හැඳින්වීම

1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත මඟින් සමථ මණ්ඩල කොමිෂන් සභාව පිහිටුවන ලදී. ඒ යටතේ ශ්‍රිලංකාවේ සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයක් සඳහාම සමථ මණ්ඩල පිහිටුවීම ආරම්භ කරන ලදි. මෙය අධිකරණ ක්‍රියාවලිය පහසු කරලීමේ අරමුණින් ආරවුල් විසඳීමේ විකල්ප ක්‍රමවේදයක් ලෙස අධිකරණ වෙත ඉදිරිපත් වන ආරවුල් වලින් සුළු ආරවුල් විසඳාලීම උදෙසා සකස් කරන ලද ඉතා වටිනා වැඩපිළිවෙලක් ලෙස හඳුන්වා දිය හැකිය. මේ වන විට ශ්‍රි ලංකාව පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 329ක පිහිටුවා ඇති සමථ මූල මණ්ඩලවලසමථකරුවන් 8,266 ක පමණ  පිරිසක් ස්වේච්ඡාවෙන් සේවය කරනු ලබයි.

සමථ මණ්ඩල කොමිෂන් සභාව සාමාජිකයින් 05 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඔවුන් පත්කිරීමේ බලය අතිගරු ජනාධිපතිතුමා සතුවෙයි. පනතේ සඳහන් පරිදි සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සාමාජිකයින් පස්දෙනාගෙන් තිදෙනෙකු උපරිමාධිකරණවල විශ්‍රාමික විනිශ්චයකාරවරුන් විය යුතුය. සමථ මණ්ඩල කොමිෂන් සභාව විසින් සමථකාරවරුන් පත් කිරීම, මාරු කිරීම හා ඔවුන්ගේ විනය පාලනය වැනි සමථ මුල මණ්ඩලවලට අදාල පරිපාලනමය කටයුතු සිදුකරනු ලබයි.

සමථකරණ ක්‍රියාවලිය මඟින් පාර්ශවකරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් අතර ඇතිවන ආරවුල් විසඳා ගැනීම සඳහා තුන්වන පාර්ශවයක් ලෙස සමථකරුවන් කටයුතු කරනු ලබයි. සමථ මුලමණ්ඩල වලට ලැබෙන අරවුල් ප්‍රමාණය මත සමථ මූල මණ්ඩල වල කාර්යක්ෂමතාවය මනිනු ලබයි.

තමන්ගේ ගැටළු විසඳීමට පහසු හා අඩු වියදම් යාන්ත්‍රණයක් ලෙස ප්‍රජාව විසින් සමථකරණය පිළිගැනීමෙන් පසු ප්‍රජාව සමථකරණය දෙසට යොමු විම ඉහළ ගොස් ඇත. එමනිසා සෑම වසරකදීම ලක්ෂයකට අධික ආරවුල් ප්‍රමාණයක් සමථ මණ්ඩල වෙතට යොමු වේ.

more detail click website: http://mediation.gov.lk/

2016 ජනවාරි 01 සිට සැප්තැම්බර් දක්වා ප්‍රගතිය

විස්තරය ආරවුල් සංඛ්‍යාව
සමථකරණය සඳහා යොමුකල ආරවුල් 115,780
සමථයකට පත් කරන ලද ආරවුල් 46,443
සමථයකට පත් කළ ආරවුල් ප්‍රතිශතය 40%

2016.01.01 සිට 2016.09.30 දක්වා පළාත් මට්ටමින් ලද ආරවුල්

edit chart

විශේෂ ඉඩම් සමථකරණය මණ්ඩල
  • යාපනය
  • කිලිනොච්චිය
  • මඩකලපුව
  • ත්‍රිකුණාමලය
  • අනුරාධපුරය

ප්‍රධාන පරමාර්ථය

සමථකරණ ක්‍රියාවලිය මගින් ආරවුල් මැදිව සිටින පාර්ශ්ව හෝ ඇතැම් අවස්ථාවල දී අධිකරණය විසින් යොමු කරනු ලබන ආරවුල් නිරාකරණය කිරීම සඳහා බලය පැවරී ඇති සමථ මණ්ඩලය සංස්ථාගත කිරීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සඳහා පනත මගින් විධිවිධාන සළසනු ලැබේ.

