීක්ෂා කිරීම සඳහා වන වැඩසටහන් කලින් කලට සකස්කොට අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම.
- වෙනත් රටවල නීති ක්‍රම පිළිබඳව තොරතුරු ලබා ගැනීම.
- අනු නීති මනාව පිළිගත් සිද්ධාන්තවලට හා නීතියේ මහිමයට අනුකූල වන බව සුරක්ෂිත කිරීමේ අදහසින්, පාර්ලිමේන්තුව නොවන වෙනත් මණ්ඩල විසින්, අනු නීති සෑදීමේ බලය ක්‍රියාත්මක කිරීම නිරන්තරයෙන් සමාලෝචනය කිරීම.
- නඩුකීම හා සම්බන්ධ පරිපාලනාත්මක ස්වභාවයේ කාර්ය පටිපාටිය ඇතුළුව නීති කාර්ය පටිපාටි තර්කාපණය කිරීම හා සරල කිරීම සඳහා වැඩසටහන් ක්‍රමානුකූලව සකස් කිරීම.
- සිංහල භාෂාවෙන්, දමිළ භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන් නීතිය සංග්‍රහ ගත කිරීම සඳහා වැඩසටහන් සකස් කිරීම.
ලේකම්
ශ්‍රී ලංකා නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව,
සිව්වැනි මහල,
අධිකරණ අමාත්‍යාංශය නව ගොඩනැගිල්ල,
අංක: 80, අධිකරණ මාවත,
කොළඹ 12.
+94 112 333 884
+94 112 333 884
නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියට පිවිසෙන්න
ශ්‍රි ලංකා අධිකරණ පද්ධතියේ ඉහළම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයයි. අග්‍රවිනිශ්චයකාරතුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් 11 දෙනා අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරනු ලබන අතර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලැබෙන සියළුම ඉල්ලුම්පත්‍ර එම අධිකරණය විසින් විභාග කරනු ලබයි.
ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පහත කරුණු සම්බන්ධයෙන් බලය ලබාදෙයි.
- මූලික අයිතිවාසිකම් සම්බන්ධ අධිකරණ බලය
- අවසාන අභියාචනා අධිකරණ බලය
- උපදේශක අධිකරණ බලය
- මැතිවරණ පෙත්සම් (ජනාධිපතිවරණ) සම්බන්ධ අධිකරණ බලය
- කවරම ආකාරයක හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීම පිළිබඳ අධිකරණ බලය
- පාර්ලිමේන්තුව විසින් නිතියෙන් නියම කරනු ලැබිය හැකි වෙනත් කාරණවක් පිළිබඳ අධිකරණ බලය
ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ටාර් කාර්යාලය ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු සඳහා සහාය දක්වන අතර ඒ සඳහා අධිකරණ අමාත්‍යාංශයේ 234 ශීර්ෂය යටතේ ප්‍රතිපාදන සපයයි. ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලයේ කාර්යයන් පහත පරිදි වේ.
- ශ්‍රේෂ්ඨාධිකරණයේ වාර්තා තබා ගැනීම.
- ශ්‍රේෂ්ඨාධිකරණයේ රැස්වීම් පිළියෙල කිරීම සහ ඉල්ලීම් දින ගත කිරීම.
- අධිකරණ නියෝගයන්ට සහ නඩු තීන්දුවලට අනුකූලව ප්‍රකාශ වාර්තා ගත කිරීම.
- ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරුන් බඳවා ගැනීම.
- අභියාචනා අධිකරණයෙන් ලැබෙන අභියාචනා නඩුවල පිටපත් සකස් කිරීම නඩු ගාස්තු තක්සේරු කිරීම.
නිතිඥ එම්.එම්. ජයසේකර මිය
+94 112 435 446
ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙබ් අඩවියට පිවිසෙන්න
දැක්ම
සාධාරණ සහ නීති ගරුක සමාජයක් ගොඩනැගීම.
