Accessibility Tools

moj logo

Open menu

     චෙම්මිනි සමුහ  සුසාන භුමියෙහි කැණිම් කටයුතු සාර්ථකව සිදු වෙනවා 
     මෙහි පරීක්ෂණ කටයුතු සිදු කර යුක්තිය සත්‍ය සොයා අවසානයක් ළගා කරන්න රජයට අවශ්‍යයි. 
                                                 
                                                              එහි කැණිම් කටයුතු නිරීක්ෂණය කරමින් අධිකරණ ඇමති පවසයි.

අරියාලෙයි සිත්තුපති චෙම්මිනි සමූහ  සුසාන භූමියෙහි  කැණිම් කටයුතු නිරීක්ෂණය කිරීම සදහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද ( 19) පස්වරුවේ එක්විය.

සමුහ සුසාන භූමියෙහි කැණිම්  කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මෙසේ සදහන් කළේය.

චෙම්මිණි සමුහ සුසාන භූමියෙහි කැණිම් කටයුතු සාර්ථකව සිදු කෙරෙනවා. අතුරුදහන් වු පුද්ගලයින් සදහා වු කාර්යාලය සහාය ලබා නොදන බවට කරනු ලබන ප්‍රකාශ සම්පුර්ණයෙන්ම වෙනස්. ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය ලබාදී තිබෙනවා. එහි කැණිම් කටයුතු සිදු කරනු ලබන ආකාරය නිරීක්ෂණය කරනු ලැබුවා. මෙහි කැණිම් කටයුතු සම්බන්ධයෙන් අපි සෑහිමකට පත් වෙනවා.මෙහි කැණිම් කටයුතු වේගවත් කරනු ලබන ආකාරය පිළිබදව ගරු මහෙස්ත්‍රාත්තුමා සමඟත් විශේෂඥයින් සමඟත් සාකච්ඡා කළා. මෙහි පරීක්ෂණ කටයුතු සිදු කරලා යුක්තිය සත්‍ය හොයලා මෙහි අවසානයක් ළගා කරන්න රජයට අවශ්‍යයි. 

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් කුමාර සෝමදේව මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්ව විද්‍යාල පුරා විද්‍යා විද්‍යාර්ථින්, වෛද්‍යවරුන් ඇතුළු විශේෂඥයින් සමුහ සුසාන භූමියෙහි කැණිම් කටයුතු සිදු කරනු ලබයි.
සමුහ සුසාන භූමියෙහි කැණිම් කටයුතු අතුරුදහන් වු තැනැත්තන් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින්  අසන ලද ප්‍රශ්න සඳහා ද අමාත්‍යතුමා පිළිතුරු ලබා දෙන ලදී.

යාපනය මහෙස්ත්‍රාත්තුමා, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන කේ. ඉලන්කුමාරන්, රජීවන් ජය චන්ද්‍රමුර්තී, කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් අතුරුදහන් වු තැනැත්තන් පිළිබද වු කාර්යාලයේ සභාපති මහේෂ් කටුලන්ද යන මහත්වරුන්  අතුරුදහන් වු තැනැත්තන් පිළිබද වු කාර්යාලයේ නිලධාරීන්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් , නීතිඥවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

       

FaLang translation system by Faboba

කතුහිමිකම © 2026 අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

Sri Lanka 44.9% Sri Lanka
China 22.6% China
Singapore 15.4% Singapore
United States of America 7.5% United States of America
United Kingdom of Great Britain and Northern Ireland 2.5% United Kingdom of Great Britain and Northern Ireland

Total:

121

Countries
073218
Today: 1,483
This Week: 5,297
This Month: 25,728
This Year: 73,163

Last Modified:
08 January 2026