පරිපාලන/ ආයතන අංශය

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත්කරන ලද උපලේඛනගත රාජ්‍ය නිලධාරීන් හැර අනිකුත් සියලුම නිලධාරීන්ගේ සහ අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවල පරිපාලන කටයුතු කිරීම.

නීති අංශය

යුක්තිය පසිඳලීමට අදාළ නීති සදහා ප්‍රතිපත්ති සකස් කිරීම, නීති වාර්තා පලකිරීම, නීති ආධාර ලබා දීම, අපරාධ, සිවිල් සහ වාණිජ කරුණු සම්බන්‍‍ධයෙන් සහ අන්තර්ජාතික ළමා අපහරණය පිළිබඳ සිවිල් පැතිකඩයන් සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය සහයෝගීතාවය ලබා දීම සඳහා මධ්‍යම බලධාරියා වශයෙන් කටයුතු කිරීම, 1995 අංක 05 දරණ පනත යටතේ සිරකරුවන් මාරුකිරීම, ව්‍යවස්ථාකරණය පිළිබඳ කැබිනට් අනුකාරක සභා පැවැත්වීම, සිරකරුවන්ට සමාව ප්‍රදානය කිරීම පිළිබඳ නිර්දේ‍‍ශයන් ලබා දීමත් නීති අංශය මගින් ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන කාර්යයන් වේ.

ප්‍රතිසංස්කරණ අංශය

අධිකරණ අමාත්‍යාංශයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා අමාත්‍යාංශය සහ ඒ යටතේ ක්‍රියාත්මක දෙපාර්තමේන්තු සහ ආයතනවල ක්‍රියාවලීන් හා පද්ධතීන් තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් කාර්යක්ෂම හා ඵලදායී ලෙස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මෙම අංශය ස්ථාපිත කොට ඇත.

සංවර්ධන අංශය

සංවර්ධන අංශය මඟින් අධිකරණ අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනයන්හි සංවර්ධන කාර්යයන් ඉටු කිරිම හා සම්බන්ධීකරණය සිදු කරනු ලබයි.

ජාතික ඒකාබද්ධතා අංශය

ජාතික ඒකාබද්ධතා අංශය මඟින්, ජාතීන් අතර සහයෝගිතාවය සහ සහජීවනය ප්‍රතිෂ්ඨාපනය සඳහා අවශ්‍ය වැඩසටහන් හඳුන්වා දී ක්‍රියාවට නැංවීම සහ ජාතීන් අතර සංස්කෘතික, සමාජීය හා ආගමික පසුබිම අන්‍යෝන්‍ය වශයෙන් අවබෝධ කරගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීම තුළින් ශ්‍රී ලාංකේය සමාජයේ ජීවත්වන සියලු ජනවර්ග සහ ජන කණ්ඩායම්වල උරුමයන්, අනන්‍යතාවයන් සහ සංස්කෘතීන් ආරක්ෂා කරමින් වැඩසටහන් පැවැත්වීම සිදු කරනු ලබයි.

ගිණුම් අංශය

අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින දෙපාර්තමේන්තුවල සහ අධිකරණවල මූල්‍ය සැලසුම් කළමනාකරණය සහ පාලනය.

ඉංජිනේරු අංශය

කාර්යක්ෂමව හා ඵලදායීව යුක්තිය පසිඳලීම සඳහා අධිකරණ පද්ධතියට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම මෙම අමාත්‍යාංශය වෙත පැවරී ඇති ප්‍රධාන වගකීමකි. ඒ සඳහා නව යටිතල පහසුකම් සැපයීමත් පවතින පහසුකම් වැඩිදියුණු කිරීම හා පවත්වාගෙන යාමත් ඉංජිනේරු අංශයේ මූලික කාර්යභාරය වේ.

සැලසුම් අංශය

අමාත්‍යාංශයේ හා එය යටතේ පවතින දෙපාර්තමේන්තුවල කටයුතු පිළිබඳ ව්‍යාපෘති සැලසුම්සකස් කිරීම, ප්‍රගති පාලනය සහ සුපරීක්ෂණය.

