2017 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලේ ප්‍රගතිය සොයා බැලීම සඳහා එක්සත් ජාතීන්ගේ වෙසක් දින ජාත්‍යන්තර කමිටුවේ දෙවන දින ප්‍රගති සමාලෝචන රැස්වීම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාව මෙම උළෙල සංවිධානය කිරීමට මෙතෙක් ඉටු කරන ලද කාර්යය භාරය අධ්‍යනය කර, සංවිධාන කටයුතු පිළිබඳව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින කමිටුවේ පූර්ණ අනුමැතිය ලැබී ඇතැයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යංශය අවධාරණය කරයි.

2017 මැයි මස 12 වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මැතිතුමාගේ හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උළෙල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර,“BuddhistTeaching for Social Justice and Sustainable Peace”තේමාව පදනම් කරගෙන, දෙවන දිනය ආර්ථිකය හා බුදු දහම, අධ්‍යාපනය හා බුදු දහම, ජන මාධ්‍ය හා බුදු දහම යන උප තේමා යටතේ සම්මන්ත්‍රණ පැවැත්වේ. මෙහි සමාප්ති උළෙල ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී පැවැත්වෙන බව එක්සත් ජාතීන්ගේ වෙසක් දින ලේකම් කාර්යාලය පවසයි.

සිදුවීම්