මෙහෙවර
අධිකරණ, නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සහ වෙනත් ආයතනවලට අධිකරණ විද්‍යා සහ ආහාර විද්‍යා ක්ෂේත්රයන් සම්බන්ධ විශ්ලේෂණ, විශේෂඥ සහ උපදේශක සේවාවන් සැපයීම
කාර්යයන්
ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අධිකරණ විද්‍යා අංශය සහ ආහාර විද්‍යා අංශය යන ප්‍රධාන අංශ දෙකකින් සමන්විත වන අතර එය ලංකාවේ ඇති එකම අධිකරණ විද්‍යා රසායනාගාරය වේ. ආහාර විද්‍යා අංශය, ආහාර හා මධ්‍යසාර, කිරි සහ ජලය යනුවෙන් වූ විද්‍යා හතරකින් ද අධිකරණ විද්‍යා අංශය ප්රක්ෂිප්තවිද්යා, පුපුරණ ද්‍රව්‍ය සහ ගිණි විමර්ශන, මත්ද්‍රව්‍ය අංශය, මස්තු විද්‍යා හා DNA, අධිකරණ ධුලක විද්‍යා, සැක කටයුතු ලේඛන අංශය, විවිධ අංශය යනුවෙන් ප්‍රධාන අංශ හතකින්දයනුවෙන් අනු අංශ 11කින් සමන්විත වේ. මෙය සේවාවන් සඳහා වෙන්වූ දෙපාර්තමේන්තුවක් වන අතර උසාවි, පොලිස්, රේගුව, සුරාබදු,පළාත් පාලන ආයතන,සෞඛ්‍ය,වරාය,වෙනත් රජයේ දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතන මගින් යොමුකරනු ලබන නඩුභාණ්ඩ විද්‍යාත්මක පරීක්ෂණයන්ට ලක් කිරීම සහ ඒවා පිළිබඳ වාර්තා නිකුත් කිරීම කරනු ලැබේ. මීට අමතරව විවිධ රාජ්‍ය, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය, අනුග්‍රහය ලබන ආයතන මගින් ඉදිරිපත් කරනු ලබන ආහාර, මත්පැන්, කිරි හා ඒ ආශ්රිත නිෂ්පාදන ආදර්ශවලතත්වය පිළිබඳ පරීක්ෂා කරනු ලබන අතර ශ්‍රි ලංකා රේගුව යොමුකරන ආදර්ශ තත්ත්වය සහ තීරුබදු වර්ගීකරණය යන කරුණු දෙකම උදෙසා පරීක්ෂා කරනු ලබයි. තවද අධිකරණ මඟින් ඉදිරිපත් කරනු ලබන සැක සහිත ලේඛණ පරීක්ෂා කිරීම හා වාර්තා කිරීමද මෙම දෙපාර්තමේන්තුව මඟින් කරනු ලබයි.
පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරනු ලබන සියඵම නඩු භාණ්ඩ හෝ වෙනත් ආදර්ශ, ආහාර හා ඖෂධ පනත, ජාතික පාරිසරික පනත, සුරාබදු ආඥා පනත, දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත, සුවඳ විලවුන් උපකරණ හා ඖෂධ පනත, පළිබෝධනාශක පාලනය කිරීමේ පනත, ගිණිඅවි ආඥා පනත, පුපුරණ ද්‍රව්‍ය පනත, විෂ වර්ග, අබිං සහ අන්තරායකාර ඖෂධ පනත, තහනම් පිහි පනත, මෝටර් වාහන පනත, අපරාධ නඩු විධාන සංග්‍රහය සිවිල් නඩු විධාන සංග්‍රහය, සාක්ෂි ආඥා පනත වැනි විවිධ අණ පනත් යටතේ පරීක්ෂණයන්ට භාජනය කර වාර්තා නිකුත් කිරීම මෙම දෙපාර්තමේන්තුවෙන් සිදු කෙරේ.
මෙවැනි සේවා සැපයීමට අමතරව මෙම දෙපාර්තමේන්තුවේ සිටින විවිධ ක්ෂේත්රවල නිපුණතා ලබා ඇති විද්‍යාඥයින් විසින් රාජ්‍ය අනුග්‍රහය ලබන ආයතනවලට විද්‍යාත්මක උපදේශනයන්ද ලබාදීම සිදු කරයි. විශේෂයෙන්ම ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනයේ විවිධ ප්‍රමිති පිරිවිතර සෑදීමේදී මෙම නිලධාරීන්ගෙන් විශාල දායකත්වයක් ලැබේ. ආරක්ෂක අමාත්‍යාංශයට අවශ්‍ය ආයුධ හා උපකරණ මිලදී ගැනීම් වලදී තාක්ෂණික කමිටු වලට විශේෂඥ සහාය ලබාදීමද මෙම නිලධාරීන් විසින් සිදුකරනු ලැබේ.
අංක 31, ඉසුරු මාවත,
පැලවත්ත,
බත්තරමුල්ල.
+94 112 176 800 / +94 112 786 395
+94 112 786 394
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙබ් අඩවියට පිවිසෙන්න







