චෙම්මිනි සමුහ සුසාන භුමියෙහි කැණිම් කටයුතු සාර්ථකව සිදු වෙනවා
මෙහි පරීක්ෂණ කටයුතු සිදු කර යුක්තිය සත්‍ය සොයා අවසානයක් ළගා කරන්න රජයට අවශ්‍යයි.
එහි කැණිම් කටයුතු නිරීක්ෂණය කරමින් අධිකරණ ඇමති පවසයි.
අරියාලෙයි සිත්තුපති චෙම්මිනි සමූහ සුසාන භූමියෙහි කැණිම් කටයුතු නිරීක්ෂණය කිරීම සදහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද ( 19) පස්වරුවේ එක්විය.
සමුහ සුසාන භූමියෙහි කැණිම් කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මෙසේ සදහන් කළේය.
චෙම්මිණි සමුහ සුසාන භූමියෙහි කැණිම් කටයුතු සාර්ථකව සිදු කෙරෙනවා. අතුරුදහන් වු පුද්ගලයින් සදහා වු කාර්යාලය සහාය ලබා නොදන බවට කරනු ලබන ප්‍රකාශ සම්පුර්ණයෙන්ම වෙනස්. ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය ලබාදී තිබෙනවා. එහි කැණිම් කටයුතු සිදු කරනු ලබන ආකාරය නිරීක්ෂණය කරනු ලැබුවා. මෙහි කැණිම් කටයුතු සම්බන්ධයෙන් අපි සෑහිමකට පත් වෙනවා.මෙහි කැණිම් කටයුතු වේගවත් කරනු ලබන ආකාරය පිළිබදව ගරු මහෙස්ත්‍රාත්තුමා සමඟත් විශේෂඥයින් සමඟත් සාකච්ඡා කළා. මෙහි පරීක්ෂණ කටයුතු සිදු කරලා යුක්තිය සත්‍ය හොයලා මෙහි අවසානයක් ළගා කරන්න රජයට අවශ්‍යයි.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් කුමාර සෝමදේව මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්ව විද්‍යාල පුරා විද්‍යා විද්‍යාර්ථින්, වෛද්‍යවරුන් ඇතුළු විශේෂඥයින් සමුහ සුසාන භූමියෙහි කැණිම් කටයුතු සිදු කරනු ලබයි.
සමුහ සුසාන භූමියෙහි කැණිම් කටයුතු අතුරුදහන් වු තැනැත්තන් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්න සඳහා ද අමාත්‍යතුමා පිළිතුරු ලබා දෙන ලදී.
යාපනය මහෙස්ත්‍රාත්තුමා, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන කේ. ඉලන්කුමාරන්, රජීවන් ජය චන්ද්‍රමුර්තී, කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් අතුරුදහන් වු තැනැත්තන් පිළිබද වු කාර්යාලයේ සභාපති මහේෂ් කටුලන්ද යන මහත්වරුන් අතුරුදහන් වු තැනැත්තන් පිළිබද වු කාර්යාලයේ නිලධාරීන්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් , නීතිඥවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

- සාමකාමී ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට නම්, සෑම පුරවැසියෙකුටම තම භාෂාවෙන් රාජ්‍යය සමඟ සම්බන්ධවීමේ අයිතිය ප්‍රායෝගිකව තහවුරු කළ යුතුයි. - අධිකරණ ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර
- රජයේ කාර්යාලයකට පැමිණ තමා දන්නා භාෂාවෙන් කිසියම් අවශ්‍යතාවක් ඉටු කරගැනීමට නොහැකි වුවහොත් එම පුරවැසියාට තමන් මේ රටේ කොන්වුණු, දෙවැනි පෙළ පුරවැසියෙක් හැටියට දැනෙනවා. - රාජ්‍ය පරිපාලන ඇමති මහාචාර්ය චන්දන අබයරත්න
