අධිකරණ ක්‍රියාවලිය පහසු කරවීම සඳහා ගරු සේවයක් ලබාදීම වෙනුවෙන් අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 108 වගන්තිය යටතේ හදිසි මරණ පරීක්ෂකවරුන් පත් කරනු ලබයි.
හදිසි මරණ පරීක්ෂකවරුන් විසින් ලබා දෙන සේවය ගරු සේවයක් බවත්, ඔවුන් එම සේවය දවසේ ඕනෑම වේලාවක ලබා දිය යුතු වේ.
මියගිය පුද්ගලයින්ගේ ඥාතින් පසුවන සංවේදී මානසික තත්වය උපයෝගි කර ගනිමින් ඇතැම් හදිසි මරණ පරීක්ෂකවරුන් එම ඥාතීන්ගෙන් අල්ලස් ලෙස මුදල් මෙන්ම වෙනත් වරදාන සහ වරප්‍රසාද ගන්නා බවට නිරන්තරයෙන් අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබේ.
ඒ සඳහා ඔවුන්ට මුදල් හෝ වෙනත් ප්‍රතිලාභයක් ලබාදීම නීති විරෝධි වන බැවින් එවැනි ප්‍රතිලාභයක් ඉල්ලා සිටියහොත් වහාම පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඒ අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ 0702724637 (වට්ස් ඇප්) අංකයට හෝ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 1954 අංකය වෙත දැනුම් දිය හැක.
ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නිතීඥ හර්ෂණ නානායක්කාර මහතා සහ කෑගල්ල, වරකාපොල, මාවනැල්ල, රුවන්වැල්ල නීතීඥ සංගම් වල නියෝජිතයින් සමග සාකච්ඡාවක් ඊයේ (04) වන දින කෑගල්ල අධිකරණ සංකීර්ණයේදී පැවැත්විණ.
කෑගල්ල අධිකරණ සංකීර්ණයේ අධිකරණමය කටයුතු කිරීමේදී ඇතිවන ගැටළු, නඩු වාර්තා ගබඩා කිරීමේදී ප්‍රමාණවත් පරිදි පහසුකම් නොමැතිවීම, නීතිඥ මහතුන්ට සහ අධිකරණ සේවකයන් වෙනුවෙන් වාහන නැවැත්වීම සඳහා සුදුසු වාහන අංගනයන් සකස් කර ගැනීම සම්බන්ධයෙන් නීතිඥ මහතුන් විසින් අමාත්‍යතුමන් දැනුවත් කල අතර එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මෙම අධිකරණ සංකීර්ණය වෙනුවට නවීන පහසුකම් සහිත මහල් හයකින් යුක්ත නව අධිකරණ සංකීර්ණයක් ඉදි කිරීම සඳහා අවශ්‍ය මූලික වැඩ කටයුතු මේ වන විටත් සකස් කර අවසන් බවයි.
එමෙන්ම වාහන නැවත්වීම සඳහා භූමියේ පිහිටීම සලකා බලා අවශ්‍ය ඉඩ පහසුකම් සහිත වාහන අංගනයක් සකස් කිරීමට සොයා බලා කටයුතු කරන ලෙස ද එම ඉදි කිරීම් කටයුතු පරිසරය ආරක්ෂා වන ආකාරයට සිදු කරන මෙන් අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත දැනුම් දුන් අතර මේ සඳහා අවශ්‍ය ප්රතිපාදනද ප්‍රමාණවත් බවද අමාත්‍යවරයා විසින් නීතිඥ මහත්ම මහත්මීන් වෙත දැනුම් දෙන ලදී.
පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී නීතිඥ සාගරිකා අතාවුද මහත්මිය, කෑගල්ල නීතිඥ සංගමයේ සභාපති ආනන්ද කුමාරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු කෑගල්ල, වරකාපොල, මාවනැල්ල, රුවන්වැල්ල යන නීතිඥ සංගම් වල නියෝජිතයින් පිරිසක් සහ අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් විය.

බන්ධනාගාරගත කාන්තා රැඳවියන්ගේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය වෙනුවෙන් ජාතික සමඟිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ (4) තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී සිදු විය.
ජාතික සමඟිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මුල් ළමා විය සංවර්ධනය පිළිබද ජාතික ලේකම් කාර්යාලය, ශ්‍රී ජයවර්ධනපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන මඟින් පෙර පාසැල් ගුරුවරුන් 15 දෙනෙකු පුහුණු කිරීමට නියමිත අතර, මුලික පියවර ලෙස වැලිකඩ බන්ධනාගාරයේ සිටින කාන්තා රැඳවියන්ගේ වයස අවුරුදු 5 ට අඩු දරුවන් වෙනුවෙන් එම බන්ධනාගාර පරිශ්‍රය තුළ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සිදු කරනු ලබයි.
ජාතික සමගිය හා ප්රතිසන්ධානය සදහා වු කාර්යාලයේ සභාපති විජිත් රොහාන් ප්‍රනාන්දු, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර, බන්ධනාගාර කොමසාරිස් එස්.කේ.පල්ලෙතැන්න, කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන, තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් සුගත් සිසිර කුමාර යන මහත්වරුන් මුල් ළමා විය සංවර්ධන නිලධාරීන් සහ පෙර පාසැල් ගුරුවරුන් සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

