මීගමුව බන්ධනාගාරයේ ඇති වු සිද්ධියෙන් මිය ගිය නිලධාරීන් සහ රැඳවියන් සිහිපත් කර ඔවුන්ට පිං අනුමෝදන් කිරීමේ මතක බණ ධර්ම දේශනයක් අති පුජ්‍ය මීගොඩ සුඛිත ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් අද (13) පෙරවරුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී පැවැත්විණි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන මෙනෙවිය, වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර මහතා ඇතුළු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වු සිද්ධියෙන් මිය ගිය නිලධාරීන් සහ රැඳවියන් සිහි කරමින් පිං අනුමෝදන් කිරීම සහ සිද්ධියෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන නිලධාරීන්ට සහ රැඳවියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කිරීම ද සිදු විණි.

දණ්ඩනයට නියම වූ බන්ධනාගාර රැඳවියන්ට ජනාධිපති පොදු සමාව දීම සඳහා වන ක්‍රමානුකුල, සාධාරණ සහ විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් සඳහා සකස් කරන ලද වාර්තාව විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා විසින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන මෙනවිය වෙත භාරදීම අද (10)දින අධිකරණ අමාත්‍යාංශයේදී සිදුවිය.
2025 ජුනි 25 දින කැබිනට් මණ්ඩලය විසින් දැනට පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 34 (1) ව්‍යවස්ථාවේ අතුරු විධානය ඇතුළුව අනෙකුත් නීති ආඥා පනත් සහ නඩු තින්දු ද, අධ්‍යයනය කරමින් බන්ධනාගාර ක්ෂේත්රයේ පවතින පරිපාලනමය ක්‍රියා පටිපාටියන්හි අඩු ලුහුඩුකම් සකස් කොට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ධිකරණයේ විශ්‍රාමික විනිසුරු එස්. තුරෙයිරාජා මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කරන ලදී.
මෙම කමිටුවේ අනෙකුත් සාමාජිකයින් වූයේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, අතිරේක සොලිස්ටර් ජනරාල් නෙරින් පුල්ලේ, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංග කරවිට, පුනරුත්ථාපන කාර්යාංශයේ සභාපතිනි මහාචාර්ය වසන්තා සුභසිංහ, විශේෂඥ වෛද්‍ය චිත්තහාරි අභයනායක, හිටපු වැඩබලන බන්ධනාගාර කොමසාරිස් නිෂාන් ධනසිංහ, වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් (නීති) රොෂානි හෙට්ටිගේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් චන්දිමා වැලිකල යන මහත්ම මහත්මීන්ය.
බන්ධනාගාරවල දැනට පවතින අධික තදබදය අවම කිරීම සහ රැඳවියන් පුනරුත්ථාපන ක්‍රමවේදයන්හි පවතින විවිධ අඩුලුහුඬුකම් මග හරවා ගනිමින්, ජාත්‍යන්තර ප්‍රමින්තීන්ට අනුගත විය හැකි බන්ධනාගර පද්ධතියක් සඳහා රජය ගෙන යන ප්‍රතිසංස්කරණවල එක් මූලික පියවරක් ලෙස මෙය හැඳින්විය හැකිය. මෙකී නිර්දේශ සළකා බලා සුදුසු අයුරින් ක්‍රියාත්මක කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් ඉදිරි කාලයේ දී සිදු කරනු ඇත.

2026 ජූලි 5 සහ ජූලි 6 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුල ඇති වූ හදිසි තත්වය හේතුවෙන්, එම පරිශ්‍රය දැඩි ලෙස විනාශයට පත්ව ඇති අතර‚ එය අපරාධ ස්ථානයක් බවටද සැලකේ. එහෙයින් එම පරිශ්‍රය තුල රැඳවියන් රඳවා තැබීම නුසුදුසු බවට බන්ධනාගාර පරිපාලනය විසින් තීරණය කර ඇත.
එසේ හෙයින්, විමර්ශන නිලධාරීන්ට අපරාධ ස්ථානයෙහි ආරක්ෂිතව විමර්ශන කටයුතු සිදු කිරීමට ඉඩ හැරීමටද, රැඳවියන්ගේ ආරක්ෂාව සැලැස්වීමටද‚ විමර්ශන කටයුතු අවසාන වීමෙන් පසු මීගමුව බන්ධනාගාර පරිශ්‍රය ප්‍රතිසංස්කරණය කිරීම කඩිනමින් ආරම්භ කිරීමටද හැකි වන පරිදි මෙම පරිශ්‍රයේ රඳවා සිටි රැඳවියන් බොහෝමයක් වෙනත් බන්ධනාගාර පරිශ්‍රයන් වෙත තාවකාලිකව මාරු කිරීම සිදු කර ඇත.
එසේම‚ දැනට පවත්වා ගෙන යනු ලබන බන්ධනාගාර වල සිර ඝනත්වය සහ රැඳවියන්ගේ සුභසාදනය සලකමින් පවතින බන්ධනාගාර වලට වැඩිමනත් ලෙස, තාවකාලික පදනමින් වෙනත්, සුදුසු පරිශ්‍රයන් වෙත රැඳවියන් යම් ප්‍රමාණයක් විතැන් කිරීමේ අවශ්‍යතාවය පැන නැඟී ඇත.
එබැවින්‚ මීගමුව බන්ධනාගාරය ප්‍රතිසංස්කරණය කිරීම අවසන් කරන තුරු, තාවකාලික පදනමින් "මහමෝදර" සහ "පැරණි බෝගම්බර" පරිශ්‍රයන් බන්ධනාගාර ආඥා පනතේ කාර්යයන් සඳහා බන්ධනාගාරයන් ලෙස පිහිටුවීමට නියමයන් නිකුත් කොට ඇත.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම හේතුවෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ හත්දෙනාගේ දේහයන් තැන්පත් කර ඇති වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් දේහයන් පිළිබඳ අවසන් ගෞරව දැක්වීම සඳහා ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයෙෂා ජිනසේන මෙනවිය අද (08) දින පෙරවරුවේ එක්විය.
මියගිය අයගේ දේහයන් පිලිබඳ අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව ඉවතට පැමිණි අමාත්‍යවරයා වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ප්‍රසාද් හේමන්ත මහතා ඇතුළු නිලධාරීන් සමග සංවේදී වෙමින් කථාබහක නිරතවිය.
මෙම අවස්ථාවට, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහ මිය ගිය නිලධාරීන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවු සිද්ධියෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් විමසීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඊයේ ( 06) පස්වරුවේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණයක නිරත වුණා. රෝහල වෙත පැමිණි අමාත්‍යතුමා තුවාල ලබා සිටින නිලධාරීන්ට සිදු කරන ප්‍රතිකාර සහ අවශ්‍ය පහසුකම් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සහ රෝහලේ කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කරන ලදී.

- ජාතික නීති ආධාර දිනය අගවිනිසුරු හා අධිකරණ ඇමති ප්‍රධානත්වයෙන්
- කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සිවිල් සංවිධාන නියෝජිතයින් සහ මහජන නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාව.
- අධිකරණ සහ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ යාපනය සිවිල් සංවිධාන නියෝජිතයින් අතර සාකච්ඡාවක් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
- අරියාලෙයි සිත්තුපති චෙම්මිනි සමූහ සුසාන භූමියෙහි කැණිම් කටයුතු නිරීක්ෂණය කිරීම සදහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා එක්විය.







