ශ්‍රී ලංකාවේ අධිකරණමය ක්‍රියාවලිය මෙන්ම බන්ධනාගාර පද්ධතියේ දියුණුව සඳහා මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් ලබාදෙන සහයෝගය ප්‍රශංසනීයයි...

(අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.)

ගරු අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පලකලේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) විසින් අධිකරණ අමාත්‍යාංශය, ප්‍රජාපාදක විශෝධක දෙපාර්තමේන්තුව හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත රාජකාරී කටයුතු ඉටුකිරීමේදී පහසුකම් සපයාගතහැකි පරිඝණක යන්ත්‍ර පනහක් සහ අවශ්‍යකරන අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදීමේ උත්සවයක් ගරු අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුන් සහ ඇමරිකානු තානාපතිනි ජූලියා චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙක් 2024.05.02 දින පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.

මෙහිදී අදහස් පලකමින් අමාත්‍යවරයා පවසා සිටියේ දීර්ඝ කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) විසින් අධිකරණමය ක්‍රියාවලිය වඩා යහපත් ආකාරයෙන් පවත්වා ගැනීම සඳහා නිරන්තරයෙන් ලබාදෙන සහයෝගය ප්‍රශංසනීය බවයි.

බොහෝ රටවල මෙන්ම මෙරට බන්ධනාගාරයන් තුළද වඩා වැඩි තදබදයක් ඇති බවත් එම හේතුව නිසා රැඳවියන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමේදී ගැටලුකාරී තත්වයකට මුහුණපෑමට සිදුවී ඇති නමුත් එම තත්වය මනාව පාලනය කිරීමට අවශ්‍යකරන යම් යම් ක්‍රියාමාර්ගයන් මේ වන විටත් ගනිමින් පවතින බවත් එම ක්‍රියාමාර්ගයන් සඳහා ඉදිරියටත් අවශ්‍ය කරන සහයෝගය මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) වෙතින් බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කලේය.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ, මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍ර හා අපරාධ වැඩසටහනේ ප්‍රධානී siri Bjune, එම සංවිධානයේ අන්තර් කලාපීය උපදේශක හා කණ්ඩායම් ප්‍රධානී Phillipp Meissner, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණි යන මහත්ම මහත්මීන් සහ අධිකරණ අමාත්‍යාංශය, ප්‍රජාපාද විෂෝදක දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්විය.

moj mt 05 02 moj mt 05 02 img 02 moj mt 05 02 img 03