Accessibility Tools

moj logo

Open menu

බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් මුහුණදීමට සහ රැදවියන්ගේ සුභ සාධනය මුලික කර ගනිමින් දිවයිනේ සියලු බන්ධනාගාර තුළ ඒකාබද්ධ යාන්ත්‍රණයක් පිහිටුවීමේ වැඩපිළිවෙළ යටතේ අගුණකොලපැලැස්ස බන්ධනාගාරය මුලික කරමින් ඒකාබද්ධ යාන්ත්‍රණය පිහිටුවීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් (19) දින පස්වරුවේ අගුණකොලපැලැස්ස බන්ධනාගාර පරිශ්‍රයේදී සිදු විය.

බන්ධනාගාරයේ අධිකාරිවරයාගේ මුලිකත්වය යටතේ රාජ්‍ය ආයතන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම කමිටුව පිහිටුවනු ලැබූ අතර කමිටුව අවම වශයෙන් මාස දෙකකට වරක් හෝ රැස්ව බන්ධනාගාරයේ අවශ්‍යතා සාකච්ඡා කළ යුතු බව අමාත්‍යවරයා අවධාරණය කලේය.

අගුණකොලපැලැස්ස බන්ධනාගාරය තුළ ඒකාබද්ධ කමිටුව පිහිටුවීමේ අවස්ථාවට හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම් අංජලා අමාලි, අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ අධිකාරී එච්. එන්. පී. හෙන්නායක, මාතර සහ හම්බන්තොට භාර නියෝජ්‍ය පොලිස්පති චාමික වික්‍රමසිංහ, රියර් අද්මිරාල් එච්. එන්. එස්. පෙරේරා, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිපුණ දෙහිගම, කර්නල් පී. ඩබ්ලිව් කරුණාරත්න, අගුණකොලපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යා ගලප්පත්ති යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්විය.

  

FaLang translation system by Faboba

பதிப்புரிமை © 2026 நீதி மற்றும் தேசிய ஒருமைப்பாடு அமைச்சு.
அனைத்து உரிமைகளும் கையிருப்பில் கொண்டது.
வடிவமைப்பு மற்றும் அபிவிருத்தி Procons Infotech.

Sri Lanka 44.9% Sri Lanka
China 22.6% China
Singapore 15.4% Singapore
United States of America 7.5% United States of America
United Kingdom of Great Britain and Northern Ireland 2.5% United Kingdom of Great Britain and Northern Ireland

Total:

121

Countries
073218
Today: 1,483
This Week: 5,297
This Month: 25,728
This Year: 73,163

Last Modified:
08 January 2026