Accessibility Tools

moj logo

Open menu

කුච්චවේලි සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැඟිල්ල, වාහරේ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැඟිල්ල සහ වාලච්චේන අධිකරණ සංකීර්ණය මාර්ගගත Zoom තාක්ෂණය ඔස්සේ විවෘත කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ (27) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී සිදු විය.

කුච්චවේලි සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැඟිල්ල, වාහරේ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැඟිල්ල සහ වාලච්චේන අධිකරණ සංකීර්ණ විවෘත කිරීම එම අධිකරණ පරිශ්‍රයන් මුලික කර ගනිමින් පැවැත්විණි.

වාහරේ, කුච්චවේලි සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැඟිලි විවෘත කිරීමේ අවස්ථාවට ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එන්. එම්.එන්. අබ්දුල්ලා මහතා ඇතුළු ගරු විනිසුරුතුමන්ලා සහභාගි විය.

වාලච්චේන අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී.ජේ.ප්‍රභාකරන් මහතා ඇතුළු මහාධිකරණ, දිසා අධිකරණ සහ මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරුතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

නීතිඥයින් සහ අධිකරණ කාර්ය මණ්ඩලය සහ රාජ්‍ය නිලධාරීන් එම අධිකරණ පරිශ්‍රයන්හි පැවති විවෘත කිරීමේ අවස්ථාවන්ට එක්ව සිටි අතර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන මෙනෙවිය ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ද මාර්ගගතව Zoom තාක්ෂණය ඔස්සේ අමාත්‍යාංශයේ සිට මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.

FaLang translation system by Faboba

කතුහිමිකම © 2026 අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

China 35.7% China
Sri Lanka 34.8% Sri Lanka
Singapore 14.0% Singapore
United States of America 6.9% United States of America
Viet Nam 2.5% Viet Nam

Total:

109

Countries
045094
Today: 54
This Week: 2,845
This Month: 43,358
This Year: 45,039

Last Modified:
08 January 2026