ලංකා උපරිමාධිකරණ සංකීර්ණ කළමණාකරණ මණ්ඩලය ශ්රී ලංකාවේ විශිෂ්ඨතම කළමණාකරණයකින් යුතු මණ්ඩලය බවට පත් කිරීම.
උපරිමාධිකරණ සංකීර්ණ කළමණාකරණ මණ්ඩලයේ මෙහෙවර වනුයේ පවත්නා ගොඩනැගිලි නඩත්තු කිරීම සහ වැඩි දියුණු කිරිම මඟින් ඒවා භාවිතයට ගන්නා විනිශ්චයකාරවරුන්, නීතිඥවරුන්, නඩු කියන්නන්, අධිකරණ අමාත්යාංශයේ සේවකයින් සහ මාර්ෂල් කාර්යාලයේ සේවකයින්, සෙසු මහජනතාව ඇතුළුව සියළු දෙනාට තම කාර්ය කාර්යක්ෂමව සහ ඵලදායී අයුරින් ඉටු කිරීමට සහ ඉටු කරවා ගැනීමට අවශ්ය වඩාත් ජන හිතකාමී පරිසරයක් සැකසීම තුළින් ආයතනයේ දර්ශනය සාක්ෂාත් කර ගැනීම වේ.
උපරිමාධිකරණ සංකීර්ණය හා එහිගොඩනැගිලි පාලනය කිරීම,පරිපාලනය කිරීම හා ගොඩනැගිල්ලට අලුතින් කොටස් එකතු කිරීම, වෙනස් කිරීම හා පහසුකම් වැඩිදියුණූ කිරීම සඳහා 1987 අංක 50 දරණ පනත මගින් උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලය ස්ථාපිත කර ඇත. මෙම මණ්ඩලය පහත සඳහන් සාමාජිකයින්ගෙන් සමන්විත වෙයි:-
- ගරු අග්ර විනිශ්චයකාර තුමා.
- ගරු අග්ර විනිශ්චයකාර තුමා විසින් පත් කරනු ලබන ශ්රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙක්.
• අභියාචනාධිකරණයේ සභාපති තුමා.
• අභියාචනාධිකරණයේ සභාපති තුමා විසින් පත් කරනු ලබන අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයෙක්.
• අධිකරණ විෂය භාර අමාත්යාංශයේ ලේකම්වරයා.
• රාජ්ය නිවාස හා ඉදිකිරීම් අමාත්යාංශයේ ලේකම්වරයා.
• ශ්රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා.
• කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා.
• මුදල් විෂය භාර අමාත්යාංශයේ නියෝජිතයෙක් සහ ශ්රී ලංකා ප්රජාත්රාන්ත්රික සමාජවාදි
• ජනරජයේ ගරු ජනාධිපති තුමා විසින් පත් කරනු ලබන සාමාජිකයින් දෙදෙනෙක්
එයාර් වයිස් මාර්ෂල් ඉංජි. එල්.එම්.එස්.කේ. ලීලාරත්න (විශ්රාමික)
ප්රධාන විධායක නිලධාරී (මාෂල්)
+94 112 437 500
+94 112 437 530
Financial Division
Establishment of required Financial & Budgetary Controls, Preparation of Annual Budget & Final Accounts, Cash Flow Management. Liaise with Treasury/ Bank/ Auditors & Other Governmental Agencies.
Mrs. K.A.D. Udayangani Peiris
Actg. Manager Finance
+94 112 437 503
+94 112 437 522
Ms.Thamodi Wehella
Procurement Officer
+94 112 437 518
Security Division
To assure security of Judges, Lawyers, Officials and staff members of the Supreme and Appeal Courts and General public to perform their duties, providing security for Officials and Staff members and General public in Ministry of Justice and also property belongs to Supreme and Appeal Courts Civil Appeal Courts, Traffic Courts and Ministry of justice, Proper checking of Outsiders entering the premises, issuing passes and guiding them to relevant places, monitoring all vehicles entering to Superior Courts Complex premises, attending actively on fire hazards providing rescue service, maintaining proper co-ordination in emergencies, making the best effort to prevent and minimize the damages to human beings and property belongs to Superior Courts Complex in riots.
LCdr. D.M.M.B. Dissanayake RSP (Retd)
Manager Security
+94 112 437 504
Administration & Human Resource Division
Liaise with other institutions/ Officers and implement all administrative functions, Handling of the mail and implementation of other administrative functions & Board of Management decisions, Handling of HRM functions (Recruitments, Promotion, Leave, Performance Evaluation of Employees & Training etc.), Handling of Welfare & Disciplinary matters, Insurance, Tenders & Quotations, Handling the transport system, Liaise with court / labour cases relevant to the organization when required, Organizing the functions when required, performing the relevant duties in liaison with all the Divisions.
