Accessibility Tools

moj logo

Open menu

ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (29) දින බත්තරමුල්ලේ පිහිටි රජයේ  රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේදී පැවැත්විණ.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය සහ මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය.

දිගින් දිගටම සිදුවන රස පරීක්ෂක වාර්ථා ලබා දීමේදී සිදුවන ප්‍රමාදය අවම කර ගැනීම සඳහා අවශ්‍ය වන නව කාර්ය මණ්ඩල  පුරප්පාඩු පිළිබඳව මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කල අතර මේ වන විටත් අවශ්‍ය බදවා ගැනීම් සඳහා සිදු කල යුතු මූලික වැඩ කටයුතු අවසන් වී ඇති අතර නව බඳවා ගැනීම් සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු කඩිනමින් සිදු කරන ලෙස නිලධාරීන් වෙත උපදෙස් ලබා දීම මෙහිදී සිදුවූ අතර සාකච්ඡාවෙන් පසුව රස පරීක්ෂක දෙපාර්තමේන්තු පරිශ්‍රයේ කන්ටේනර් පෙට්ටි ආධාරයෙන් අළුතින් සකස් කරමින් පවතින කාර්යාල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා අමාත්‍යතුමන් සහභාගී විය.

රජයේ රස පරීක්ෂක (රාජකාරී ආවරණ) ඒම්.ඒ.කේ.කේ.පී. පෙරේරා මහත්මිය, අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

Img 01 01 Img 01 02 Img 01 03 Img 01 04

FaLang translation system by Faboba

பதிப்புரிமை © 2026 நீதி மற்றும் தேசிய ஒருமைப்பாடு அமைச்சு.
அனைத்து உரிமைகளும் கையிருப்பில் கொண்டது.
வடிவமைப்பு மற்றும் அபிவிருத்தி Procons Infotech.

Sri Lanka 44.9% Sri Lanka
China 22.6% China
Singapore 15.4% Singapore
United States of America 7.5% United States of America
United Kingdom of Great Britain and Northern Ireland 2.5% United Kingdom of Great Britain and Northern Ireland

Total:

121

Countries
073218
Today: 1,483
This Week: 5,297
This Month: 25,728
This Year: 73,163

Last Modified:
08 January 2026