අමාත්‍යවරුන් දෙපල මෙම අදහස් පළ කළේ 'Clean Sri Lanka' වැඩසටහන යටතේ රජයේ කාර්යාලවල මහජන සේවා සඳහා භාවිත වන පොදු ආකෘති පත්‍ර 23ක් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සකස් කර අන්තර්ජාලයට මුදාහැරීමේ විශේෂ සමාරම්භක උත්සවය අද (ජූලි 01) පෙරවරුවේ කොළඹ 05, ඇල්විටිගල මාවතේ පිහිටි නිල මැදුර ශ්‍රවණාගාරයේදී පැවති අවස්ථාවේදී ය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සහ ගරු රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා විසින් www.moha.gov.lk වෙබ් අඩවිය හරහා මෙම ත්‍රෛභාෂා ආකෘති පත්‍ර සමූහය නිල වශයෙන් ජනතා අයිතියට පත් කරන ලදී.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිත ආයතනය (ICTA) මඟින් ක්‍රියාත්මක කරනු ලබන 'eForms System' ව්‍යාපෘතිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ක්‍රියාත්මක කිරීමේ පියවරක් ලෙස මෙම වැඩපිළිවෙළ දියත් කර ඇත. වර්තමානයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පළාත් පාලන ආයතන මඟින් හා ග්‍රාම නිලධාරී කාර්යාල ඔස්සේ මහජනතාව වෙත සේවා සැපයීමේදී ප්‍රමුඛතාවය ලබා දිය යුතු ඉඩම්, සමාජ සේවා සහ විවිධ බලපත්‍ර ලබාගැනීමට අදාළ පොදු ආකෘති පත්‍ර 23ක් මෙලෙස භාෂාත්‍රයෙන්ම සකස් කර තිබේ. ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් ස්වදේශ කටයුතු අංශයේ විශේෂ කමිටුවක් විසින් මෙම ආකෘති පත්‍ර සම්පාදනය කර ඇති අතර රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් භාෂාත්‍රයට පරිවර්තනය කර ඇත.
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුකූලව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජාතික භාෂා අංශයේ පූර්ණ දායකත්වයෙන් යුතුව සකස් කරන ලද අතර ජුලි මස 01 දින සිට 05 වන දින දක්වා යෙදී ඇති රාජ්‍ය භාෂා සතියට සමගාමීව මෙම ආකෘති පත්‍ර රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයීය ස්වදේශ කටයුතු අංශයේ නිල වෙබ් අඩවිය වන www.moha.gov.lk වෙත වෙබ් අඩවියට වෙත මුදා හැරීම මෙහිදී සිදු විය.
මෙහිදී අදහස් දක්වමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා කියා සිටියේ සාමකාමී ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට නම්, සෑම පුරවැසියෙකුටම තම භාෂාවෙන් රාජ්‍යය සමඟ සම්බන්ධවීමේ අයිතිය ප්‍රායෝගිකව තහවුරු කළ යුතු බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නානායක්කාර මහතා මෙසේ ද අවධාරණය කළේ ය.
"අපේ රටේ පැවති යුද්ධය ඇතිවීමට භාෂා ගැටලුව ප්‍රධාන හේතුවක් වුණා. රාජ්‍ය ආයතනයක කිසියම් රාජකාරියක් ඉටු කර ගැනීමේදී තමන් දෙවන පුරවැසියෙක් යන්න නොව සියලු දෙනා සමානයි යන හැඟීම ඇති විය යුතුයි. ආකෘති පත්‍ර 23 ක් භාෂා තුනකින් ලබාදීම සමහරුන්ට කුඩා කාර්යයක් ලෙස පෙනෙන්නට පුළුවන්. නමුත් මම විශ්වාස කරනවා, මේ වගේ කුඩා පියවර තමයි විශාල සමාජ පරිවර්තනයන්ට මූලික වන්නේ කියලා.
බහු සංස්කෘතික, බහු භාෂාමය සහ බහු ආගමික සමාජයක් ලෙස ශ්‍රී ලංකාව තුළ සෑම පුරවැසියෙකුටම තම මව් භාෂාවෙන් රාජ්‍ය සේවාවක් වෙත ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කිරීම රාජ්‍යයේ මූලික සමාජ වගකීමක්. පුද්ගලයකු රාජ්‍ය ආයතනයකට පැමිණෙන විට, තමන්ගේ භාෂාව නිසා බියක්, අපහසුතාවයක් හෝ අහිමි වීමේ හැඟීමක් ඇති විය යුතු නැහැ. රාජ්‍යය කියන්නේ සියලු දෙනාට අයත් පොදු නිවසක්. ඒ නිසා එහි දොරටු සියලු භාෂා වලින් විවෘත විය යුතුයි. අනාගතයේ දී සියලු ජන කොටස්වලට විශ්වාසනීය සාමකාමී ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට නම්, මෙම වැඩපිළිවෙළ ප්‍රායෝගිකව ඉදිරියට ගෙන යා යුතුයි."