Mrs. M.C. Dilrukshi Silva
Manager Administratiion & HR
+94 112 437 501
+94 112 437 522
Vacancy - Sin/Ta/Eng
Housekeeping Division
Responsible for the cleanliness and orderliness of maintaining of all Judges Chambers, Court Rooms, Registrar Offices, Judges Quarters, Lobbies and all Public areas, attending to all arrangements for Ceremonial Sittings, Board Meetings and all other functions in the S.C.C. Building, Maintaining a record of all linen, Crockery and Toilet Requisites, Maintaining a record of all Job orders given to the Maintenance department, Maintaining an inventory of all furniture and fittings within the S.C.C. Building, Obtaining requirements for all Housekeeping purposes, supervising all pest control work.
Mrs. Nimali Fernando
Housekeeping Officer
+94 112 437 505
+94 112 437 522
“Creating a Citizen free of wrongdoing ………. ”
Development of social, economic, spiritual and Psychological spheres of minor offenders and their families by implementing a productive community corrections process with the necessary follow up
Objective
- Implementation of the Community Based Amendment Act No. 46 of 1999.
- Reducing the incarceration of minor offenders and reducing the cost of congestion and government spending.
- Development of community correctional persons psychologically, spiritually, socially and economically and their families socially and spiritually.
Visit official web site of the Department of Community Based Corrections
දැක්ම
නේවාසිකයින් පුනරුත්ථාපනය තුළින් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරිම.
මෙහෙවර
ආරක්ෂාව, රැකවරණය, පුනරුත්ථාපනය යන මූලික අරමුණු ඉටුකර ගැනීම උදෙසා නේවාසිකයින් හා බන්ධනාගාර නිලධාරීන්අතර මනා සම්බන්ධතාවයක් නිර්මාණය කරමින් ධනාත්මක චින්තනයක් ගොඩනගා නිලධාරීන්ගේ රැකියා තෘප්තිය වැඩි කිරීම තුළින් සහ සිරකරුවන්ගේ සුභසාධක කටයුතු විධිමත් කිරීම තුළින් ඔවුන්ගේ ශ්රම ඵලදායීතාවය රටට වැඩදායී ලෙස යොදාගැනීම.
අරමුණු
- බන්ධනාගාර නේවාසිකයන් විධිමත්ව පුනරුත්ථාපනය මඟින් නීති ගරුක මානව හිතවාදී පුද්ගලයන් බවට පත් කර ශිෂ්ට සම්පන්න සමාජයක් බිහි කිරීමට දායක වීම.
- බන්ධනාගාර නිලධාරීන් අභිප්රේරණය සහ දෙපාර්තමේන්තු කණ්ඩායම් හැඟීම ගොඩනැගීම.
ප්රධාන කාර්යයන්
- රට තුල කවර හෝ අධිකරණයක අධිකාරි බලය යටතේ බන්ධනාගාර ගත කරන ලද හෝ රිමාණ්ඩ් භාරයට පත් කරන ලද සෑම තරාතිරමකම සිරකරුවන් පිළිගැනීම සහ බන්ධනාගාර නීතිරීති වලට අනුකූලව ඔවුන්ගේ ආරක්ෂාව, රැකවරණය, හා නඩත්තුව සැලසීම සහ අධිකරණ වලට රිමාණ්ඩ් සිරකරුවන් ඉදිරිපත් කිරීම.
- සියළුම බන්ධනාගාර සිර කඳවුරු හා චරිත ශෝධනාගාර සම්බන්ධ පොදු විධානය හා මනා පරිපාලනය සැලැස්වීම.
- සියළුම බන්ධනාගාර සිර කඳවුරු හා චරිත ශෝධනාගාර වල රැඳවියන් සඳහා කාර්මික, කෘෂිකාර්මික, සත්ව පාලනය හා වෘත්තීය පුහුණුව ලබාදීම.
- සියළුම බන්ධනාගාර සිර කඳවුරු හා චරිත ශෝධනාගාර සඳහා සුභසාධක සේවා සැපයීම.
- විශෝධන ක්ෂේත්රය සවිමත් කිරීමට අවශ්ය පුහුණු කිරීම් සඳහා විධිවිධාන සැලසීම.
- කාලීන අවශ්යතාවට ගැලපෙන පරිදි රැඳවියන් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස පිටත් වීමට අවශ්ය සමාජ පසුබිම සැකසීම..
- බන්ධනාගාර ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීමට අදාලව බන්ධනාගාර තදබදය අවම කිරීම, නවීන තාක්ෂණය හඳුන්වාදීම, භෞතික සම්පත් වැඩිදියුණු කිරීම හා යටිතල පහසුකම් සංවර්ධනය.
