Accessibility Tools

moj logo

Open menu
  • විධිමත්  ප්‍රවාහන පද්ධතියක් ඉදිරියේදී මොරටුවේ ඇති කරනවා.
  • මොරටුවේ ප්‍රවාහන හා මහා මාර්ග ගැටළු වලට විසදුම් ලබා දෙනවා.

                                                               
                                                                           ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
මොරටුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පවතින ප්‍රවාහන හා මහා මාර්ග ගැටළු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ සහභාගිත්වයෙන් මොරටුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී ඊයේ (26) පස්වරුවේ පැවැත්විණි.

ප්‍රවාහන හා මහා මාර්ග සම්බන්ධයෙන් පවතින ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍ය නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් එම අවස්ථාවේදීම විසඳුම් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලදී.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කරන ලද ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මොරටුවේ විසදීමට නොහැකි ප්‍රවාහන ගැටළු පැවතුණා. ඒ ගැටළු සම්බන්ධයෙන් සංවර්ධන කමිටුවේ විවිධ අවස්ථාවට සාකච්ඡා වුණා. ප්‍රවාහන හා මහා මාර්ග සම්බන්ධ නොවිසදුනු ගැටළු පිළිබඳ විධිමත් සාකච්ඡාවක් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යතුමාගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලැබුවා. එහිදී පැවති ගැටළු 18 ක් සම්බන්ධයෙන් සාකච්ඡා වු අතර, ඒ හැම ගැටළුවකටම සාධණීය විසදුම් ලබා ගැනීමට හැකි වුණා. 2028 වසරේදී මොරටුවේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් මෙට්‍රෝ බස් විදුලි දුම්රිය, දුම්රිය මාර්ග ඇතුළු ඉදි කිරීම් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා වුණා. ඉතා දියුණු ප්‍රවාහන පද්ධතියක් මොරටුවේ ඇති කිරීම සම්බන්ධයෙන් විධිමත් සාකච්ඡාවක් සිදු කළ බවද අමාත්‍යතුමා සදහන් කළේය.

මොරටුව ඉදි කිරීමට යෝජිත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වර්තමාන තත්වය, මොරටුව නව ගාලු පාර හා මැද පාර අතුරු මාර්ග වැසි ජලයෙන් යටවීම, රාවතාවත්ත වට රවුමේ සිට කොස්පැලෑන පාලම දක්වා මාර්ගය පුළුල් කිරීම, පුවක් අරඹ හංදියේ සිට පහළ ඉදිබැද්ද දක්වා කිලෝමීටර් දෙකක් පමණ මාර්ගය සංවර්ධනය කිරීම, බෙලෙක් කඩේ හංදියේ සිට අඟුලාන හරහා මොරටුව දක්වා බස් රථයක් ධාවනය කිරීමේදී පවතින අවහිරතා ඉවත් කිරීම, ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත්ව තිබු කටුබැද්ද අක්කර 13 ක ඉඩම නිරවුල්කර මොරටුව නගර සංවර්ධනයට යොදා ගැනීම, පිළියන්දල කටුබැද්ද 255 බස් මාර්ගයේ බෝධිරාජ විද්‍යාලය අසළ මාර්ග බාධක යෙදවීම, ඉදිබැද්ද බස් නැවතුම්පොල ඉදි කිරීම සඳහා ඉඩමක් ලබා ගැනීම, ගාලු පාරේ මැද දුපතේ ආරක්ෂිත වැට විධිමත්ව සකස් කිරීම, අඟුලාන, එගොඩ උයන, මොරටුව, ලුනාව සහ කොරලවැල්ල දුම්රිය ස්ථාන අලංකාරවත්ව හා පිරිසිදුව තබා ගැනීම, කල්දෙමුල්ල සී.පී ද සිල්වා මාවතේ ජලනල එළිම වෙනුවෙන් මාර්ගය කැඩීම සිදු කර ඇති බැවින් එය කඩිනමින් යථා තත්වයට පත් කිරීම, මොරටුව ප්‍රධාන බස් නැවතුම් පෙළ විධිමත්ව සංවර්ධනය කිරීම, මාර්ග සංවර්ධන අධිකාරිය සතු මාර්ග පද්ධතියේ පවතින බෝක්කු නිසි පරිදි සකස් කිරීම හා මොරටුව බස් නැවතුම් පොළ පරිශ්‍රයේ හිමිකාරිත්වය යන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවේදී අවධානය යොමු විය.

මේ අතර මාර්ග කිහිපයක බස් රථ ධාවනය කිරීම කෙරෙහිද සාකච්ඡා වු අතර, ඒ අනුව බොරුපන එගොඩහේන ලක්සිරි පුර ගල්කිස්ස දක්වා බස් රථය ධාවනයේ යෙදවීම, කල්දෙමුල්ල සිට මොරටුව දක්වා පාසල් බස් රථයක් ලබාදීම සහ  විල්ලෝරාවත්ත සිට මොරටුව දක්වා පෙර තිබු බස් රථය ලබාදීම පිළිබඳව අවධානය යොමු විණි.

මොරටුව නව අධිකරණ සංකීර්ණය ඉදි කිරීම සඳහා වෙන් කර ඇති ඉඩම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වු අතර, නව අධිකරණ සංකීර්ණය ඉදි කිරීමේ කටයුතු  කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

මොරටුව මහ නගර සභාවේ නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දු, මොරටුව ප්‍රාදේශිය ලේකම්, සමන් ප්‍රසන්න කිරිවත්තුඩුව යන මහත්වරුන් නාගරික මන්ත්‍රිවරුන්, නාගරික සංවර්ධන අධිකාරිය, පළාත් ප්‍රවාහන හා මාර්ග සංවර්ධන අධිකාරිය, මොරටුව මහ නගර සභාව, මොරටුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් උසස් නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Img 01 Img 02 Img 03 Img 04

FaLang translation system by Faboba

பதிப்புரிமை © 2026 நீதி மற்றும் தேசிய ஒருமைப்பாடு அமைச்சு.
அனைத்து உரிமைகளும் கையிருப்பில் கொண்டது.
வடிவமைப்பு மற்றும் அபிவிருத்தி Procons Infotech.

Sri Lanka 44.9% Sri Lanka
China 22.6% China
Singapore 15.4% Singapore
United States of America 7.5% United States of America
United Kingdom of Great Britain and Northern Ireland 2.5% United Kingdom of Great Britain and Northern Ireland

Total:

121

Countries
073218
Today: 1,483
This Week: 5,297
This Month: 25,728
This Year: 73,163

Last Modified:
08 January 2026