අභ්‍යන්තර විගණන අංශය

අභ්‍යන්තර විගණන අංශයේ කාර්යභාරය

අමාත්‍යාංශයේ අරමුණු හා පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමේදී එම කාර්යයන් සැලසුම්ගත අයුරින් සිදුකරන්නේද යන්න මෙන්ම ඒ සඳහා අදාල මූල්‍ය, භෞතික හා මානව සම්පත් ප්‍රශස්ත මට්ටමින් උපයෝජනය කරනු ලබන්නේද යන්න සොයා බලා අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම් ලබාදීම පදනම් කර ගනිමින්,

  • අමාත්‍යාංශය, ඊට අනුබද්ධ ආයතන, දෙපාර්තමේන්තු හා අධිකරණවල මූල්‍ය කටයුතු පිළිබඳ අභ්‍යන්තර පාලන විධික්‍රමයන්හි ප්‍රමාණාත්මක හා ගුණාත්මක බව ඇගයීම හා එය අඛණ්ඩව සිදුවේද යන්න පරීක්ෂා කිරීම මෙන්ම පවතින අභ්‍යන්තර පාලන ක්‍රම වැඩිදියුණු කිරීමට යෝජනා ඉදිරිපත් කිරීම.
  • අමාත්‍යාංශය හා ඊට අයත් සියලු අස්ථිත්වවල සංවර්ධන වැඩසටහන් හා ව්‍යපෘතිවල කාර්යසාධනය අත්පත් කර ගැනීමේ ප්‍රගතිය සමාලෝචනය කර අදාල අංශ දැනුවත් කිරීම.
  • අමාත්‍යාංශය හා ඊට අයත් සියලු අස්ථිත්ව සිය අරමුණු කරා ලඟාවීමේදී, මුහුණදෙන අවදානම් කළමනාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය උපදේශන සේවා සැපයීම.

විමසීම් විස්තර

ප්‍රධාන අභ්‍යන්තර විගණක - එල්. ඩී. ටී. අයි. සිරිවර්ධන මිය

දුරකථන අංක -

ප්‍රධාන අභ්‍යන්තර විගණක - 011-2424130

පොදු - 011-2445519

කම්කරු විනිශ්චය සභා ලේකම් කාර්යාලය

හැඳින්වීම

1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනතේ 31 (ආ) වගන්තිය ප්‍රකාරව ලැබෙන පැමිණිලි සම්බන්ධ ඉල්ලුම්පත් විභාග කොට විසඳීම සඳහා කම්කරු විනිශ්චයාධිකරණයන් 39 ක් ක්‍රියාත්මකව පවතින අතර එම විනිශ්චයාධිකරණයන් සඳහා නිලධරයන් බඳවා ගැනීම, නිලධරයන්ගේ උසස්වීම්, ස්ථාන මාරුවීම්,විශ්‍රාම ගැන්වීම් සහ යටිතල පහසුකම් සැපයීම කම්කරු විනිශ්චය සභා ලේකම් කාර්යාලයේ ප්‍රධාන කාර්යයන් වේ. කම්කරු විනිශ්චයාධිකාර කාර්මික ආරවුල් නිරවුල් කිරීම පිණිස කාර්මික ආරවුල් පනත මඟින් හඳුන්වා දී ඇත.

කම්කරු විනිශ්චය අධිකාරය විසින් සහන ලබා දිය හැක්කේ කිනම් පාර්ශ්වයන්ට ද ?

  • පෞද්ගලික අංශයේ සියළු සේවකයින්.
  • ගෘහස්ථ සේවකයින්.
  • අර්ධ රාජ්‍ය ආයතන සේවකයින්. (රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය සමාගම්, කාර්යාංශ)

රාජ්‍ය සේවකයන් කාර්මික ආරවුල් පනතින් බැහැර කර ඇති බැවින් ඔවුන් සේවා නියුක්තිය හා සම්බන්ධ ආරවුල් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මූලික අයිතිවාසිකම් නඩු(ශ්‍රේෂ්ඨාධිකරණය) හා රිට් ආඥා සම්බන්ධ නඩු (අභියාචනාධිකරණය) මගින් සහන ලැබීම පිණිස සුදුසුකම් ලබන අතර අර්ධ රාජ්‍ය සේවකයින්ද රාජ්‍ය සේවකයින් හා සමානව ඉහත අයිතිවාසිකම් සඳහා හිමිකම් ලැබීම පිණිස සුදුසුකම් ලබයි. ඒ අනුව අර්ධ රාජ්‍ය සේවකයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මෙන්ම කාර්මික ආරවුල් පනත යටතේද සහන ලැබීම පිණිස සුදුසුකම් ලබයි.

