මෙහෙවර

අධිකරණවල සේවයේ නියුතු විනිසුරුවරුන් හැර අනෙකුත් උපලේඛනගත හා උපලේඛනගත නොවන නිලධාරින් පුහුණු කිරීම තුළින් අධිකරණ සේවයේ කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය ඉහළ නංවා නඩු විසඳීමේ යාන්ත්‍රණයේ ඇති ප්‍රමාදයන් අවම කර ජනතාවට වඩා යහපත් සේවයක් ලබා දීම.

අධිකරණවල සේවය කරන අධිකරණ නොවන නිලධාරීන් පුහුණු කිරීම අරමුණුකර ගනිමින් 2010 වර්ෂයේ බත්තරමුල්ල - පැලවත්තේ පිහිටි අධිකරණ අමාත්‍යාංශ ගොඩනැගිල්ලෙහි මෙම අංශය ස්ථාපිත කරන ලදී.මෙම ආයතනය මගින් මේ වන විට අධිකරණ ක්ෂේත්‍ර‍යේ රාජකාරි සිදුකරන නිලධාරින් සහ සේවකයන් පුහුණු කිරීමේ වැඩසටහන් ගණනාවක් පහත අරමුණු මුල්කර ගනිමින් පවත්වා ඇත.

  1. ආකල්ප හා විනය සංවර්ධනය.
  2. රාජකාරිය පිළිබඳ අවබෝධය.
  3. නව්‍යකරණය හා නිර්මාණකරණය.
  4. අල්ලස හා දූෂණය මැඩලීම.

විශේෂ දැන්වීම්