මෙහිදී රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සඳහන් කළේ මෙම පියවර රටේ ශිෂ්ටත්වයේ ප්‍රමාණය මැනිය හැකි සන්ධිස්ථානයක් බවත් රජයේ කාර්යාලයකට පැමිණ තමා දන්නා භාෂාවෙන් කිසියම් අවශ්‍යතාවක් ඉටු කරගැනීමට නොහැකි වුවහොත් එම පුරවැසියාට තමන් මේ රටේ කොන්වුණු, දෙවැනි පෙළ පුරවැසියෙක් හැටියට දැනෙන බවයි.
වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ පැවසී ය.
" මිනිසුන් වඩාත් ශිෂ්ටසම්පන්න සබඳතාවලට අවතීර්ණ වෙලා තවම කෙටි කාලයයි වන්නේ. ඒ කාලය තුළත් වැඩිපුරම තිබුණේ ගැටුම්. ලෝකයේ ප්‍රධාන ආගම්වල හර පද්ධතීන් ගැන අපි හොඳින් දැනගෙන සිටියත්, මානව උන්නතිය වෙනුවෙන් ඉටු කළ යුතු යම් යම් අතිශය සංවේදී සහ තීරණාත්මක කරුණු වලදී අපි අවධානය යොමු කරලා තියෙන්නේ ඉතාම අඩුවෙන්."
ලෙනාඩ් වුල්ෆ්ගේ 'බැද්දේගම' පොතේ සිලිඳුගේ නඩු විභාගය සිහිපත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ භාෂාව නොදැනීම නිසා එදා සිටම පුරවැසියා අසරණ වූ බවයි. එමෙන්ම වර්තමානයේ පවතින ආකෘති පත්‍රවල භාෂාව සිංහල ජනතාවට පවා ඇතැම් විට තේරුම් ගැනීමට අපහසු බවත්, ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත් සහ වැඩිහිටි දීමනා අයදුම්පත් පවා වයෝවෘද්ධ ප්‍රජාවට තනිවම පුරවා ගැනීමට නොහැකි තරම් සංකීර්ණ බවත් ඔහු පැවසීය. බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට පැවත එන ක්‍රමවේදයන් සහ ආකෘති පත්‍ර රැසක් තවදුරටත් වෙනස් විය යුතු බව හෙතෙම අවධාරණය කළේය.
"මේ වෙනස්කම් ඔක්කොම එකවරම කරන්න පුළුවන්කමක් නැහැ. නමුත් අද තබන මේ පියවර, අනාගතයේ දැවැන්ත පරිවර්තනයක් සඳහා දායක වෙයි. මෙවැනි පියවරකින් අපට ජාත්‍යන්තර තලයේදී තිබුණු යම් යම් කළු පැල්ලම් ඉවත් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම පුරවැසියන්ට තමන් සමාන ශ්‍රී ලාංකිකයන් හැටියට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය වෙනවා. ඒ නිසා මේක දැවැන්ත, යෝධ පියවරක්."
මෙම නව වැඩපිළිවෙළ යටතේ රජයේ ඉඩම් ලබාගැනීම, අනවසර ඉඩම් නියාමනය, ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත්, වැඩිහිටි හා ආබාධිත දීමනා, වගා හානි ආධාර මෙන්ම විවිධ දැව හා කැනීම් බලපත්‍ර ලබාගැනීමට අදාළ අයදුම්පත් මින් ඉදිරියට ඕනෑම අයෙකුට වෙබ් අඩවියෙන් පහසුවෙන් බාගත කරගත හැක.
ඉදිරියේදී මෙම ආකෘති පත්‍ර කාර්යක්ෂමව භාවිත කිරීම සම්බන්ධයෙන් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කරමින් විශේෂ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද රජය සැලසුම් කර ඇත.
මෙම අවස්ථාවේදී රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, අතිරේක ලේකම් ඔමාලි විමලරත්න, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වී.මධුමතී (ජාතික ඒකාබද්ධතා) යන මහත්ම මහත්මීන් අදහස් පළ කළ අතර, රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක අශෝක පීරිස්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. ඒ.එන්. එස්. විජයසිංහ (පාලන), කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජනක කුමාර යන මහත්වරුන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සහ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියොජිතයින් පිරිසක් අතර සාකච්ඡාවක් අද (22) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණ.
