Accessibility Tools

moj logo

Open menu

 

 ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අධිකරණ ඉතිහාසයේ පරිවර්තනීය යුගයකට ප්‍රවේශ වෙමින් නඩු ඉලෙක්ට්‍රොනිකව ගොනු කරනු (e filing) ලබයි.

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට හඳුන්වා දෙන ලද e filing පද්ධතිය  මඟින් ඩිජිටල් පරිවර්තනයේ සුහුරු ප්‍රවේශය සනිටුහන් කරමින් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත.

ඒ අනුව ඊ ගොනු කිරීමේ පද්ධතිය 2026 පෙබරවාරි 10 වන දින සිට විවෘත කරන ලද අතර නීතිඥවරුන්ට මෙම යෙදෙවුම මඟින් ඉලෙක්ට්‍රොනිකව නඩු ගොනු කිරීම සඳහා අවකාශය නිර්මාණය වී ඇත. මෙම ක්‍රියාවලියේ සපලතාව තහවුරු කරමින් මේ වන විට නඩු පැවරීම් රාශියක් ඉලෙක්ට්‍රොනිකව සිදු වී ඇත.

එකී ක්‍රියාවලියේ සංදිස්ථානයක් වශයෙන් 2026 මාර්තු 26 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේ විවෘත අධිකරණයේ කඩදාසි රහිත විද්‍යුත් පද්ධතිය මත පදනම් වූ ප්‍රථම නඩු විභාගය ගරු අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, ගරු විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා සහ ගරු විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා මහතා සහිත විනිසුරු මඩුල්ල හමුවේ සිදු කරන ලදි.

මෙම නඩුව තවදුරටත් සුවිශේෂි වන්නේ එය 2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍රය, විභාග දිනට පෙර දිනයෙදී පිට කිරීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව ප්‍රකාරව රජය වෙත ගෙවීමට නියම කොට තිබූ රුපියල් මිලියන 03 ක වන්දි මුදල වගඋත්තරකරු විසින් ගෙවීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහස කිරීමේ වරද පිළිබඳ නඩු කටයුත්තක් වූ බැවිනි.

නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදි නඩු ගොනුව පරිශීලනය සඳහා සාම්ප්‍රදායික ලිපි ගොනුවක් වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සකස් කරන ලද ඩිජිටල් නඩු ගොනුව පරිගණකය තුළින් ගරු විනිසුරු මඩුල්ල පරිශීලනය කරන ලදී.

වගඋත්තරකරුට එරෙහි අධිකරණයට අපහාස කිරීම පිළිබඳ චෝදනා පත්‍රය විවෘත අධිකරණයේදී වගඋත්තරකරු වෙත පහදා දීම ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් මනෝදි හේවාවසම් මහත්මිය විසින් සිදු කරන ලද අතර චෝදනා පත්‍රය මත සිය ඩිජිටල් අත්සන තබා විද්‍යුත් පද්ධතිය වෙත මුදාහැරීම මඟින් චෝදනා පත්‍රය වෙත ප්‍රවේශය අදාළ පාර්ශව වෙත ලබා දෙන ලදි. චෝදනා පත්‍රයේ වූ චෝදනා සම්බන්ධයෙන් ඉදිරි විභාගය 2026 මැයි මස 14 වැනි දිනට කල් තැබූ අතර එමඟින් ශ්‍රේෂ්ඨාධිකරණය ලේඛන රහිත (paper less) නඩු විමසීම කෙරෙනුයේ නවමු අත්දැකීමක් ශ්‍රී ලංකා ජනතාවට මුදාහැරීමටය.

මෙම නව ඊ ගොනු කිරීමේ යෙදවුම ගරු අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් ආරම්භ කරන ලද අධිකරණ පද්ධතිය ඩිජිටල් කිරීම සඳහා වූ “e-court” ව්‍යාපෘතියේ කඩඉමක් වන අතර එහිලා සුවිශේෂිත්වය වන්නේ මෙම යෙදවුම සම්පූර්ණයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහාය ඇතිව පමණක් ගොඩනගා තිබීම වන අතර මෙම පද්ධතිය ශ්‍රී ලංකා ටෙලිකොම්හි සහකාර කළමණාකරු (වෙඩ් අඩවි නිර්මාණ) උවිදු අනුරාධ මහතා විසින් සිදු කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් හදුන්වා දෙන ලද e-filing යෙදෙවුම ඔස්සේ වඩා ඵලදායි හා අඩු වියදම් සහිත නඩු ගොනු කිරීම සිදු කල හැකි අතර එමඟින් ලිපි ද්‍රව්‍ය සඳහා වන විශාල විදේශ විනිමය සහ පිරිවැය ඉතිරි කර ගැනීමට හැකි වනු ඇත.  තවද මෙම ක්‍රමවේදයේ ඇති පහසුව හේතුවෙන් නිතිඥවරු විශාල වශයෙන් විද්‍යුත් නඩු ගොනු කිරීම සඳහා යොමු වීම දක්නට ලැබෙන අතර ශ්‍රී ලංකාව පුරා ඇති සියළු අධිකරණ සඳහා මෙම ක්‍රමවේදය නොබෝ දිනකින් හඳුන්වා දීම අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාවට ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු රෙජිස්ට්‍රාර් මනෝදි හේවාවසම් මහත්මිය  , ගරු නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්වරුන් වන අභිමානි සෙනෙවිරත්න මහත්මිය සහ තරිඳු මහතා සහභාගී වූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ තොරතරු තාක්ෂණ නිලධාරි අචින්ත වැලිදෙණිය මහතා ප්‍රමුඛ ඒකකය හා කාර්ය මණ්ඩලය මෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම්හි උවිඳු අනුරාධ මහතා සහභාගි වන ලදි.

 

FaLang translation system by Faboba

කතුහිමිකම © 2026 අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

China 35.7% China
Sri Lanka 34.8% Sri Lanka
Singapore 14.0% Singapore
United States of America 6.9% United States of America
Viet Nam 2.5% Viet Nam

Total:

109

Countries
045094
Today: 54
This Week: 2,845
This Month: 43,358
This Year: 45,039

Last Modified:
08 January 2026