පානදුර අධිකරණයේ පවතින ගැටළු සම්බන්ධයෙන් සොයා බලා විසඳුම් ලබාදීම සදහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා එම අධිකරණ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක අද (03) පෙරවරුවේ නිරත විය.
පානදුර අධිකරණ සංකීර්ණය පවතින්නේ 1929 වසරේ ඉදි කරන ලද ගොඩනැගිල්ලක වන අතර, එහි පෞරාණික වටිනාකම් ආරක්ෂා වන පරිදි ප්‍රතිසංස්කරණය කිරීම, අධිකරණය වටා ඇති තාප්පය සුදුසු පරිදි සකස් කිරීම, නීතිඥ මහත්ම මහත්මීන්ට සහ අධිකරණයේ සේවාවන් ලබා ගැනීමට පැමිණෙන ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවේදී සාකච්ඡා විණි.
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ, නිලන්ති කොට්ටහච්චි, පානදුර නීතිඥ සංගමයේ සභාපති, නිතීඥ ශෙවොන් ගුණරත්න, එහි ලේකම් නීතිඥ නිල්රුවන් කුලසුරිය, නීතිඥ සුගත් හදුන්ගේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් (ඉංජිනේරු) එස්. ඒ .කේ. සුභසිංහ යන මහත්ම මහත්මීන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ඉංජිනේරු අංශයේ උසස් නිලධාරීන් සහ නීතිඥවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙරට සංචාරයක නිතර එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ විධායක මණ්ඩලයේ සභාපති Rein Tammsaar (Estonia) මහතා ඇතුළු එම අරමුදලේ විධායක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ළමුන් සම්බන්ධයෙන් පවතින නීති, වීඩියෝ තාක්ෂණ ඔස්සේ ළමුන්ට සාක්ෂි ලබාදීමේ පහසුකම්, ළමා සහ යෞවන ආඥා පනත, ළමුන් සම්බන්ධයෙන් පවතින නඩු කඩින්ම කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය.
අධිකරණයේ විභාගවන නඩු කටයුතු වලදී දරුවන්ගෙන් සාක්ෂි ළබා ගැනීමේදී විඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දීමේ හැකියාව අපරාධ නීති විධිවිධාන සංග්‍රහයේ සංශෝධනය අනුව සකස් කර ඇති අතර එම ක්‍රියාවලිය පිළිබඳ ද විනිසුරුවරුන් දැනුවත් කිරීම් සිදු කර ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව මෙහිදි අමාත්‍යවරයා කියා සිටියේය.
ළමුන් සම්බන්ධයෙන් පවතින නීති පිළිබඳව විනිසුරු පුහුණු ආයතනය දැනුවත් කිරීම සහ ශ්‍රි ලංකා නීති විද්‍යාලයේ විෂය මාලාව සඳහා ළමුන් සම්බන්ධ නීති ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු බව අමාත්‍යතුමා මෙහිදී සදහන් කළේය.
වීඩියෝ තාක්ෂණ ඔස්සේ ළමුන්ට සාක්ෂි ලබාදීමේ කාමර පහසුකම් මේ වන විට මහනුවර අධිකරණයේ ස්ථාපිත කර ඇති අතර අනෙකුත් අධිකරණ සඳහා එම පහසුකම් ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡාවේදී අවධානය යොමු විණි.
නඩු ප්‍රමාදය සම්බන්ධයෙන් සාකච්ඡාවේදී අවධානය යොමු වු අතර නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අධිකරණ පද්ධතියට අදාළ ආයතනවල පවතින පුරප්පාඩු ඒ සඳහා ප්‍රධාන හේතුවක් බවත් ඊට විසඳුම් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ විධායක මණ්ඩලයේ උප සභාපතිවරුන් වන , Sophia Tesfamariam (Eritrea), Anna Jóhannsdóttir (Iceland), Alejandra Hernandez Gonzalez (Dominican Republic), Claudio Silvio Nardi (Liechtenstein), විධායක ලේකම් කාර්යාලයේ ලේකම්, Andres Franco, විධායක මණ්ඩල ලේකම් කාර්යාලයේ කර්තෘ සහ උපාය මාර්ගික විශේෂඥ Natalie Leston යන මහත්ම මහත්මීන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

- ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක්
- මොරටුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පවතින ප්‍රවාහන හා මහා මාර්ග ගැටළු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ සහභාගිත්වයෙන් මොරටුව ප්‍රාදේශිය ල
- රත්නපුර අධිකරණයේ ඇති ගැටළු පිළිබඳව අධිකරණ ඇමතිගේ අවධානය
- ගාල්ල බෙලිගහ හංදිය නව අධිකරණ සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (2026.04.23)පෙරවරුවේ එක්විය.