ළමුන් සම්බන්ධයෙන් පවතින නඩු සඳහා වීඩියෝ තාක්ෂණ ඔස්සේ ළමුන්ට සාක්ෂි ලබාදීමේ පහසුකම්, ළමා සහ යෞවන ආඥා පනත, ළමුන් සම්බන්ධයෙන් පවතින නඩු කඩිනම් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය.
අධිකරණයේ විභාගවන නඩු කටයුතු වලදී දරුවන්ගෙන් සාක්ෂි ළබා ගැනීමේදී විඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දීමේ හැකියාව අපරාධ නීති විධිවිධාන සංග්‍රහයේ සංශෝධනය අනුව සකස් කර ඇති අතර එම ක්‍රියාවලිය පිළිබඳ ද විනිසුරුවරුන් දැනුවත් කිරීම් සිදු කර ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව මෙහිදි අමාත්‍යවරයා කියා සිටියේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ළමා හිංසනය පිළිබඳ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත Dr. Najat Maalla M’jid, යුනිසෙෆ් සංවිධානයේ නියෝජිත Emma Brigham මහත්මිය, යුනිසෙෆ් සංවිධානයේ ළමා ආරක්ෂණ විශේෂඥ වෛද්‍ය හේමමාල් ජයවර්ධන යන මහත්ම මහත්මීන්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙරට සංචාරයක නිතර එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ විධායක මණ්ඩලයේ සභාපති Rein Tammsaar (Estonia) මහතා ඇතුළු එම අරමුදලේ විධායක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (02) පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ළමුන් සම්බන්ධයෙන් පවතින නීති, වීඩියෝ තාක්ෂණ ඔස්සේ ළමුන්ට සාක්ෂි ලබාදීමේ පහසුකම්, ළමා සහ යෞවන ආඥා පනත, ළමුන් සම්බන්ධයෙන් පවතින නඩු කඩින්ම කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය.
අධිකරණයේ විභාගවන නඩු කටයුතු වලදී දරුවන්ගෙන් සාක්ෂි ළබා ගැනීමේදී විඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දීමේ හැකියාව අපරාධ නීති විධිවිධාන සංග්‍රහයේ සංශෝධනය අනුව සකස් කර ඇති අතර එම ක්‍රියාවලිය පිළිබඳ ද විනිසුරුවරුන් දැනුවත් කිරීම් සිදු කර ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව මෙහිදි අමාත්‍යවරයා කියා සිටියේය.
ළමුන් සම්බන්ධයෙන් පවතින නීති පිළිබඳව විනිසුරු පුහුණු ආයතනය දැනුවත් කිරීම සහ ශ්‍රි ලංකා නීති විද්‍යාලයේ විෂය මාලාව සඳහා ළමුන් සම්බන්ධ නීති ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු බව අමාත්‍යතුමා මෙහිදී සදහන් කළේය.
වීඩියෝ තාක්ෂණ ඔස්සේ ළමුන්ට සාක්ෂි ලබාදීමේ කාමර පහසුකම් මේ වන විට මහනුවර අධිකරණයේ ස්ථාපිත කර ඇති අතර අනෙකුත් අධිකරණ සඳහා එම පහසුකම් ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡාවේදී අවධානය යොමු විණි.
නඩු ප්‍රමාදය සම්බන්ධයෙන් සාකච්ඡාවේදී අවධානය යොමු වු අතර නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අධිකරණ පද්ධතියට අදාළ ආයතනවල පවතින පුරප්පාඩු ඒ සඳහා ප්‍රධාන හේතුවක් බවත් ඊට විසඳුම් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ විධායක මණ්ඩලයේ උප සභාපතිවරුන් වන , Sophia Tesfamariam (Eritrea), Anna Jóhannsdóttir (Iceland), Alejandra Hernandez Gonzalez (Dominican Republic), Claudio Silvio Nardi (Liechtenstein), විධායක ලේකම් කාර්යාලයේ ලේකම්, Andres Franco, විධායක මණ්ඩල ලේකම් කාර්යාලයේ කර්තෘ සහ උපාය මාර්ගික විශේෂඥ Natalie Leston යන මහත්ම මහත්මීන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

අධිකරණ ක්‍රියාවලිය පහසු කරවීම සඳහා ගරු සේවයක් ලබාදීම වෙනුවෙන් අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 108 වගන්තිය යටතේ හදිසි මරණ පරීක්ෂකවරුන් පත් කරනු ලබයි.
