Accessibility Tools

moj logo

Open menu

එක් එක් දේශපාලන බල අධිකාරීන්ගේ ක්‍රියා කලාපයන් සහ මතිමතාන්තර නිසා ජනතාවගේ මුදල් නිකරුනේ නාස්තිවෙලා

අධිකරණ ඇමති පවසයි

ගාල්ල බෙලිගහ හංදිය නව අධිකරණ සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (2026.04.23)පෙරවරුවේ එක්විය.

අනතුරුව ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ඉංජිනේරු මධ්‍යම උපදේශන කාර්යාංශය සහ අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක නිරත විය. එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අධිකරණ සංකීර්ණයේ ඉතිරි කටයුතු කඩිනමින් අවසන් කර ජූලි මස අවසන් වීමට පෙර නව උසාවි සංකීර්ණයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසයි.

2011 පමණ කාලයේ ආරම්භ කල මෙම උසාවි සංකීරණයේ වැඩ කටයුතු මෙම වසර වන විටත් අවසන් කිරීමට නොහැකි වීම අවාසනාවන්ත කරුණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ එක් එක් දේශපාලන බල අධිකාරීන්ගේ ක්‍රියා කලාපයන් සහ මතිමතාන්තර නිසා ජනතාවගේ මුදල් නිකරුනේ නාස්ති වී ඇති බවයි.

වර්තමාන රජයේ ක්‍රියාත්මක කරන වැඩසටහන් හරහා මින් ඉදිරියට එවැනි කටයුතු සිදුවීමට ඉඩ නොතබන බවද අමාත්‍යවරයා අවධාරණය කල අතර රජයේ ගොඩනැගිලි සකස් කිරීමේදී අනාගතයට සුදුසුවන පරිදි සකස් කිරීම පිලිබදවද සැලකිලිමත් වන ලෙස නිලධාරීන් වෙත උපදෙස් දෙනු ලැබීය.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හසාරා ලියනගේ මහත්මිය, අධිකරණ සහ ජාතික ඒකාබදධතා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු කුසුම් සුභසිංහ, ඉංජිනේරුමය කාර්යන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී කළ්‍යාණි ද සිල්වා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ, ඉංජිනේරුමය කාර්යන් පිලිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයේ සහ අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට ඒක විය.

මෙම සාකච්ඡාවෙන් පසුව ගාල්ල බෙලිගහ හංදිය ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින නව නීතිඥ කාර්යාල සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා ගාල්ල නීතිඥ සංගමයේ සභාපති ආසිරි ද සිල්වා මහතා සහ නීතිඥවරුන් පිරිසක් සමඟ අමාත්‍යවරයා සහභාගී විය.

Img 01 Img 02 Img 03 Img 04

FaLang translation system by Faboba

பதிப்புரிமை © 2026 நீதி மற்றும் தேசிய ஒருமைப்பாடு அமைச்சு.
அனைத்து உரிமைகளும் கையிருப்பில் கொண்டது.
வடிவமைப்பு மற்றும் அபிவிருத்தி Procons Infotech.

China 38.2% China
Sri Lanka 33.1% Sri Lanka
Singapore 13.0% Singapore
United States of America 6.8% United States of America
Viet Nam 2.7% Viet Nam

Total:

108

Countries
041681
Today: 488
This Week: 8,947
This Month: 39,945
This Year: 41,626

Last Modified:
08 January 2026