2023 අංක 2 දරන පනරුත්ථාපන කාර්යංශය පනත

දැක්ම

To create an Intelligent, Healthy and a disciplined future generation.

මෙහෙවර

අනාගත ශ්‍රී ලංකා සමාජය බුද්ධියෙන් පිරිපුන්, නිරෝගීමත්, ශක්තිසම්පන්න,විනයගරුක මිනිසුන්ගෙන් යුත් සමාජයක් ලෙස ගොඩ නැගීම

අරමුණු

  • පුනරුත්ථාපනලාභීන්ගේ ආර්ථික , සමාජීය හා අධ්‍යාපන මට්ටම අනුව යුධ මානසිකත්වයෙන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත්වීම සඳහා සහය වීම, මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රම තුළින් චර්යාත්මක වෙනසකට භාජනය කිරීම.
  • Tඔවුන්ගේ ජිවන වටපිටාව හා වාතාවරණය වෙනස් කිරීම තුලින් සටන්කාමිත්වය හා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමෙන් මොවුන් මුදවා ගැනීම.
  • සමාජගත වීමෙන් පසු රැකියා අවස්ථාවන් උදාකර ගැනීමට හැකිවන පරිදි වෘත්තීය දැනුම ලබා දීම.
  • පවුල් සංස්ථාව ශක්තිමත් කිරීම, එහි වැදගත්කම, ද්විපාර්ශවීය වගකීම් අවබෝධ කර දීම හා පවුල් සංස්ථාව පවත්වා ගෙන යාම සඳහා වූ ආර්ථික, සමාජීය හා සුභසාධන කටයුතු නගා සිටුවීම.

කාර්යභාරය

පුනරුත්ථාපන ක්‍රියාවලියේ පළමු අදියර ලෙස මුල් මාස 06 තුළ මානසික හා කායික සංවර්ධන වැඩසටහන් (ආධ්‍යාත්මික, උපදේශනය, යෝගා හා විවිධ චිකිත්සක ), අධ්‍යාපනික වැඩසටහන් ( ත්‍රෛ භාෂා, තාක්ෂණික දැනුම හා විශේෂ දින සැමරුම් සෞන්දර්යාත්මක වැඩසටහන් ( චිත්‍ර, නාට්‍ය, සංගීත හා මුර්ති ) ක්‍රිඩා වැඩසටහන්, නායකත්ව හා පෞර්ෂ වර්ධන වැඩසටහන් හා සමාජගත විමෙන් අනතුරුව රැකියා අවස්ථාවන් උදාකර ගැනීමට අවශ්‍ය ජීවනෝපාය ගොඩනැගීමට ස්වයං රැකියා පුහුණු වැඩසටහන් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වෙතින් සංවිධානය කර පවත්වනු ලබයි.

පුනරුත්ථාපන ක්‍රියාවලියේ දෙවන අදියර ලෙස අවසන් මාස 06 තුල වෘත්තීය පුහුණු පාඨමාලාවන් ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (NAITA), ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සහ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයේ උපදේශකයින් විසින් පවත්වනු ලබයි. එහිදි පාඨමාලා අවසානයේ සමත් වන අයවලුන් වෙනුවෙන් NVQ III මට්ටමේ සහතික පත්‍රයක් තෘතීයීක හා වෘත්තීය කොමිසන් සභාව (TEVC)වෙතින් ලබා දෙනු ලබයි.

පුනරුත්ථාපනයෙන් පසු සමාජගත වන පුනරුත්ථාපනලාභීන්ගේ පසුවිපරම් කටයුතු සිදු කිරිම

වසරක කාලයක් මෙම කාර්යාංශය යටතේ පුනරුත්ථානය වීමෙන් අනතුරුව සමාජගත වන මෙම පුනරුත්ථාපනලාභීන්ගේ ජීවන තත්වය නගාසිටුවිමේ අරමුණින් පුනරුත්ථාපනය වුවන්ගේ ආර්ථික, සාමාජීය හා සුභසාධන කටයුතු නංවාලීම සඳහා සම්බන්ධිකරණ කාර්යාලයන් (පුආසාසුකසම්කා ) දිවයිනේ සියලු දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි පිහිටුවා ඇත. මෙහි දී එම කාර්යාල මගින් සමාජගත පුනරුත්ථාපනලාභීන් පිළිබඳව පසුවිපරම් කර ඔවුන්ගේ ආර්ථික, සාමාජීය හා සුභසාධන අවශ්‍යතාවයන් ඉටු කිරිමට අවශ්‍ය කටයුතු සම්බන්ධිකරණය කරනු ලබයි.

සමාජගත වන පුනරුත්ථාපනලාභීන්ගේ ආර්ථික සමාජීය සුභසාධන කටයුතු සිදු කිරිම උදෙසා මෙන්ම ඔවුන්ගේ සුරක්ෂීතභාවය සඳහා විෂයගත විද්වත් නිලධාරින් අන්තරයාකර ඖෂධ පාලක ජාතික මණ්ඩල නිලධාරින්/ සමාජ සේවා උපදේශන නිලධාරින්/පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් ග්‍රාම නිලධාරින් හා මහජනතාව සඳහා ප්‍රජා මුල දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

එසේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ රටේ අනාගත පැවැත්ම සහ අනාගතය තීරණය කරන පාසල් දරුවන් මත්ද්‍රව්‍යව සඳහා ඇබ්බැහි කරවීමට ය. එමඟින් ජාවාරම්කරුවන්ට දීර්ඝ කාලයක් තම ජාවාරම් කටයුතු කරගෙන යාමට හැකියාවක් ලැබෙන නිසාවෙන් මෙම පාසල් ළමුන් ඊට ගොදුරක් වනු ඇත. ඒ අනුව පාසල් ළමුන් දැනුවත් කිරිම සඳහා වැඩසටහන් පවත්වනු ලබයි.

විමසීම් විස්තර

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය,
අංක: 462/2,කඩුවෙල පාර,
ගනහේන,
බත්තරමුල්ල.

+94 112 883 891/ +94 112 577 457
+94 112 883 737/ +94 112 883 899
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

වෙබ් අඩවිය

නිළ මුහුණු පොත

යූටියුබ්

විමසීම් විස්තර

නම සහ තනතුර දුරකතන අංකය ෆැක්ස් අංකය
මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි RSP VSP USP ndu psc
පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්
+94 112 883 736 +94 112 883 737
+94 112 883 899
බ්‍රිගේඩියර් ටනිල්ක පෙරේරා
නියෝජ්‍ය පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්
+94 112 883 177 +94 112 883 737
+94 112 883 899
බ්‍රිගේඩියර් ප්‍රියංකර විදානගමගේ RSP IG
අධ්‍යක්ෂ (පුනරුත්ථාපන/පශ්චාත් පුනරුත්ථාපන ප්‍රතිශ්ඨාධාර ශාඛාව)
+94 112 883 891 +94 112 883 737
+94 112 883 899
බ්‍රිගේඩියර් චමින්ද පැස්කුවල්
අධ්‍යක්ෂ (පාලන / සංවිධාන කාර්ය සම්පාදන)
+94 112 883 891 +94 112 883 737
+94 112 883 899