හදිසි මරණ පරීක්ෂකවරුන් විසින් ලබා දෙන සේවය ගරු සේවයක් බවත්, ඔවුන් එම සේවය දවසේ ඕනෑම වේලාවක ලබා දිය යුතු වේ.
මියගිය පුද්ගලයින්ගේ ඥාතින් පසුවන සංවේදී මානසික තත්වය උපයෝගි කර ගනිමින් ඇතැම් හදිසි මරණ පරීක්ෂකවරුන් එම ඥාතීන්ගෙන් අල්ලස් ලෙස මුදල් මෙන්ම වෙනත් වරදාන සහ වරප්‍රසාද ගන්නා බවට නිරන්තරයෙන් අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබේ.
ඒ සඳහා ඔවුන්ට මුදල් හෝ වෙනත් ප්‍රතිලාභයක් ලබාදීම නීති විරෝධි වන බැවින් එවැනි ප්‍රතිලාභයක් ඉල්ලා සිටියහොත් වහාම පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඒ අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ 0702724637 (වට්ස් ඇප්) අංකයට හෝ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 1954 අංකය වෙත දැනුම් දිය හැක.
ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නිතීඥ හර්ෂණ නානායක්කාර මහතා සහ කෑගල්ල, වරකාපොල, මාවනැල්ල, රුවන්වැල්ල නීතීඥ සංගම් වල නියෝජිතයින් සමග සාකච්ඡාවක් ඊයේ (04) වන දින කෑගල්ල අධිකරණ සංකීර්ණයේදී පැවැත්විණ.
කෑගල්ල අධිකරණ සංකීර්ණයේ අධිකරණමය කටයුතු කිරීමේදී ඇතිවන ගැටළු, නඩු වාර්තා ගබඩා කිරීමේදී ප්‍රමාණවත් පරිදි පහසුකම් නොමැතිවීම, නීතිඥ මහතුන්ට සහ අධිකරණ සේවකයන් වෙනුවෙන් වාහන නැවැත්වීම සඳහා සුදුසු වාහන අංගනයන් සකස් කර ගැනීම සම්බන්ධයෙන් නීතිඥ මහතුන් විසින් අමාත්‍යතුමන් දැනුවත් කල අතර එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මෙම අධිකරණ සංකීර්ණය වෙනුවට නවීන පහසුකම් සහිත මහල් හයකින් යුක්ත නව අධිකරණ සංකීර්ණයක් ඉදි කිරීම සඳහා අවශ්‍ය මූලික වැඩ කටයුතු මේ වන විටත් සකස් කර අවසන් බවයි.
එමෙන්ම වාහන නැවත්වීම සඳහා භූමියේ පිහිටීම සලකා බලා අවශ්‍ය ඉඩ පහසුකම් සහිත වාහන අංගනයක් සකස් කිරීමට සොයා බලා කටයුතු කරන ලෙස ද එම ඉදි කිරීම් කටයුතු පරිසරය ආරක්ෂා වන ආකාරයට සිදු කරන මෙන් අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත දැනුම් දුන් අතර මේ සඳහා අවශ්‍ය ප්රතිපාදනද ප්‍රමාණවත් බවද අමාත්‍යවරයා විසින් නීතිඥ මහත්ම මහත්මීන් වෙත දැනුම් දෙන ලදී.
පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී නීතිඥ සාගරිකා අතාවුද මහත්මිය, කෑගල්ල නීතිඥ සංගමයේ සභාපති ආනන්ද කුමාරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු කෑගල්ල, වරකාපොල, මාවනැල්ල, රුවන්වැල්ල යන නීතිඥ සංගම් වල නියෝජිතයින් පිරිසක් සහ අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් විය.

- බන්ධනාගාරගත කාන්තා රැඳවියන්ගේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය වෙනුවෙන් ජාතික සමඟිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීම
- අධිකරණ ඇමති පානදුර අධිකරණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි.
- අධිකරණ ඇමති එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ විධායක මණ්ඩලයේ සභාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් හමු වෙයි.
- ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක්