කම්කරු විනිශ්චය අධිකාරයකින් ඉල්ලීමක් කළ හැක්කේ කුමන සහනයක් පතා ද ?

කාර්මික ආරවුල් පනතේ 33 වගන්තිය ප්‍රකාරව පහත සඳහන් සහන වෙනුවෙන් හිමිකම් පතා නඩුවක් ගොනු කිරීමේ හැකියාව පවතින බව පැහැදිලි වේ.

  • සේවා සමාප්තිය හා සම්බන්ධ කරුණේදී හිඟ වැටුප්.
  • පසුපඩි සහිතව හෝ රහිතව නැවත සේවය.
  • වන්දි.
  • විශ්‍රාම වැටුප්, පාරිතෝෂික හා විශ්‍රාම ප්‍රතිලාභ.
  • නැවත සේවයට පත්කිරීමේ සහනය වෙනුවෙන් වන්දි.

කාර්මික ආරවුල් පනතේ (31 ආ වගන්තිය අනුව)

  • සේවා යෝජක විසින් ප්‍රකාශිතව හෝ අනුමිත ලෙස සේවය අවසන් කිරීමකදී.
  • කිනම් ස්වභාවයේ හෝ සේවය අවසන් වීමකදී සේවය අවසන් වන අවස්ථාවට පූර්වයෙන් මාස 12ක කාලය තුළ සේවකයින් 15ට අඩු සුළු ව්‍යාපාරික ස්ථානයන්හි සේවයේ නියුතු සේවකයින්ගෙන් පාරිතෝෂික මුදල්.
  • පාරිතෝෂික පනතේ 13වන වගන්තිය ප්‍රකාරව පාරිතෝෂික අහිමි කිරීමක සාධාරණත්වය.
  • සේවා නියුක්ති කොන්දේසි හෝ සේවා තත්ත්වයන් පිළිබඳ ඇමතිවරයා විසින් සාදනු ලබන රෙගුලාසි කඩ කිරීම පිළිබඳව (මේ සම්බන්ධව මෙතෙක් රෙගුලාසි සකසා නොමැති බැවින් මෙම අධිකරණ බලය වර්තමානයේ ක්‍රියාත්මක නොවන තත්ත්වයක පවතී)

කම්කරු විනිශ්චය අධිකාරයක් වෙත නඩුවක් ගොනු කළ යුත්තේ කුමන කාලයක් තුළද ?

  • සේවා සමාප්තිය පිළිබඳ දැනුවත් වූ දින සිට මාස 06ක් ඇතුළත.

සහනයක් ලබා ගැනීම සදහා කම්කරු විනිශ්චය අධිකාරයක් වෙත අයදුම් කළ හැක්කේ කිනම් පුද්ගලයෙකුද ?

  • අයදුම්පතක් මගින් නඩුවක් ගොනු කිරීම අදාල සේවකයා විසින්ම සිදු කිරීම
  • අදාල සේවකයා වෘත්තීය සමිති සාමාජිකයෙකු වන විට එම සේවකයා වෙනුවෙන් අදාල වෘත්තීය සමිතියේ සභාපති හෝ ලේකම් විසින් නඩුවක් ගොනු කිරීම.
  • සේවකයෙකු හෝ වෘත්තීය සමිතියක් වෙනුවෙන් නීතීඥවරයෙකු විසින් නඩුවක් ගොනු කිරීම.

දැක්ම

රාජ්‍ය නොවන සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය වඩා තහවුරු කිරීම.

මෙහෙවර

ශක්තිමත් හා පුහුණු කාර්යය මණ්ඩලයක් හරහා කඩිනම් වූත්, සාධාරණ වූත් යුක්තිය පසිඳලීමේ කාර්යක්ෂම ක්‍රියාවලියක් තුලින් රාජ්‍ය නොවන සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය වඩා තහවුරු කිරීම.

කාර්යභාරය

කම්කරු විනිශ්චය සභා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මානව සම්පත් ලබා දීම හා කළමනාකරණය කිරීම කම්කරු විනිශ්චය සභා ලේකම් කාර්යාලයේ ප්‍රධාන කාර්යයන් වේ.

විමසීම් විස්තර

ලේකම්,
කම්කරු විනිශ්චය සභා ලේකම් කාර්යාලය,
නො.19,
ශ්‍රී සංඝරාජ මාවත,
කොළඹ 10.

+94 112 478 339
+94 112 320 785
ලේකම් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it./කාර්යාලය - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.