සමථකරුවන් පත් කිරීම සඳහා පටිපාටිය

  • ප්‍රදේශයේ සංවිධාන විසින් නම් කරනු ලැබීමෙන් පසුව කොමිෂන් සභාව විසින් සමථ මූල මණ්ඩල සඳහා සමථකරුවන් පත් කිරීම සඳහා පහුණු පාථමාලා සැළසුම් කරනු ලැබේ. 
  • සමථකරුවන් අපක්ෂපාතී සහ දේශපාලන පක්ෂග්‍රාහිත්වයෙන් තොර බව තහවුරු කර ගැනීමේ අරමුණින් සමථ මූල මණ්ඩල සඳහා තැනැත්තන් නම් කරීම දේශපාලන නොවන සංවිධාන විසින් පමණක් සිදු කල යතු බව පනතේ නිශ්චිතව දක්වා ඇත. 
  • නම් කරනු ලබන තැනැත්තන්ගේ යෝග්‍යතාව මැන බැලීම සඳහා එම තැනැත්තන් සමථකරණ කුසලතා සහ (සමථ පුහුණුකරුවන් විසින් පවත්වනු ලබන) උපක්‍රම පිළිබඳ පාඨමාලාවකට සහභාගි වීම අවශ්‍ය කටයුත්තක් වීම බඳවා ගැනීමේ පටිපාටියේ වැදගත් පැතිකඩක් වේ. කොමිෂන් සභාව විසින් අවශ්‍ය යෝග්‍යතාව, කුසලතා සහ උපක්‍රම සපුරා ඇති තැනැත්තන් සමථකරුවන් වශයෙන් පත් කරනු ලැබේ. 
  • සමථ මණ්ඩල පනත ක්‍රියාත්මක කිරීමේ දී සමථ කරුවන් සහ සමථ පුහුණුකරුවන් වෙත ලබා දෙන පුහුණුව සම්බන්ධයෙන් අවධාරණය කරනු ලැබේ.

සමථකරණය සඳහා යොමු කළ හැකි ආරවුල්

සමථකරණය වෙත අනිවාර්යයෙන් යොමු කල යුතු ආරවුල් සම්බන්ධයෙන් අධිකරණයක නඩුවක් ගොනු කිරීමට පෙර සහ පාර්ශවයන්ගේ තේරීම මත සමථකරණය සඳහා යොමු කල හැකි වශෙයන් අාරවුල් වෙන් කර දැක්වීම පනත මගින් අපෙක්ෂා කරනු ලැබේ. අධිකරණය විසින් සමථකරණය වෙත යොමු කෙරෙන ආරවුල් සඳහා ද විධිවිධාන පවතියි. 

සමථකරණ කෘත්‍ය

ප්‍රදේශය තුළ පැන නැගුන ආරවුලක් සමථයකට පත් කිරීම සඳහා සමථ මූල මණ්ඩලය වෙත ඉල්ලීමක් කිරීමෙන් පසුව, එම ආරවුල ආරවුල්කරුවන්ගේ කැමැත්ත මත සාමාජිකයන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් මණ්ඩලයක් වෙත ඉදිරිපත් කරනු ලැබේ. එකී මණ්ඩලය මූල මණ්ඩල සාමාජිකයින් අතුරින් කළින් තෝරාපත් කර ගත් එක් සාමාජිකයකු ආරවුල්කරුවන් විසින් තෝරාගනු ලබන හෝ පාර්ශ්වයන්ගේ තේරීම අනුව තෝරාගනු ලබන සාමාජිකයන්ගෙන් සමන්විත විය හැකිය. ආරවුලක් මණ්ඩලය වෙත යොමු කිරීමෙන් පසුව මණ්ඩලය පත් කළ යුතුය.

වාණිජ සමථකරණ

සමථකරණ සංකල්පය 2000 අංක 44 දරන ශ්‍රී ලංකා වාණිජ සමථකරණ මධ්‍යස්ථාන පනත මගින් සංස්ථාගත කර ඇත. ශ්‍රී ලංකා වාණිජ සමථකරණ මධ්‍යස්ථාන (CMCSL) පිහිටුවා 2000 සැප්තැම්බර් මස 12 වන දින ක්‍රියාත්මක කරනු ලැබ ඇති අතර, වාණිජ ආරවුල් විසඳීම සහ සමථයට පත් කිරීම සඳහා සමථකරණයට සුළු පිළිගැනීමක් ඇති කිරීම නංවාලීමට සහ වාණිජ ආරවුල් සමථකරණය සහ සමාදාන වීම මගින් විසඳා ගැනීමට පාර්ශ්වයන් දිරි ගැන්වීමට සහ සමථකරණය සහ සමාදාන වීම මගින් වාණිජ ආරවුල් සමථයකට පත් කිරීමට ව්‍යවස්ථාපිතව බලය පවරනු ලැබේ. අවශ්‍ය සමථකරණ සැසි පවැත්විමට සහ ඊට අදාළ ගෙවීම් සිදු කිරීම සම්බන්ධයෙන් මධ්‍යස්ථානය වෙනම ම රීති මාලාවක් සම්පාදනය කර තිබේ. එමෙන් ම සමථකරුවන්ට ආචාරධර්ම පද්ධතියක් ද තිබේ. වාණිජ කාරණා සම්බන්ධයෙන් වඩා වේගවත් සහ කාර්යක්ෂම ආරවුල් නිරාකරණ යාන්ත්‍රණයක් සඳහා පවතින දැඩි අවශ්‍යතාව මත පෞද්ගලික අංශය විසින් සිදු කරන ලද ඉල්ලීම පියවර ගනු ලැබ තිබේ. ඵලදායිතාව, ආචාරධර්ම සහ වේගවත් ක්‍රියාකාරිත්වයක අවශ්‍යතාව ගෙනහැර පාන එම ඉල්ලීමට ප්‍රතිචාරයක් වශයෙන් මෙම මධ්‍යස්ථානය පිහිටවනු ලැබීය.