- සේවා අංශයන්ට අදාල පුහුණු හා වැඩසටහන් ප්රවර්ධනය කිරීම තුලින් මනා පරිචයකින් හා සේවා තෘප්තියකින් යුත් නිලධාරීන් බිහි කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මානව සම්පත් සංවර්ධනය.
- රැඳවි පරිපාලන කටයුතු වඩාත් විධිමත්ව හා කාර්යක්ෂමව ඉටු කිරීම උදෙසා රැඳවියන්ගේ තොරතුරු කළමනාකරණ පද්ධතිය ස්ථාපනය කර ක්රියාත්මක කිරීම.
විමසීම් විස්තර
බන්ධනාගාර මුලස්ථානය,
නො.150, බේස්ලයින් පාර,
කොළඹ 09,
ශ්රී ලංකා.
+94 114 677 177
+94 114 677 180
1969 අංක 3 දරණ නීති කොමිෂන් සභා පනත යටතේ ශ්රී ලංකාවේ නීති කොමිෂන් සභාව පිහිටුවන ලද අතර, ශ්රී ලංකාවේ නීති කොමිෂන් සභාව නීති ප්රතිසංස්කරණ නිර්දේශ කරනු ලබන රජයේ ප්රධානම ආයතනය වේ. පරිපාලනය සඳහාත්, පර්යේෂණ සඳහා සහයෝගය ලබාදීම සඳහාත්, නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව ස්ථාපනය කරන ලදී.
දැක්ම
යහපාලනය උදෙසා නීතියේ ප්රතිසංස්කරණ ප්රවර්ධනය කිරීම.
මෙහෙවර
නීති ප්රතිසංස්කරණ ප්රවර්ධනය කිරීම සඳහා 1969 අංක 3 දරන නීති කොමිෂන් සභා පනතේ දක්වා ඇති කාර්යයන් ක්රියාවේ යෙදවිම.
කාර්යයන්
නීති කොමිෂන් සභාවේ ප්රධාන අරමුණ වනුයේ, නීති ප්රතිසංස්කරණ ප්රවර්ධනය කිරීම වේ. එවැනි ප්රවර්ධන අරමුණු කරගනිමින් නීති කොමිෂන් සභාව මගින් පහත දක්වා ඇති කාර්යයන් ක්රියාවට නංවනු ලබයි.
- නීතිය සංග්රහ ගත කිරීම.
- නීතියේ විෂමතා නැති කිරීම.
- හරයාත්මක නීතිය මෙන්ම කාර්ය පටිපාටික නීතියද ක්රමානුකූලව සංවර්ධනය කිරීමේ සහ ප්රතිසංස්කරණය කිරීමේ අදහසින් සමාලෝචනය කිරීම සහ පවත්වාගෙන යාම.
- කාලෝචිත නොවන සහ අනවශ්ය පනත් ඉවත් කිරීම.
- නීතිය සරල කිරීම සහ නවීකරණය කිරීම.
- නීති ප්රතිසංස්කරණය සඳහා වන යෝජනා භාරගෙන ඒවා සලකා බැලීම.
- ප්රතිසංස්කරණය කිරීමේ අදහසින් නීතියේ විවිධ අංශ පරීක්ෂා කිරීම සඳහා වන වැඩසටහන් කලින් කලට සකස්කොට අමාත්යවරයා වෙත ඉදිරිපත් කිරීම.
- වෙනත් රටවල නීති ක්රම පිළිබඳව තොරතුරු ලබා ගැනීම.
- අනු නීති මනාව පිළිගත් සිද්ධාන්තවලට හා නීතියේ මහිමයට අනුකූල වන බව සුරක්ෂිත කිරීමේ අදහසින්, පාර්ලිමේන්තුව නොවන වෙනත් මණ්ඩල විසින්, අනු නීති සෑදීමේ බලය ක්රියාත්මක කිරීම නිරන්තරයෙන් සමාලෝචනය කිරීම.
- නඩුකීම හා සම්බන්ධ පරිපාලනාත්මක ස්වභාවයේ කාර්ය පටිපාටිය ඇතුළුව නීති කාර්ය පටිපාටි තර්කාපණය කිරීම හා සරල කිරීම සඳහා වැඩසටහන් ක්රමානුකූලව සකස් කිරීම.
- සිංහල භාෂාවෙන්, දමිළ භාෂාවෙන් හා ඉංග්රීසි භාෂාවෙන් නීතිය සංග්රහ ගත කිරීම සඳහා වැඩසටහන් සකස් කිරීම.
ලේකම්
ශ්රී ලංකා නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව,
සිව්වැනි මහල,
අධිකරණ අමාත්යාංශය නව ගොඩනැගිල්ල,
අංක: 80, අධිකරණ මාවත,
කොළඹ 12.
+94 112 333 884
+94 112 333 884
නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියට පිවිසෙන්න







