Accessibility Tools

moj logo

Open menu

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙරට සංචාරයක නිතර එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ විධායක මණ්ඩලයේ සභාපති Rein Tammsaar (Estonia) මහතා ඇතුළු එම අරමුදලේ විධායක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක්  ඊයේ (02) පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ළමුන් සම්බන්ධයෙන් පවතින නීති, වීඩියෝ තාක්ෂණ ඔස්සේ ළමුන්ට සාක්ෂි ලබාදීමේ පහසුකම්, ළමා සහ යෞවන ආඥා පනත, ළමුන් සම්බන්ධයෙන් පවතින නඩු කඩින්ම කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය.

අධිකරණයේ විභාගවන නඩු කටයුතු වලදී දරුවන්ගෙන් සාක්ෂි ළබා ගැනීමේදී විඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දීමේ හැකියාව අපරාධ නීති විධිවිධාන සංග්‍රහයේ සංශෝධනය අනුව සකස් කර ඇති අතර එම ක්‍රියාවලිය පිළිබඳ ද විනිසුරුවරුන් දැනුවත් කිරීම් සිදු කර ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව මෙහිදි අමාත්‍යවරයා කියා සිටියේය.

ළමුන් සම්බන්ධයෙන් පවතින නීති පිළිබඳව විනිසුරු පුහුණු ආයතනය දැනුවත් කිරීම සහ ශ්‍රි ලංකා නීති විද්‍යාලයේ විෂය මාලාව සඳහා ළමුන් සම්බන්ධ නීති ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු බව  අමාත්‍යතුමා මෙහිදී සදහන් කළේය.

වීඩියෝ තාක්ෂණ ඔස්සේ ළමුන්ට සාක්ෂි ලබාදීමේ කාමර පහසුකම් මේ වන විට මහනුවර අධිකරණයේ ස්ථාපිත කර ඇති අතර අනෙකුත් අධිකරණ සඳහා එම පහසුකම් ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡාවේදී අවධානය යොමු විණි.

නඩු ප්‍රමාදය සම්බන්ධයෙන් සාකච්ඡාවේදී අවධානය යොමු වු අතර නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අධිකරණ පද්ධතියට අදාළ ආයතනවල පවතින පුරප්පාඩු ඒ සඳහා ප්‍රධාන හේතුවක් බවත් ඊට විසඳුම් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ විධායක මණ්ඩලයේ උප සභාපතිවරුන් වන , Sophia Tesfamariam (Eritrea), Anna Jóhannsdóttir (Iceland), Alejandra Hernandez Gonzalez (Dominican Republic), Claudio Silvio Nardi (Liechtenstein), විධායක ලේකම් කාර්යාලයේ ලේකම්, Andres Franco, විධායක මණ්ඩල ලේකම් කාර්යාලයේ කර්තෘ සහ උපාය මාර්ගික විශේෂඥ Natalie Leston යන මහත්ම මහත්මීන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

Img 01 01 Img 01 02 Img 01 03 Img 01 04

FaLang translation system by Faboba

කතුහිමිකම © 2026 අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

Sri Lanka 44.9% Sri Lanka
China 22.6% China
Singapore 15.4% Singapore
United States of America 7.5% United States of America
United Kingdom of Great Britain and Northern Ireland 2.5% United Kingdom of Great Britain and Northern Ireland

Total:

121

Countries
073218
Today: 1,483
This Week: 5,297
This Month: 25,728
This Year: 73,163

Last Modified:
08 January 2026