සමථකරුවන්

යම් නිශ්චිත භූමි ප්‍රදේශයක් සඳහා සමථකරුවන් පත් කරනු ලැබේ. එහි සාමාජිකයින් ප්‍රජාව නියෝජනය කරන තැනැත්තන් වන අතර, නිශ්චිත පරිපාලන ප්‍ර‍දේශය තුළ අධිකරණ බලය එයට හිමි වේ. සමථ මණ්ඩල ප්‍රදේශයකට ම පත් කරන සෑම සමථකරුවන් කණ්ඩායමක් ම අවම වශයෙන් සාමාජිකයන් දොළොස් දෙනෙකුගෙන් සමන්විත විය යුතු අතර, ඉන් පසු දෙනෙකු ප්‍රදේශයේ දිස්ත්‍රික් ලේකම් විසින් නම් කරනු ලබන රාජ්‍ය සේවකයින් විය යුතුය.

  • කොමිෂන් සභාව විසින් පත් කරනු ලබන සභාපතිවරයා සෑම සමථකරුවන් කණ්ඩායමකම ප්‍රධානියා වේ.
  • සමථකරුවන් පූර්ණ ස්වේච්ඡාවෙන් සේවය කළ යුතු අතර, ප්‍රවාහන වියදම් ආවරණය කරන නාමික දීමනාව හැර කිසිඳු ගෙවීමක් සිදු කරනු නොලැබේ.

ප්‍රජා සමථකරණය

පාර්ලිමේන්තුව විසින් 1988 වර්ෂයේ දී 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත සම්මත කරන ලදී. මෙම පනත මගින් ආරවුල්වලට සම්බන්ධ පාර්ශවයන් මෙන්ම යම්තාක් දුරට උපාධි මගින් ද මණ්ඩලය වෙත යොමු කරනු ලබන සියළු ආරවුල් සමථකරණ ක්‍රියාවලිය මගින් විසඳා ගැනීම සඳහා සමථ මණඩලය බලගන්වනු ලබයි. මණ්ඩලය විසින් විසඳීමට ලක්කරනු ලබන ආරවුල් බොහොමයක් ප්‍රජා ආරවුල් වේ. කෙසේ වුව ද බැංකු විසින් විශාල වශයෙන් ණය සම්බන්ධ ආරවුල් මණ්ඩලය වෙත යොමු කරමින් සිටියි. (1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත)

විශේෂයන්ගේ ආරවුල සම්බන්ධ සමථකරණ අවස්ථා

පාර්ලිමේන්තුව විසින් 2003 වර්ෂයේ දී සමථකරණ (විශේෂ ආරවුල්) පනත සම්මත කරන ලදී. 2004 දෙසැම්බර් 26 වන දින ඇති වූ සුනාමි ව්‍යසනයේ ප්‍රතිඵලයක් වශයෙන් ඇති වූ ණය, හානි හෝ ඉල්ලුම ආදි කරුණුවලට අදාළ ආරවුල් සමථකරණය තුළින් විසඳීමට විධිවිධාන සැලැස්වීමේ ගැසට් නිවේදනයක් මෙම පනත යටතේ පලකරන ලදී.

සමථ පුහුණුකරුවන්

අධිකරණ අමාත්‍යාංශය සතුව සථීර සමථ පුහුණුකරුවන් සේවක සංඛ්‍යාවක් සිටියි. මෙම පුහුණුකරුවන් වෙත වරින් වර ප්‍රබෝධන පාඨමාලා ලබාදෙන අතර, විධිමත් පදනමක් මත දිවයින පුරා සිටින සමථකරුවන් සඳහා පුහුණු පාඨමාලා පැවැත්වීමට උපදෙස් දෙනු ලබයි. ප්‍රතිඵල ලඟාකර දීමට දරනු ලබන සමථකරන උත්සාහයන් හි හරය සමථකරණ කුසලතා සහ තත්ත්වයන් පිළිබඳ පුහුණුව දැඩිව විශ්වාස කරනු ලැබේ. සමථ පහුණුකරුවන්, පුහුණු කිරීමේ කාර්යයන්හි පමණක් නිරත වන අතර, සමථ මූල මණ්ඩල වෙත ඉදිරිපත් වන කිසිදු ආරවුලක් සමථකරණය සඳහා මැදිහත් නොවේ.

කාර්යාලය

අධිකරණ අමාත්‍යාංශය නව ගොඩනැගිල්ල,
80, උසාවි පාර,
කොළඹ 12.

+94 112 334 323
+94 112 334 323

ලේකම් කාර්යාලය

+94 112 334 815

පරිපාලන නිලධාරි

+94 112 334 261

පුහුණු ඒකකය

+94 112 334 258

සමථකාරවරුන් ලෙස පත්කිරීම සඳහා නාමයෝජනා කැඳවීමේ නිවේදනය

විශේෂ දැන්වීම්