අමාත්යංශයේ සුවිශේෂී ප්රමුඛතා
- ආණ්ඩුක්රම ව්යවස්ථාවේ ව්යාකූලතාවයන් ඉවත් කරමින් ජනතා පරමාධිපත්ය, ජාතික ආරක්ෂාව, සියළු පාර්ශව ආවරණය වන ආර්ථික සංවර්ධනය, මානව හිමිකම් හා නීතියේ ආධිපත්ය සහ රටේ ස්වෛරීත්වය ආරක්ෂා වන ව්යවස්ථා සංශෝධනය කිරීම.
- රටේ නීතිය, ජාත්යන්තර නීතිය සමග ජාතික අනන්යතාවය හා ස් ස්වෛරීත්වය රැකෙන පරිදි අවශ්ය ප්රතිසංස්කරණ සිදු කිරීම.
- යල්පැනගිය නීති ක්රියාපටිපාටි හා අණපනත් සංශෝධනය සඳහා සියළුම ආයතන සම්බන්ධීකරණයෙන් වැඩපිලිවෙලක් සකස් කිරීම හා ක්රියාත්මක කිරීම.
- අධිකරණ ක්ෂේත්රයට අවශ්ය යටිතල පහසුකම් හා මානව සම්පත් සංවර්ධනය හා අධිකරණ පද්ධතියේ ප්රමාදයන් වළත්වාලීම සඳහා නවීන තාක්ෂණයේ උපයෝගීතාවය ද යොදා ගනිමින් සුදුසු ක්රම වේදයක් සකස් කිරීම.
- සිවිල් ආරවුල්, අධිකරණය දක්වා නොගොස් විසඳා ගැනීම සඳහා සමථ මණ්ඩල ක්රියාවලිය බල ගැන්වීම.
- නීතිය ක්රියාත්මක කිරීමේ පටිපාටි සහ යාන්ත්රණය පිළිබඳ අදාල පුද්ගලයන්ට අවශ්ය නවින දැනුම හා තාක්ෂණික පුහුණුව ලබා දීම.
- අධිකරණ පද්ධතිය සහ ආයතන අතර සම්බන්ධී කරණය වැඩිදියුණු කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීම සදහා තොරතුරු තාක්ෂණ ආයතන සමඟ සම්බන්ධීකරණය.
දැක්ම
"යුක්තිය පසිදලීමේ කාර්යක්ෂම ක්රමයක්"
ගෝලීය උන්නතීන්ට හා ජනතා අපේක්ෂාවන්ට සරිලන පරිදි සමාජීය අවශ්යතාවයන්ට ප්රතිචාර වශයෙන් නීති ප්රතිසංස්කරණය කිරීම.
මෙහෙවර
කාර්යක්ෂම හා අර්ථවත් ලෙස යුක්තිය පසිදලීමේ අරමුණ ඇතිව ප්රතිපත්ති සැලසුම් හා වැඩසටහන් සම්පාදනය කිරීම සහ ක්රියාත්මක කිරීම.
පුරවැසියන්ගේ අයිතිවාසිකම් වඩාත් හොදින් පිලිගැනිම ආරක්ෂා කිරීම සහ ප්රවර්ධනය කිරීම සදහා නීති ප්රතිසංස්කරණය කිරීම.
දැක්ම
යහපත් රාජ්ය පාලනයක් ඇති කිරිම සඳහා නොයෙකුත් රාජ්ය ප්රතිපත්තින් නීතිය බවට පරිවර්තනය කරමින් ශ්රි ලංකා ජනරජයට සහාය වීම.
මෙහෙවර
රාජ්ය ප්රතිපත්තින්, නීතිය බවට පරිවර්තනය කිරිමේ දී ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුකූලව, ඊට අදාළ පනත් සිංහල, දෙමළ සහ ඉංග්රිසි භාෂා තුනෙන්ම සම්පාදනය කිරීම.
නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව "ඒ" ශ්රේණියේ රාජ්ය දෙපාර්තමේන්තුවකි. මෙම දෙපාර්තමේන්තුව ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අංක 1933/13, 2015.09.21 දරණ ගැසට් පත්රය අනුව අධිකරණ අමාත්යංශය භාරයේ පවතී.
නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවෙහි ප්රධාන කාර්යභාරය වනුයේ, අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලද තීරණ අනුව, ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුකූලව, විවිධ විෂයන් පිළිබඳ රාජ්ය ප්රතිපත්තීන් ලිඛිත නීතිය බවට පරිවර්තනය කිරිම ය. එසේ රාජ්ය ප්රතිපත්තීන් නීතිය බවට පරිවර්තනය කිරිමේ ක්රියාවලියේ දී දෙපාර්තමේන්තුව විසින්, නව පනත් කෙටුම්පත් සම්පාදනය කිරිම, පවත්නා නීති සංශෝධනය කිරිමේ පනත් කෙටුම්පත් සම්පාදනය කිරීම සහ අදාළ අමාත්යාංශ වලින් ඉදිරිපත් කරන අනුනීති ප්රතිශෝධනය කිරිම සිදු කරයි. පනත් කෙටුම්පත් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරිම් කාරක සභා රැස්විම්වලට සහභාගිවීම සහ පනත් කෙටුම්පත් විවාදයට ගැනීමේදි පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධීකරණය පවත්වා ගනිමින් අවශ්ය කටයුතු කිරිම දෙපාර්තමේන්තුවට පැවරි ඇති රාජකාරි කටයුතු වේ. මෙම දෙපාර්තමේන්තුව, සියලු රාජ්ය සංස්ථා හා ව්යවස්ථාපිත මණ්ඩල ද ඇතුළු සෑම අමාත්යාංශයක් හා දෙපාර්තමේන්තුවක් වෙත සේවා සලසයි. පනත් කෙටුම්පත් සහ අනුනීති සැකසීම සම්බන්ධයෙන් නොයෙකුත් අමාත්යාංශ හා රාජ්ය දෙපාර්තමේන්තුවලට නෛතික උපදෙස් ලබාදිම ද, දෙපාර්තමේන්තුව විසින් ඉටු කරනු ලබන තවත් රාජකාරියකි.
පනත් කෙටුම්පත් සම්පාදනය කිරීමට අදාළව දෙපාර්තමේන්තුවේ කර්තව්ය
- නව නීති පැනවීම සඳහාද පවත්නා නීති සංශෝධනය කිරීම සඳහා ද භාෂාත්රයෙන් පනත් කෙටුම්පත් සම්පාදනය කිරීම
- අනු නීති භාෂාත්රයෙන් ප්රතිශෝධනය කිරීම සහ (අවශ්ය අවස්ථාවල දී) අනු නීති කෙටුම්පත් කිරීම)
- ව්යවස්ථා සම්පාදනය හා සම්බන්ධ පාර්ලිමේන්තු රාජකාරි ඉටු කිරීම
- පළාත් සභා සඳහා ප්රඥප්ති කෙටුම්පත් කිරීම
- පෞද්ගලික මන්ත්රීන්ගේ පනත් කෙටුම්පත් (සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත්) භාෂාත්රයෙන් ප්රතිශෝදනය කිරීම
පනත්, උපකාරක නීති, පලාත් සභා ප්රඥප්ති සහ පෞද්ගලික මන්ත්රී පනත් කෙටුම්පත් කිරීමේ දී ඒ සම්බන්ධව අවශ්ය වන නෛතික උපදෙස් ලබා දීමද මෙම දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලැබේ.
මෙම දෙපාර්තමේන්තුවේ විශේෂ ලක්ෂණය වන්නේ, එයටම සීමා වූ වැඩසටහනක් නොතිබීමයි. අමාත්ය මණ්ඩලය විසින් නියමිත ප්රතිපත්ති අනුමත කිරීමෙන් පසුව රජයේ අමාත්යාංශවල හා එම අමාත්යාංශ යටතේ ඇති දෙපාර්තමේන්තුවල ව්යවස්ථා සම්පාදක අවශ්යතා මත දෙපාර්තමේන්තුවේ වැඩසටහන සකස්වී තිබීම ඊට හේතුවයි. එබැවින් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය, යම් නිශ්චිත වර්ෂයක් මුළුල්ලේ ප්රාථමික නීති, නීති සංශෝධන හා උපකාරක නීති සඳහා අදාළ රේඛීය අමාත්යාංශය විසින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් හා එම ඉල්ලීම් සාර්ථකව නිම කිරීම යන පදනම මත සකස් වී ඇත. දෙපාර්තමේන්තුවේ මූලික කාර්යභාරය වන නීති සම්පාදනයෙහි විෂය පථයට ඇතුළත් වන කවර ආකාරයක හෝ වූ නීති, එය ඉල්ලා සිටින අමාත්යාංශයට හෝ දෙපාර්තමේන්තුවට මුදා හැරීමට පෙර භාෂා තුනෙන් ම සම්පූර්ණ කරනු ලැබිය යුතුය.
නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිසෙන්න







