අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මොරටුව අධිකරණ සංකීර්ණයේ පවතින අවශ්යතා සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක ඊයේ පස්වරුවේ ( 27) නිරත විය.
ගරු විනිසුරුතුමන්ලාගේ, නීතිඥවරුන්ගේ සහ අධිකරණයට පැමිණෙන මහ ජනතාවට අවශ්ය කරනු ලබන පහසුකම් පිළිබඳව එහිදී සොයා බැලීය.
මොරටුව දිසා අධිකරණයේ විනිසුරුතුමන්, නීති|ඥ සංගමයේ නියෝජිතයින් සමඟ අමාත්යතුමා සාකච්ඡා කළ අතර, අධිකරණයට අවශ්ය කරනු ලබන යටිතල පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු විණි.
මොරටුවට නව අධිකරණ සංකීර්ණයක් ඉදි කිරීම සම්බන්ධයෙන් නීතිඥවරුන් සහ අධිකරණ අමාත්යතුමා අතර පැවති සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු විය.
මොරටුව අධිකරණ නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ඉෂාරා ලොකුපත්ම, එහි ලේකම් නීතිඥ රොනාලි ලොකුබාලසුරිය යන මහත්මීන් ඇතුළු නීතිඥවරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.








