Accessibility Tools

moj logo

Open menu

හැඳින්වීම

1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනතේ 31 (ආ) වගන්තිය ප්‍රකාරව ලැබෙන පැමිණිලි සම්බන්ධ ඉල්ලුම්පත් විභාග කොට විසඳීම සඳහා කම්කරු විනිශ්චයාධිකරණයන් 39 ක් ක්‍රියාත්මකව පවතින අතර එම විනිශ්චයාධිකරණයන් සඳහා නිලධරයන් බඳවා ගැනීම, නිලධරයන්ගේ උසස්වීම්, ස්ථාන මාරුවීම්,විශ්‍රාම ගැන්වීම් සහ යටිතල පහසුකම් සැපයීම කම්කරු විනිශ්චය සභා ලේකම් කාර්යාලයේ ප්‍රධාන කාර්යයන් වේ. කම්කරු විනිශ්චයාධිකාර කාර්මික ආරවුල් නිරවුල් කිරීම පිණිස කාර්මික ආරවුල් පනත මඟින් හඳුන්වා දී ඇත.

කම්කරු විනිශ්චය අධිකාරය විසින් සහන ලබා දිය හැක්කේ කිනම් පාර්ශ්වයන්ට ද ?

  • පෞද්ගලික අංශයේ සියළු සේවකයින්.
  • ගෘහස්ථ සේවකයින්.
  • අර්ධ රාජ්‍ය ආයතන සේවකයින්. (රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය සමාගම්, කාර්යාංශ)

රාජ්‍ය සේවකයන් කාර්මික ආරවුල් පනතින් බැහැර කර ඇති බැවින් ඔවුන් සේවා නියුක්තිය හා සම්බන්ධ ආරවුල් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මූලික අයිතිවාසිකම් නඩු(ශ්‍රේෂ්ඨාධිකරණය) හා රිට් ආඥා සම්බන්ධ නඩු (අභියාචනාධිකරණය) මගින් සහන ලැබීම පිණිස සුදුසුකම් ලබන අතර අර්ධ රාජ්‍ය සේවකයින්ද රාජ්‍ය සේවකයින් හා සමානව ඉහත අයිතිවාසිකම් සඳහා හිමිකම් ලැබීම පිණිස සුදුසුකම් ලබයි. ඒ අනුව අර්ධ රාජ්‍ය සේවකයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මෙන්ම කාර්මික ආරවුල් පනත යටතේද සහන ලැබීම පිණිස සුදුසුකම් ලබයි.

කම්කරු විනිශ්චය අධිකාරයකින් ඉල්ලීමක් කළ හැක්කේ කුමන සහනයක් පතා ද ?

කාර්මික ආරවුල් පනතේ 33 වගන්තිය ප්‍රකාරව පහත සඳහන් සහන වෙනුවෙන් හිමිකම් පතා නඩුවක් ගොනු කිරීමේ හැකියාව පවතින බව පැහැදිලි වේ.

  • සේවා සමාප්තිය හා සම්බන්ධ කරුණේදී හිඟ වැටුප්.
  • පසුපඩි සහිතව හෝ රහිතව නැවත සේවය
  • වන්දි.
  • විශ්‍රාම වැටුප්, පාරිතෝෂික හා විශ්‍රාම ප්‍රතිලාභ.
  • නැවත සේවයට පත්කිරීමේ සහනය වෙනුවෙන් වන්දි.

කාර්මික ආරවුල් පනතේ (31 ආ වගන්තිය අනුව)

  • සේවා යෝජක විසින් ප්‍රකාශිතව හෝ අනුමිත ලෙස සේවය අවසන් කිරීමකදී.
  • කිනම් ස්වභාවයේ හෝ සේවය අවසන් වීමකදී සේවය අවසන් වන අවස්ථාවට පූර්වයෙන් මාස 12ක කාලය තුළ සේවකයින් 15ට අඩු සුළු ව්‍යාපාරික ස්ථානයන්හි සේවයේ නියුතු සේවකයින්ගෙන් පාරිතෝෂික මුදල්.
  • Dපාරිතෝෂික පනතේ 13වන වගන්තිය ප්‍රකාරව පාරිතෝෂික අහිමි කිරීමක සාධාරණත්වය.
  • සේවා නියුක්ති කොන්දේසි හෝ සේවා තත්ත්වයන් පිළිබඳ ඇමතිවරයා විසින් සාදනු ලබන රෙගුලාසි කඩ කිරීම පිළිබඳව (මේ සම්බන්ධව මෙතෙක් රෙගුලාසි සකසා නොමැති බැවින් මෙම අධිකරණ බලය වර්තමානයේ ක්‍රියාත්මක නොවන තත්ත්වයක පවතී)

කම්කරු විනිශ්චය අධිකාරයක් වෙත නඩුවක් ගොනු කළ යුත්තේ කුමන කාලයක් තුළද ?

  • සේවා සමාප්තිය පිළිබඳ දැනුවත් වූ දින සිට මාස 06ක් ඇතුළත.

සහනයක් ලබා ගැනීම සදහා කම්කරු විනිශ්චය අධිකාරයක් වෙත අයදුම් කළ හැක්කේ කිනම් පුද්ගලයෙකුද ?

  • අයදුම්පතක් මගින් නඩුවක් ගොනු කිරීම අදාල සේවකයා විසින්ම සිදු කිරීම.
  • අදාල සේවකයා වෘත්තීය සමිති සාමාජිකයෙකු වන විට එම සේවකයා වෙනුවෙන් අදාල වෘත්තීය සමිතියේ සභාපති හෝ ලේකම් විසින් නඩුවක් ගොනු කිරීම.
  • සභාපති හෝ ලේකම් විසින් නඩුවක් ගොනු කිරීම.

දැක්ම

රාජ්‍ය නොවන සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය වඩා තහවුරු කිරීම.

මෙහෙවර

ශක්තිමත් හා පුහුණු කාර්යය මණ්ඩලයක් හරහා කඩිනම් වූත්, සාධාරණ වූත් යුක්තිය පසිඳලීමේ කාර්යක්ෂම ක්‍රියාවලියක් තුලින් රාජ්‍ය නොවන සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය වඩා තහවුරු කිරීම.

කාර්යභාරය

කම්කරු විනිශ්චය සභා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මානව සම්පත් ලබා දීම හා කළමනාකරණය කිරීම කම්කරු විනිශ්චය සභා ලේකම් කාර්යාලයේ ප්‍රධාන කාර්යයන් වේ.

විමසීම් විස්තර

ලේකම්,
කම්කරු විනිශ්චය සභා ලේකම් කාර්යාලය,
නො.19,
ශ්‍රී සංඝරාජ මාවත,
කොළඹ 10.
+94 112 478 339
+94 112 320 785
 ලේකම් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it./ කාර්යාලය- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

FaLang translation system by Faboba

කතුහිමිකම © 2026 අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

China 35.7% China
Sri Lanka 34.8% Sri Lanka
Singapore 14.0% Singapore
United States of America 6.9% United States of America
Viet Nam 2.5% Viet Nam

Total:

109

Countries
045094
Today: 54
This Week: 2,845
This Month: 43,358
This Year: 45,039

Last Modified:
08 January 2026