අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Yury Matery මහතා අතර හමුවක් අද පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි (2022.06.15)

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්වී පාර්ශ්වීක සබදතා වැඩි දියුණු කිරීම පිළිබදව මෙහිදී අවධානය යොමු විය.

දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වයක් පවතින බවත් ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා හා රුසියානු රජයේ සහයෝගය අතිශයින් වැදගත් බවත් අමාත්‍යතුමා මෙහිදී සදහන් කළේය.

ආර්ථික හා දේශපාලනික වශයෙන් දෙරට අතර පවතින සම්බන්ධතා තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සදහා ඉදිරියේදීත් කටයුතු කරන බවත්, අවශ්‍ය සෑම අවස්ථාවකදීම තම රටෙහි සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දෙන බවත්, තානාපතිතුමා එහිදී පැවසීය.

අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය හා රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරීන් මෙම අවස්ථාව සදහා එක් විය.

img 1 img 2

img 3